ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස හා එක්දින තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ විශේෂඥ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම මීට මාස 5කට පමණ පෙර සිදු කළ ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරග සංචාරයේ දීත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමේ විශේෂඥ පුහුණුකරු ලෙස කටයුතු කළා.
- ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා සටනට ප්‍රවේශ පත්‍ර නිකුත් කරයි
- ඕස්ට්‍රේලියානු සංචාරයේ ශ්‍රී ලංකා T20 සංචිතය
- ශ්‍රී ලංකාවට එන ඕස්ට්‍රේලියා සංචිතයේ කොරෝනා බියක්
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් මාලිංග, නිමා වූ IPL තරගාවලියේ දී Rajasthan Royals කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළා. Rajasthan Royals කණ්ඩායම 2022 IPL තරගාවලියේ අනුශූරතාව ද දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග සංචාරයට විස්සයි විස්ස තරග 3ක් ද එක්දින තරග 5ක් ද ඇතුළත්. තරගාවලිය එළඹෙන ජුනි 07 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<