ග්ලෝබල් කැනඩා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පසුගිය ජුනි 2 වැනිදා පැවැත්වුණු අතර එහි දී ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග, තිසර පෙරේරා, දසුන් ශානක හා ඉසුරු උදාන යන ක්‍රීඩකයින් එම වෙන්දේසියේ දී අලෙවි වී ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ය. ජුනි 28 වැනිදා ආරම්භ වන මේ තරගාවලිය මාසයක් පුරා පැවැත්වීමට නියමිතයි.
මාලිංග කැනඩාව දෙවනත් කරන්නට සැරසේ
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නිමා වීමෙන් පසු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග, කැනඩා ග්ලෝබල් …
ග්ලෝබල් කැනඩා විස්සයි විස්ස තරගාවලියට කණ්ඩායම් හයක් සහභාගී වන අතර කැනඩාවේ නගර නියෝජනය කරමින් මොන්ට්‍රියෙල් ටයිගර්ස්, එඩ්මන්ටන් රෝයල්ස්, විනිපෙග් ඊගල්ස්, වැන්කුවර් නයිට්ස් හා ටොරෙන්ටෝ නැෂනල්ස් යන කණ්ඩායම් පහ කැනඩාව නියෝජනය කරමින් මෙම තරගාවලියට එක්වන අතර හයවැනි කණ්ඩායම ලෙස බටහිර ඉන්දීය කොදෙව් දූපත් නියෝජනය කරමින් කණ්ඩායමක් එක්වනු ඇත.
ක්‍රීඩක වෙන්දේසියේ පළමු වටයේ දී ම ලසිත් මාලිංග මොන්ට්‍රියෙල් ටයිගර්ස් කණ්ඩායම විසින් මිල දී ගනු ලැබූ අතර තිසර පෙරේරා, ඉසුරු උදාන හා දසුන් ශානක යන ක්‍රීඩකයින් ද එම කණ්ඩායම විසින්ම මිල දී ගැනීම සුවිශේෂී සිදුවීමකි. එසේම මොන්ට්‍රියෙල් ටයිගර්ස් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක දිනේෂ් රාම්ඩීන්, කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක සුනිල් නාරයින්, සිම්බාබ්වේ කණ්ඩායමේ සිකන්දර් රාසා, පාකිස්තානු ක්‍රීඩක මොහොමඩ් හෆීස් යන ප්‍රබල ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ඇති ක්‍රීඩකයින් මොන්ට්‍රියෙල් ටයිගර්ස් කණ්ඩායම් විසින් ක්‍රීඩක වෙන්දේසියේ දී මිල දී ගනු ලැබිය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දේශීය ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගී වූ රුවිඳු ගුණසේකර, ශ්‍රීමන්ත විජේරත්න යන ක්‍රීඩකයින් ද වැන්කුවර් නයිට්ස් කණ්ඩායම විසින් ක්‍රීඩක වෙන්දේසියේ 10 වැනි හා 11 වැනි වටවල දී මිල දී ගෙන ඇත. ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකාවේ උපත ලබා කැනඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් වේ.
ඊට අමතරව පන්දුව පලුදු කිරීම නිසා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් මාස 12 තරග තහනමක් පැනවුණු ක්‍රීඩකයින් වන ස්ටීවන් ස්මිත්, ඩේවිඩ් වෝනර් මෙම ක්‍රීඩක වෙන්දේසියේ දෙවන හා තෙවන වටවල දී පිළිවෙළින් ටොරෙන්ටෝ නැෂනල්ස් හා විනිපෙග් හෝක්ස් යන කණ්ඩායම් විසින් මිල දී ගන්නා ලදි.
ක්‍රිස් ගේල්, ඩැරන් සැමී, ඩේවිඩ් මිලර්, ඩ්වෙන් බ්‍රාවෝ, ඇන්ඩෘ රසල්, එවින් ලෙවිස්, කිරන් පොලාඩ් හා ක්‍රිස් ලින් වැනි සුපිරි ක්‍රීඩා තරු රැසක්ද මෙම වෙන්දේසියේ දී කණ්ඩායම් කිහිපයක් වෙත බෙදී ගියේය.
