උපුල් සහ ලහිරුලා සම්මාන දිනූ T20 තරගාවලිය

අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2023

748

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරන ලද අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පසුගිය දා (11) අවසන් වූයේ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ NCC කණ්ඩායම සම ශූරයන් කරමින්.

කණ්ඩායම් 22ක් කාණ්ඩ 4ක් යටතේ තරග වැදුණ මෙම තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා එක් එක් කාණ්ඩයේ ශූරයන් සුදුසුකම් ලබා ගත්තා. ඒ අනුව NCC, Ace Capital, කෝල්ට්ස් සහ මූවර්ස් කණ්ඩායම් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් පූර්ව තරගවල දී NCC විසින් මුවර්ස් ක්‍රීඩා සමාජය පරදවමින් ද, කෝල්ට්ස් විසින් ACE Capital ක්‍රිකට් සමාජය පරදවමින් ද අවසන් මහ තරගයට සුදුසුමක් ලබා ගත්තා.

නමුත් පැවති අයහපත් කාලගුණ තත්වය මත අවසන් මහා තරගය පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදු වුනා. ඒ අනුව සංවිධායකයන්ට සිදු වූයේ කණ්ඩායම් 2 සම ශූරයන් ලෙසින් නම් කිරීමටයි.

ඒ අනුව මීට පෙර 2017/18 වසරේ ද අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් ශූරතාව දිනා ගත් NCC කණ්ඩායම එම ශූරතාව දෙවැනි වරටත් මෙවර හිමි කර ගනිද්දී, කෝල්ට්ස් ක්‍රිකට් සමාජය එම ශූරතාවට හිමිකම් කීවේ පළමු වරටයි.

කෝල්ට්ස් සහ NCC කණ්ඩායමේ ගමන් මඟ

කෝල්ට්ස් NCC
බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව කඩුලු 3ක ජයක්. පානදුර කණ්ඩායමට එරෙහිව ලකුණු 48ක ජයක්.
නුගේගොඩ කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක ජයක්. යුද හමුදා කණ්ඩායමට එරෙහිව කඩුලු 9ක ජයක්.
රාගම කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක ජයක්. ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක ජයක්.
සෙබස්තියනයිට්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 27ක ජයක්. හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 56ක ජයක්.
අවසන් පූර්ව වටය
ACE Capital කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක්. මූවර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක ජයක්.
අවසන් මහා තරගය
NCC කණ්ඩායම හා තරගය විසඳුමක් නැහැ. කෝල්ට්ස් කණ්ඩායම හා තරගය විසඳුමක් නැහැ.

තරගාවලියේ වීරයා – ලහිරු සමරකෝන්

සම ශූරයන් වූ තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ මූවර්ස් ක්‍රීඩා සමාජය නියෝජයනය කළ 26 වැනි වියේ පසුවෙන ලහිරු සමරකෝන්. තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසින් කණ්ඩායමට එක් ව සිටින ලහිරු මෙවර තරගාවලියේ දී මෙම සම්මානයට හිමිකම් කියන්නේ පන්දු යැවීමේ දී පෑ දක්ෂතා හේතුවෙන්.

දකුණතින් වේගපන්දු යවන ලහිරු නිමා වූ තරගාවලියේ දී තරග 5කට මුහුණ දෙමින් පන්දු 82ක් පමණක් යවමින් කඩුලු 13ක් දවා ගන්නවා. ඒ වෙනුවෙන් ඔහු ප්‍රතිවාදීන්ට ලබා දෙන්නේ ලකුණු 76ක් පමණයි.

තරගාවලියේ ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ CCC කණ්ඩායමට එරෙහිව ලකුණු 31කට දවා ගත් කඩුලු 4යි. එය ඔහුගේ විස්සයි විස්ස තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට ද පත්වුනා.

