ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ලද Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට Chilaw Marians ක්‍රීඩිකාවෝ අද (24) සමත් වුනා. ඔවුන් අද දවසේ දී කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී Army කණ්ඩායම සමඟින් අවසන් මහා තරගයට සහභාගී වූ අතර එහි දී ලකුණු 90ක ජයග්‍රණයක් වාර්තා කිරීමට ඔවුන් සමත් වුනා.
මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් Chilaw Marians ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 205ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී Army ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 115ක් පමණයි.
Army SC කණ්ඩායම: –
අචිනි කුලසූරිය (නායිකාව), ඉමල්කා මෙන්ඩිස්, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), නෙත්මි සේනාරත්න, නිලක්ෂිකා සිල්වා, උදයාංගනී ද සිල්වා, නිලුකා කුශාන්ති, සුගන්දිකා කුමාරි, සඳනි ද සිල්වා, රන්දි ප්‍රේමරත්න සහ නිමාෂා මදුශානී.
Chilaw Marians CC කණ්ඩායම –
කවීෂා දිල්හාරි (නායිකාව), දෙව්මි විහංගා, සඳුනි නිසංසලා, ඉමේෂා දුලානි, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), මනුදි නානායක්කාර, මල්ශා මදුශානි, සචිනි නිසංසලා, කාව්‍යා කාවින්දි, සුලේශා සත්සරණි සහ නෙතුකි කුඩලිගම.
කාසියේ වාසිය දිනා ගත් Army කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Chilaw Marians ක්‍රීඩිකාවන්ගේ ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 13ක් වෙද්දී දවා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වුනා.
ඔවුන් ලබා ගත් මෙම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීම සඳහා ද ඔවුන් පන්දු 38ක් වැය කළා. එහි දී දෙව්මි විහංඟා පන්දු 20කට මුහුණ දෙමින් ලකුණු 4කට දැවී ගිය අතර අනතුරු ව පිටියට පිවිසි සඳුනි නිසංසලා ද ලකුණු 10කට දැවී ගියා.
අනතුරු ව 3 වැනි කඩුල්ලට එක් වූ ඉමේෂා දුලානි සහ නායිකා කවීශා දිල්හාරි Chilaw Marians ඉනිමේ සුවිශේෂී චරිත බවට පත් වුනා. ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 151ක දී ලකුණු 120ක් ලබා ගන්නවා.
වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා කවීශා දිල්හාරි යි. ඇය පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 80ක් ලබා ගන්නවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ ඉමේෂා දුලානි ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යන විට පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 71ක් ලබා සිටියා.
අනතුරු ව මනුදි නානායක්කාර ලකුනු 11කට දැවී ගිය අතර කවීෂා දිල්හාර 5 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 80ක් ලබා සිටියා.
ඉන් අනතුරු ව පිටියට පිවිසි සුමුදු නිසංසලා (3) සහ කාව්‍යා කාවින්දි (0) අඩු ලකුණුවලට සීමා වෙමින් දැවී යද්දී ඉනිම අවසන් වන විට සචිනි නිසංසලා (5) සහ මල්ශා මදුශානි (8) නොදැවී පිටියේ රැඳී සිටියා.
කඩුලු දවා ගැනීමේ දී නායිකා අචිනි කුලසූරිය ලකුණු 37කට කඩුලු 5ක් දවා ගත් අතර නිලක්ෂිකා සිල්වා සහ නිමාෂා මදුශාන් කඩුල්ල බැගින් දවා ගත්තා.
- Army සහ Chilaw Marians බලමුළු තර කෙරේ
- Army සහ Chilaw Marians අවසන් මහා තරගයට
- හර්ෂිතා ද ශතක ලැයිස්තුවට එක් වෙයි
- IPL ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් 19ක්
- සුගන්දිකා සහ රිශ්මි සුවිශේෂී පන්දු යැවීම්වල
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Army කණ්ඩායම ඉතා හොඳ ආරම්භයක් ලබා ගනිමින් තරගයට පිවිසියා. ඔවුන්ගේ පළමු කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව පන්දු 97ක දී ලකුණු 56ක්.
එහි දී ඉමල්කා මෙන්ඩිස් පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා සිටිය දී දැවී යමින් එම කඩුල්ලේ සබඳතාව නිමා කරනවා. එය අවාසනාවන්ත ආරම්භයක් වූ අතර එතැන් සිට කිසිඳු ලකුණක් ලබා නොදෙමින් තවත් පන්දු 10ක් තුළ කඩුලු 2ක් දැවී යනවා.
ඊට බිලි වූ පළමු පිතිකාරිනිය වන්නේ එතෙක් ආරම්භක පිතිකාරිනිය ලෙසින් තම කණ්ඩායම වෙනුවෙන් මනා පිටුවහලක් කරමින් සිටි අනුශ්කා සංජීවනීයි. ඇය තමන් මුහුණ දුන් 54 වැනි පන්දුවේ දී දැවී යද්දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා. ඊට අනතුරු ව නෙත්මි සේනාරත්න කිසිදු ලකුණක් ලබා නොගනිමින් පිටියෙන් ඉවත් වූවා.
අනතුරු ව පිටියට එක් වූ නිලක්ෂිකා සිල්වා තම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රතිවාදීන් සමඟින් හරි හරියට තරග කළා. නමුත් ඊට පසු පිටියට පිවිසි උදයාංගනී ද සිල්වා (3), සුගන්දිකා කුමාරි (5), නිලූකා කුශාන්ති (6), අචිනි කුලසූරිය (1) සහ රන්දි ප්‍රේමරත්න (1) යන ක්‍රීඩිකාවෝ තම යුතුකම් ඉටු නොකර ඔවුන්ගේ ඉනිම් ප්‍රතිවාදීන්ට බිලි දුන්නා.
ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙසින් නිලක්ෂිකා සිල්වා පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටිය දී දැවී ගිය අතර ඒ වෙද්දී Army ඉනිම කියැවුළේ කඩුලු 9ක් දැවී ලකුණු 112ක් ලෙසයි.
අනතුරු ව සඳනි ද සිල්වා ද ලකුණු 2කට දැවී ගිය අතර ඉනිම අවසන් වන විට නිමාශා මදුශානි ලකුණක් ලබා ගනිමින් නොදැවී පිටියේ රැඳී සිටියා.
කඩුලු දවා ගැනීමේ දී සඳුනි නිසංසලා ලකුණු 7කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව සුලේශා සත්සරණි ලකුණු 30කට කඩුලු 3ක් ද, සචිනි නිසංසලා කඩුලු 2ක් ද සහ කවීශා දිල්හාරි කඩුල්ලක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Chilaw Marians CC – කඩුලු 7ක් දැවී 205 (49.0) ඉමේෂා දුලානි 71, කවීෂා දිල්හාරි 80, අචිනි කුලසූරිය 5/37
Army SC – සියලුම දෙනා දැවී 115 (39.0) අනුශ්කා සංජීවනී 35, ඉමල්කා මෙන්ඩිස් 19, නිලක්ෂිකා සිල්වා 35, සචිනි නිසංසලා 2/32, සුලේශා සත්සරණි 3/30, සඳුනි නිසංසලා 4/07
Chilaw Marians කණ්ඩායමට ලකුණු 90ක ජයක්.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<