ලහිරු දවටගේ හොඳම ඉනිම ක්‍රීඩා කරයි

Major Clubs T20 Tournament

164

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 4ක් අද (18) නිමා වූ අතර එහි දී Panadura ක්‍රීඩා සමාජය නියෝජනය කරන 21 හැවිරිදි වියේ පසුවෙන ලහිරු දවටගේ තම තරග 10ක් වන පළමු පෙළ තරගවල හොඳම ඉනිම ක්‍රීඩා කිරීමට සමත් වූවා.

ඒ Colts  ක්‍රීඩා සමාජයට එරෙහි ව පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 57ක් ලබා ගනිමින්.

Colts කණ්ඩායමට එරෙහිව වාර්තා වූ මෙම ඉනිමත් සමඟින් ඔවුන් තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ද සමත් වූවා. එම ජයග්‍රහණයක් සමඟින් Panadura ක්‍රීඩා සමාජය D කාණ්ඩයෙන් 2 වැනි ස්ථානයට දක්වා ඉහළට පැමිණීමට ද සමත් වූවා.

මේ අතර NCC කණ්ඩායමේ කමිල් මිෂාර සහ සහන් ආරච්චිගේ Police කණ්ඩායමට එරෙහිව තෙවැනි කඩුල්ලට පන්දු 19ක දී ලකුණු 36ක සබඳතාවක් එක් කිරිමට සමත් වූවා. පන්දුවාර 8කට සීමා වූ එම තරගයේ දී ඔවුන්ගේ මෙම ප්‍රවේගවත් ලකුණු සබඳතාව හේතුවෙන් 5 වැනි පන්දුවාරය වෙද්දී තරගයේ ජයග්‍රහණය NCC කණ්ඩායම සතු වුනා.

එහි දී කමිල් මිෂාර පන්දු 12ක දී හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 34ක් ද සහ සහන් ආරච්චිගේ පන්දු 12ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබා ගත්තා.

මේ අතර Kurunegala Youth ක්‍රිකට් කණ්ඩායම සහ Bloomfield ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තරගය පන්දුවාර 16කට සීමා වෙමින් ආරම්භ වූව ද එම තරගය පැවැත්විමට හැකි වූයේ පන්දුවාර 7.1ක් පමණයි. තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමෙද්දී Kurunegala Youth ක්‍රීඩකයෝ 6 දෙනෙක් ලකුණු 18ක් දැවී අන්ත අසරණ තත්ත්වයකට පත් ව සිටියා.

ඔවුන් ඒ තරමින් අසරණ කිරීමේ දී Bloomfield කණ්ඩායමේ සහන් නානායක්කාර ලකුණු 3කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

මේ අතර අද මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ CCC කණ්ඩායම සහ Ragama ක්‍රිකට් කණ්ඩායම අතර තරගය ද පැවැති වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදු වූවා.

අද පැවැති තරගවල කෙටි ලකුණු පුවරු

Panadura සහ Colts  අතර NCC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

Panadura ක්‍රීඩා සමාජය කඩුලු 6ක් දැවී 162 (20.0) ඔෂද ප්‍රනාන්දු 26, ලහිරු දවටගේ 57, නිමේෂ් විමුක්ති නොදැවී 24, අකිල දනංජය 3/22

Colts  ක්‍රීඩා සමාජය – කඩුලු 8ක් දැවී 157 (20.0) යශෝධ ලංකා 27, ධනංජය ලක්ෂාන් 33, ශෙරන් ෆොන්සේකා 28, මුදිත ලක්ෂාන් නොදැවී 22, ගිමඳු මැල්කම් 2/29, විශ්ව ලහිරු 2/27, ප්‍රභාත් අසංක 2/21

Panadura කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

Police සහ NCC අතර මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

Police ක්‍රිකට් සමාජය – කඩුලු 5ක් දැවී 62 (8.0) ධනුජ ඉඳුවර 23, ලහිරු කුමාර 2/14

NCC – කඩුලු 2ක් දැවී 66 (5.0) කමිල් මිෂාර නොදැවී 34, සහන් ආරච්චිගේ නොදැවී 18, නුවන් ප්‍රදීප් 1/12

NCC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

Kurunegala Youth සහ Bloomfield අතර NCC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

Kurunegala Youth ක්‍රිකට් සමාජය – කඩුලු 6ක් දැවී 18 (7.1) සචිත ජයතිලක 2/07, සහන් නානායක්කාර 3/03

තරගයේ විසඳුමක් නෑ.

Major Clubs T20 තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<