ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ සහ අද (27) ක්‍රියාත්මක විය. ඒ තරගවල දී ලංකන් ක්‍රිකට් සමාජය, ගාලු ක්‍රිකට් සමාජය, ටැමිල් යූනියන්, බී. ආර්. සී, සෙබස්තියනයිට්ස් සහ නුගේගොඩ යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරගන්නට සමත් විය.
ඊයේ පැවති එකම තරගය ලංකන් සහ රාගම අතර පැවති අතර එම තරගයේ දී ලංකන් කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවෙක් වන සවාන් කන්කානම්ගේ ශතකයක් වාර්තා කරගත් අතර, එය මෙවර තරගාවලිය තුල වාර්තා වූ සිව්වැනි ශතකය විය. ඒ ශතකයට අමතරව ලහිරු ඩිල්ශාන් අර්ධ ශතකයක් ලබා ගනිමින් ලංකන් ඉනිම සවිමත් කළේය. පිළිතුරු ඉනිම දියත් කළ රාගම ඉනිම ලකුණු 169කට සීමා කරන්නට ලංකන් පන්දු යවන්නෝ සමත් වූහ.
තවත් ක්‍රිකට් පුවත් කියවන්න;
- Kohliගේ බිරිඳගෙන් Sunil Gavaskarට දැඩි විවේචන
- ඕස්ට්‍රේලියාව ඉදිරි ක්‍රිකට් තරගාවලි දෙකක් ගැන තීරණයක් ගනියි
- ලෝක ක්‍රිකට් කවුන්සිලයටත් කොරෝනා
- මංගල 100 නීති කිහිපයක් සැහැල්ලු වෙයි
- එක තරගයෙන්ම ලෝකයේම අවධානය දිනා ගත් RCB කෝඩුකාරයා
අද පැවති තරග පහේ දී පිතිකරුවන් කිහිපදෙනෙකුම අර්ධ ශතක ලබා ගනිමින් දස්කම් දැක්වූ අතර ඩිල්ශාන් කොල්ලුරේ, පවන් සංදේශ්, අමිත දාබරේ, තරුෂ සමරවික්‍රම සහ මිතිර තේනුර යන ක්‍රීඩකයින් අර්ධ ශතක ලබා ගනිමින් දස්කම් දක්වන ලදි.
බොහෝමයක් පන්දු යවන්නෝ කඩුලු 3 බැගින් දවා ගනිමින් දස්කම් දැක්වූ අතර නුගේගොඩ වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වූ නිපුන් ලක්ෂාන් ලබාගත් ලකුණු 26ට අමතරව කඩුලු 4ක් ද දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. එය නුගේගොඩ කණ්ඩායම මෙවර තරග වාරය තුල ලබා ගත් දෙවන ජයග්‍රහණය වන අතර යුද හමුදාව, කෝල්ට්ස්, එස්. එස්. සී සහ එන්. සී. සී යන කණ්ඩායම් හතර තවමත් මේ තරගාවලිය තුල අපරාජිතව සිටීම සුවිශේෂී වේ.
ලංකන් ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය
ලංකන් ක්‍රිකට් සමාජය – 272 (50): සවාන් කන්කානම්ගේ 100, ලහිරු ඩිල්ශාන් 55, කසුන් අබේරත්න 39, දමිත් සිල්වා 30, ශෂික පෙරේරා 2/29, නිපුන් කාංචන 2/57.
රාගම ක්‍රිකට් සමාජය – 169/9 (50): සංජුල බණ්ඩාර 60*, ඩෙලෝන් පීරිස් 27, සඳුන් සත්සර 3/20.
ලංකන් ක්‍රිකට් සමාජයට ලකුණු 103ක ජයක්
ගාලු ක්‍රිකට් සමාජය සහ කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය
ගාලු ක්‍රිකට් සමාජය – 260/9 (50): පවන් සංදේශ් 72, කල්ප චේතිය 62, විනුර දුල්සර 43, රුවින් පීරිස් 2/25, අසිත වන්නිනායක 2/43, සකිඳු විජේරත්න 2/51.
කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය – 228/10 (47.4): ඩිල්ශාන් කොල්ලුරේ 53, තරින්ද විජේසිංහ 42, කේෂාන් වන්නිආරච්චි 38, රවිෂ්ක විජේසිරි 3/45, විනුර දුල්සර 2/27.
ගාලු ක්‍රිකට් සමාජයට ලකුණු 32ක ජයක්
නුගේගොඩ ක්‍රිකට් සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය
නුගේගොඩ ක්‍රිකට් සමාජය – 217/9 (43): අමිත දාබරේ 52, සකුණ ලියනගේ 37, නිපුන් ලක්ෂාන් 26, මොහොමඩ් ෆාහීම් 3/37, ටාශික් පෙරේරා 2/26.
පොලිස් ක්‍රීඩා සමාජය – 163/10 (38): රෙසිඳු තිලකරත්න 30, අශෙල් සිගේරා 28, නිපුන් ලක්ෂාන් 4/57, මුදිත ලක්ෂාන් 3/24, විමුක්ති කුලතුංග 2/29.
නුගේගොඩ කණ්ඩායමට ලකුණු 54ක ජයක්
සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය සහ බදුරලිය ක්‍රිකට් සමාජය
සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය – 222/9 (50): තරුෂ සමරවික්‍රම 79, සචින් ප්‍රනාන්දු 41, තරුෂ ප්‍රනාන්දු 23, රුචිර කෝෂිත 3/29, අවිඳු තීක්ෂණ 2/32.
බදුරලිය ක්‍රිකට් සමාජය – 102/10 (32.4): මිතිර තේනුර 50, තරුෂ ප්‍රනාන්දු 3/26, නදිත් මිශේන්ද්‍ර 2/19, ප්‍රවීන් කුරේ 2/25
සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජයට ලකුණු 12ක ජයක්
බ්ලූම්ෆීල්ඩ් සහ ටැමිල් යූනියන්
බ්ලූම්ෆීල්ඩ් – 121 (47.1): රශාන් දිසානායක 28, සචිඳු කොළඹගේ 4/21, රවීන් ද සිල්වා 3/15, රවිඳු ප්‍රනාන්දු 2/20
ටැමිල් යූනියන් – 123/5 (23.4): නවෝද් පරණවිතාන 29, රවිඳු ප්‍රනාන්දු 29*, රවීන් ද සිල්වා 26*, අරවින්ත් රාජේන්ද්‍රන් 2/21.
ටැමිල් යූනියන් කණ්ඩායමට කඩුලු 5ක ජයක්
නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ බී. ආර්. සී.
නාවික හමුදා ක්‍රීඩා සමාජය – 172 (45.2): ගජිත කොටුවේගොඩ 50, රවිඳු මධුසංක 44, දසුන් සෙනෙවිරත්න 2/22, මලින්ද අභිෂේක් 2/32.
බී. ආර්. සී – 173/7 (25): නිසල් ෆ්රැන්සිස්කෝ 41, ලහිරු අත්තනායක 36*, සමිත් රංග 2/38, රවිඳු මධුසංක 2/31
බී. ආර්. සී කණ්ඩායමට කඩුලු 3ක ජයක්
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<