T20 පිටිය වර්ෂාවට හසු වේ

73
Major Clubs T20 Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් දින තරග සියල්ල වර්ෂාව හේතුවෙන් අද (19) පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණා.

ඒ අනුව Bloomfield ක්‍රීඩා පිටියේ දී A කාණ්ඩය යටතේ පැවැත්වීමට නියමිත ව තිබූ CCC කණ්ඩායම සහ NCC කණ්ඩායම අතර තරගයත්,  Ragama ක්‍රිකට් සමාජය සහ Nugegoda ක්‍රීඩා සමාජයත් අතර තරගයත් මෙසේ අතහැර දැමුණා.

ඒ සමඟ ම එම කාණ්ඩයෙන් පළමු සහ 2 වැනි ස්ථානවලට පත් වීමට NCC සහ CCC කණ්ඩායම් සමත් වූ අතර ඔවුන් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

NCC කණ්ඩායම තරග 4ක් අවසානයේ දී තරග 3ක ජයග්‍රහණය කරමින් සහ විසඳුමක් නොමැති  තරගයත් සමඟින් ප්‍රසාද ලකුණු 7ක් ලබා ගනිමින් ද සහ CCC කණ්ඩායම තරග 4ක් අවසානයේ තරගයක ජයග්‍රහණයක් සහ නොවිසඳුණ තරග 3ක් සමඟින් ප්‍රසාද ලකුණු 3ක් ලබා ගනිමින් මෙම අදියරට එක් වුනා.

මේ අතර D කාණ්ඩය යටතේ P. Sara Oval ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ව Kurunegala Youth ක්‍රිකට් සමාජය සහ Kandy Customs ක්‍රිකට් සමාජය අතර තරගයත් සහ Bloomfield ක්‍රිකට් සමාජය සහ Colts ක්‍රිකට් සමාජය අතර තරගයත් අද අතහැර දැමුණ තරග අතරට එක් වුනා.

ඒ අනුව එම කාණ්ඩයෙන් පළමු ස්ථානයට පත් වෙන්නේ Bloomfield ක්‍රිකට් සමාජයයි. ඔවුන් තරග 4ක් අවසානයේ ජයග්‍රහණ 2ක් සහ නොවිසඳුණ තරග 2ක් සමඟින් ප්‍රසාද ලකුණු 6ක් ලබා ගැනීමට සමත් වෙනවා. එහි 2 වැනි ස්ථානය හිමි වෙන්නේ Colts ක්‍රිකට් සමාජයටයි. ඔවුන් තරග 4ක් අවසානයේ ජයග්‍රහණ 2ක්, පරාජිත තරගයක් සහ නොවිසඳුණ තරගයක් සමඟින් ප්‍රසාද ලකුණු 5ක් ලබා ගන්නවා.

ඔවුන් සමඟින් Panadura ක්‍රීඩා සමාජය ද තරග 4කට සහභාගී වෙමින් ජයග්‍රගහණ 2ක්, පරාජිත තරගයක් සහ නොවිසඳුණ තරගයක් සමඟින් ප්‍රසාද ලකුණු 5ක් ලබා ගනිමින් සම තත්ත්වයේ පසු වුනා. කෙසේ වෙතත් ලකුණු ලබා ගැනීමේ දළ වේගය අනුව Colts ක්‍රිකට් කණ්ඩායම ලකුණු 1.765ක් ලබා ගනිමින් 2 වැනි ස්ථානයට පත් වෙන අතර ලකුණු 0.509ක් ලබා ගත් Panadura ක්‍රීඩා සමාජය තෙවැනි ස්ථානයට පත් වෙනවා.

ඒ අනුව එම කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසකම් ලබා ගන්නේ Bloomfield ක්‍රිකට් සමාජය සහ Colts ක්‍රිකට් සමාජයයි.

මීට පෙර පසුගිය 17 වැනිදා නිමා වූ තරගවල දී B කාණ්ඩයෙන් Moors ක්‍රීඩා සමාජය සහ BRC කණ්ඩායම් ද, C කාණ්ඩයෙන් Tamil Union ක්‍රිකට් සමාජය සහ Ace Capita ක්‍රිකට් සමාජය ද අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියා.

ඒ අනුව පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේ තරග මේ මස 21 වැනිදා කොළඹ SSC සහ NCC ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට නියමිතයි.

SSC ක්‍රීඩාංගණය

1 වැනි අර්ධ අවසන් පූර්ව තරගය: NCC සහ Colts ක්‍රිකට් සමාජය අතර

2 වැනි අර්ධ අවසන් පූර්ව තරගය: Bloomfield ක්‍රිකට් සමාජය සහ CCC අතර තරගය

NCC ක්‍රීඩාංගණය

3 වැනි අර්ධ අවසන් පූර්ව තරගය: Moors ක්‍රීඩා සමාජය සහ Ace Capital ක්‍රිකට් සමාජය අතර තරගය

4 වැනි අර්ධ අවසන් පූර්ව තරගය: Tamil Union ක්‍රිකට් සමාජය සහ BRC අතර තරගය

Major Clubs T20 තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<