පැතුම් නිශ්ශංක සහ චතුරංග ද සිල්වා ශතක වාර්තා කරයි

607

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ කොළඹ එන්. සී. සී. සහ යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම අතර අද (20) කොළඹ එන්. සී. සී. පිටියේ දී ආරම්භ වූ තරගයේ දී එන්. සී. සී. කණ්ඩායමේ පැතුම් නිශ්ශංක සහ චතුරංග ද සිල්වා ශතක වාර්තා කිරීමට සමත් විය.

නිපුන් ධනංජය හා දිනුක් ඩිල්ශාන් ශතක අතරට

අනාගතයේ ලොව දිනන පාසැල් ක්‍රිකට් තරු සොයා යාමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු…

කාසියේ වාසිය දිනූ එන්. සී. සී. නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසි අතර ඔවුන් දිනය අවසන් වෙන විට කඩුලු 5ක් දැවී ලකුණු 466ක් ලබා සිටිය හ.

Photos: Ragama CC Vs. SLPA SC | Major League Tier A Tournament 2018/19

එම ඉනිම වෙනුවෙන් පැතුම් නිශ්ශංක අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 228කට මුහුණ දෙමින් හතරේ පහර 24ක් සමඟින් නොදැවී ලකුණු 188ක් ලබා ගත්තේ ය. එන්. සී. සී. ඉනිමේ අනෙක් ශතක ලාභියා වූයේ චතුරංග ද සිල්වා ය. ඔහු පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර  12ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 102ක් ලබා ගත්තේ ය. පැතුම් සහ චතුරංග අතර 5 වැනි කඩුල්ලට ලකුණු 166ක සබඳතාවත් ගොඩ නැගුණි. එය එන්. සී. සී. ඉනිමේ හොඳම ලකුණු සබඳතාව විය.

Photos: NCC v Army SC – Major League Tier A Tournament 2018/19

ඔහු තෙවැනි කඩුල්ල වෙනුවෙන් උපුල් තරංග සමඟ එක් වෙමින් ලකුණු 79ක සබඳතාවක් එක් කළේය. උපුල් තරංග පන්දු 60කට මුහුණ දී හතරේ පහර 8ක් සමඟ ලකුණු 53ක් ලබා ගත්තේ ය.

එන්. සී. සී. වෙනුවෙන් නායක ඇන්ජලෝ පෙරේරා ද පන්දු 72කට මුහුණ දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තේ ය. ඇන්ජලෝ සහ පැතුම් නිශ්ශංක අතර සිව්වැනි කඩුල්ලට ලකුණු 121ක සබඳතාවක් එක් කෙරුණි.

බිග් බෑෂ් ලීගයට පායන විදෙස් ක්‍රීඩා තරු

හෙට දිනයේ දී(19) ආරම්භ වීමට නියමිත 2018-19 බිග් බෑෂ් තරගාවලිය පසුගිය වසරවලට සාපේක්ෂව ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට වීමට…

තරගය පළමු දිනයට නතර කරන විට මහේල උඩවත්ත පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 46ක් ලබා සිටියේ ය. පැතුම්, උඩවත්ත සමඟ ද 6 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 63ක සබඳතාවක් එක් කරමින් දිනයේ කැපී පෙනෙනම පිතිකරුවා විය.

කඩුලු ලබා ගැනීමේ දී මල්ක මධුශංක ලකුණු 166කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

එන්. සී. සී.; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 466 (90): උපුල් තරංග 53, පැතුම් නිශ්ශංක නොදැවී 188, ඇන්ජලෝ පෙරේරා 59, චතුරංග ද සිල්වා 102, මහේල උඩවත්ත නොදැවී 46, මල්ක මධුශංක 2/166

හෙට (21) මෙම තරගයේ දෙවැනි දිනය වන අතර Major League ක්‍රිකට් තරගාවලියේ අනෙකුත් තරගවල විස්තර ද සමඟින් හෙට දිනයේත් ThePapare.com සමඟම රැඳී සිටින්න.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<