Mark Woodට ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

Sri Lanka Tour of England 2024

10
Mark Wood replaced by josh hull

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ද්විත්වය එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Mark Woodට අහිමි වී තිබෙනවා.

තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ දී ඔහුට පාදයේ ආබාධයක් නිසා ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදු වූ අතර, මේ හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකා දෙවැනි ඉනිම තුළ පන්දු යැවීම සම්පූර්ණ කිරීමට ද හැකියාව ලැබුණේ නැහැ.

කෙසේ වෙතත් මෙම තරගයේ දී එංගලන්තය විසින් Woodගේ අඩුව පුරවා ගනිමින් තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුනා.

මේ අනුව එංගලන්තය විසින් Woodගේ අඩුව පිරවීම සඳහා යොවුන් ක්‍රීඩක Josh Hull සංචිතයට කැඳවා තිබෙනවා.

තවමත් 20 හැවිරිදි වියේ පසු වන අඩි 6 අඟල් 7ක උසක් ඇති මෙම යොවුන් ක්‍රීඩකයා විසින් එංගලන්ත Lions සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු පුහුණු තරගයේ ඉනිම් දෙක තුළ දී කඩුලු 5ක් දවා ගැනීමට ද සමත් වුනා.

දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන බ්‍රහස්පතින්දා (29) ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<