ඊට අමතර ව ඔහු ගාල්ල ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 05කට කඩුලු 3ක් සහ මීගමුව ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 07කට කඩුලු 3ක් ද දවා ගන්නවා. තරගාවලිය ආරම්භ කරමින් පැවති Kandy Customs ක්‍රිකට් සමාජය සමඟ තරගයේ දී ඔහුගේ දක්ෂතාව ලකුණු 09කට ලබා ගත් කඩුලු 2යි.

වමත් පිතිකරුවෙක් ලෙසින් එක් ඉනිමක දී පමණක් පිටියට පිවිසෙන ලහිරුට එම ඉනිමේ දී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 10ක් පමණයි.

තරගාවලියේ දක්ෂතම පිතිකරු – උපුල් තරංග

නිමා වූ තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් නම් කෙරුණේ NCC කණ්ඩායමේ 38 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු උපුල් තරංග.

ඔහු මෙම තරගාවලියේ දී තරග 6ක ඉනිම් 3ක දී පිටියට පිවිසෙමින් ලකුණු 195ක් ලබා ගත්තා. ඊට හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට එරෙහිව ලබා ගත් ශතකයක් ද ඇතුළත්. එය මෙවර තරගාවලියේ වාර්තා වූ එක ම ශතකය ද වුනා. ඔහු එම තරගයේ දී පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 101ක් ලබා ගැනීමට සමත් වුනා.

ඊට අමතර ව තරගාවලියේ NCC කණ්ඩායමේ ආරම්භක තරගය වූ පානදුර ක්‍රීඩා සමාජය හා තරගයේ දී පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 89ක් ද වාර්තා කිරීමට ඔහුට හැකි වුනා.

උපුල් තරංග තරගාවලිය නිමා කරන විට ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 65.00ක්.

තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන්
Player Team Mat Inns NO Runs HS Ave 100 50
1 උපුල් තරංග NCC 6 3 0 195 101 65.00 1 1
2 අවිශ්ක ප්‍රනාන්දු SSC 4 4 0 183 73 45.75 0 1
3 තනුක දාබරේ ACE Capital 5 5 0 164 59 32.79 0 2
4 කසුන් විදුර Chilaw Marians 5 5 1 156 80* 39.00 0 1
5 මිනෝද් භානුක CCC 5 5 1 155 48* 38.75 0 0

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – ලහිරු මධුශංක

නිමා වූ තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් නම් කෙරුණේ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ දකුණතින් වේගපන්දු යවන 30 හැවිරිදි වියේ පසුවෙන ලහිරු මධුශංක.

ඔහු මෙම තරගාවලියේ පළමු වටය අවසන් වන විට ලකුණු 97කට කඩුලු 10ක් ලබා ගනිමින් මෙම සම්මානයට හිමිකම් කියනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 4කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3ක ක්‍රීඩා කර ඇති ලහිරු මධුශංක මෙම තරගාවලියේ දී පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වනවා.

පන්දු යැවීමේ දී ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ නුගේගොඩ කණ්ඩායමට එරෙහිව ලකුණු 17කට ලබා ගන්නා ලද කඩුලු 4යි. ඔහු එම තරගයේ දී පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා ගැනීමට ද සමත් වෙනවා. එම ඉනිමත් සමගින් ඔහු නිමා වූ තරගාවලියේ දී ඉනිම 4ක දී ලකුණු 79ක් ලබා ගන්නවා. එහි සාමාන්‍ය 39.50ක්.

තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නෝ
Player Team Mat Inns Overs Mdns Runs Wkts Best 4
1 ලහිරු සමරකෝන් Moors 5 5 13.4 0 76 13 4/31 1
2 රොෂාන් ජයතිස්ස ACE Capital 5 5 19.0 0 124 11 4/24 1
3 අසේල් සිගේරා NCC 6 5 17.0 0 78 10 3/08 0
4 ලහිරු මධුශංක Bloomfield 4 4 16.0 1 97 10 4/17 1
5 තරින්ද නිර්මාල් Galle 5 5 18.0 0 100 10 3/21 0

ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<