කුසල්ලාගෙන් විශිෂ්ට හා නොදැවුණු සබඳතාවයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ආරම්භ කිරීමට පෙර පැවැත්වෙන තෙදින …
සම්පූර්ණ සංචිත:
මොන්ට්‍රියෙල් ටයිගර්ස් – ලසිත් මාලිංග, සුනිල් නාරයින්, තිසර පෙරේරා, මොහොමඩ් හෆීස්, දිනේෂ් රාම්ඩින්, සංදීප් ලැමිචෙන්, සිකන්දර් රාසා, දසුන් ශානක, ඉසුරු උදාන, ජෝර්ජ් වෝකර්, නජිබුල්ලා සද්‍රාන්, සෙසිල් ප්‍ර්වෙස්, මොහොමඩ් කලීල්, ඩිලෝන් හේලිගර්, නිකලස් ක්‍රිටෝන්, රායන්කන් පතාන්, ටොම් මූඩි (පුහුණුකරු).
එඩ්මන්ටන් රෝයල්ස් – ෂහිඩ් අෆ්රිඩි, ක්‍රිස් ලින්, ලුක් රොන්චි, මොහොමඩ් ඉෆ්රාන්, සොහෙයිල් තන්වීර්, ක්‍රිස්ටියන් ජෝන්කර්, වේන් පාර්නෙල්, අසිෆ් අලී, හසන් කාන්, අගා සල්මාන්, ශයිමාන් අන්වර්, අන්මර් කාලීඩ්, සත්සිමරන්ජිත් ධින්දාස්, අහමඩ් රාසා, සයිමන් ෆර්විස්, අබ්‍රාශ් කාන්, මොහොමඩ් අක්‍රම් (පුහුණුකරු).
විනිපෙග් ඊගල්ස් – ඩ්වෙන් බ්‍රාවෝ, ඩේවිඩ් මිලර්, ඩේවිඩ් වෝනර්, ලෙන්ඩල් සිමන්ස්, ඩැරන් බ්‍රාවෝ, ෆිඩෙල් එඩ්වර්ඩ්ස්, රයාඩ් අම්රිත්, බෙන් මැක්ද්‍රේම්ට්, අලි කාන්, හම්සා තාරික්, ජූනියර් සිද්දක්, ටියෝන් වෙබ්ස්ටර්, රිස්වාන් චීමා, හිරාල් පටෙල්, මාර්ක් ඩෙල්, කයිල් පිල්පෝ, යූනිස් කාන් (පුහුණුකරු)
වැන්කුවර් නයිට්ස් – ක්‍රිස් ගේල්, ඇන්ඩෘ රසල්, එවින් ලෙවිස්, ටිම් සවුතී, චැඩ්වික් වෝල්ටන්, ෆවාඩ් අහමඩ්, බාබර් හේට්, ශේල්ඩන් කොට්රල්, සාස් සෆාර්, රුවිඳු ගුණසේකර, ශ්‍රීමන්ත විජේරත්න, කමාවූ ලෙව්රොක්, ස්ටීවන් ජොබ්ස්, සල්මන් නසාර්, රාසී වැන්ඩර් ඩුසෙන්, ජෙරමි ගෝර්ඩ්න්, ඩොන්වන් මිලර් (පුහුණුකරු)
ටොරෙන්ටෝ නැෂනල්ස් – ඩැරන් සැමී, ස්ටීව් ස්මිත්, කිරන් පොලාඩ්, කම්රල් අක්මාල්, හුසේන් ටැලට්, රූමන් රායිස්, නිකිල් ඩියුටා, ජොන්සන් චාර්ල්ස්, කෙස්රික් විලියම්ස්, නවීඩ් අහමඩ්, නස්කාට් කාන්, ෆර්හාන් මලික්, නිතේෂ් කුමාර්, උස්මා මීර්, රොහාන් මුස්තාෆා, මුහුමඩ් ගහානි, පිල් සයිමන්ස් (පුහුණුකරු)
මෙම තරගාවලිය පුරා තරග 22ක් පැවැත්වෙන අතර ජූලි 16 වැනිදා අවසාන මහා තරගය පැවැත්වෙනු ඇත. සියලු තරග ටොරෙන්ටෝ නගරයට උතුරෙන් ඇති මේපල් ලිෆ් ක්‍රිකට් සමාජයේ ක්‍රීඩා පිටියේ පැවැත්වෙන අතර අසුන් 7000ක සිට ප්‍රේක්ෂකයින් හට තරග නැරඹීමට හැකිවන ලෙස එම ක්‍රීඩාංගණය නවීකරණය කරනු ඇත.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<