දුනිත් සහ දුශාන් කැපී පෙණෙන දක්ෂතා දක්වයි

Major Clubs T20 Tournament

76

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 4ක් අද (17) නිමා වූ අතර එහි දී Badureliya ක්‍රීඩා සමාජයේ දුනිත් ජයතුංග සහ BRC කණ්ඩායමේ දුශාන් හේමන්ත තම විස්සයි විස්ස තරගවල සුවිශේෂී කඩඉම්වලට පිවිසීමට සමත් වූවා.

Badureliya ක්‍රීඩා සමාජයේ 23 හැවිරිදි වියේ පසුවෙන දුනිත් ජයතුංග තම තරග 11ක් වන විස්සයි විස්ස තරග පිටියේ හොඳම ඉනිම ක්‍රීඩා කරන්නේ Chilaw Marians කණ්ඩායමට එරෙහිවයි. ඔහු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 56ක් ලබා ගනිමින් එම කඩඉමට පිවිසියා.

ඊට අමතර ව BRC කණ්ඩායමේ දුශාන් හේමන්ත Moors කණ්ඩායමට එරෙහි ව ලකුණු 19කට කඩුලු 4ක් දවා ගනිමින් ඔහුගේ තරග 52ක් වන විස්සයි විස්ස තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට ද සමත් වූවා.

මේ අතර අද දවසේ දී කැපී පෙණෙන ඉනිමක නිරත වීමට Moors ක්‍රීඩා සමාජයේ සොහාන් ද ලිවේරා සමත් වූවා. ඔහු BRC කණ්ඩායමට එරෙහි ව පන්දු 29ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Moors කණ්ඩායමේ මිලාන් රත්නායක BRC කණ්ඩායමට එරෙහිව ලකුණු 12කට කඩුලු 3ක් ද, Chilaw Marians ක්‍රිකට් සමාජයේ රජින්ද පුංචිහේවා Badureliya ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 14කට කඩුලු 3ක් ද සහ Badureliya ක්‍රීඩා සමාජයේ නිර්මල රත්නායක Chilaw Marians ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 21කට කඩුලු 3ක් ද සහ දවා ගනිමින් කැපී පෙනෙන පන්දු යවන්නන් බවට පත් වුනා.

අද පැවැති තරගවල දී BRC කණ්ඩායමට එරෙහිව කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Moors ක්‍රීඩා සමාජය සමත් වූ අතර Badureliya ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනිමට Chilaw Marians ක්‍රිකට් සමාජය සමත් වූවා.

පස්වරුවේ පැවැති Ace Capital ක්‍රිකට් සමාජය සහ Tamil Union ක්‍රිකට් සමාජය අතර තරගයත් සහ SSC කණ්ඩායම සහ Negombo ක්‍රිකට් සමාජය අතර තරගයත් වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමා වූවා.

මේ අතර අද B කාණ්ඩයේ සහ C කාණ්ඩයේ පළමු වටයේ තරග අවසන් වූ අතර එහි දී  B කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසිමට Moors සහ BRC කණ්ඩායම් සමත් වූ අතර C කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට Tamil Union සහ Ace Capital කණ්ඩායම් සමත් වූවා. එම කණ්ඩායම් අතුරින් Moors ක්‍රීඩා සමාජය අපරාජිතව තම කාණ්ඩයේ පළමු ස්ථානයට පිවිසීමට සමත් වීම කැපී පෙණුනා.

අද පැවැති තරගවල කෙටි ලකුණු පුවරු

Moors සහ BRC අතර SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

 

BRC – කඩුලු 7ක් දැවී 131 (20.0) දුශාන් හේමන්ත 21, දුලාජ් අශේන් නොදැවී 19, මිලාන් රත්නායක 3/12

 

Moors ක්‍රීඩා සමාජය – කඩුලු 7ක් දැවී 132 (18.5) සොහාන් ද ලිවේරා 45, රමේෂ් මෙන්ඩිස් 22, රොහාන් සංජය නොදැවී 29, මිලාන් රත්නායක නොදැවී 11, දුශාන් හේමන්ත 4/19

Moors කණ්ඩායමට කඩුලු 3ක ජයක්.


Ace Capital සහ Tamil Union අතර SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

 

Ace Capital ක්‍රිකට් සමාජය – කිසිවෙක් නොදැවී 7 (1.0)

 

තරගයේ විසඳුමක් නෑ.


Badureliya සහ Chilaw Marians අතර P Sara Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

 

Badureliya ක්‍රීඩා සමාජය – සියලුම දෙනා දැවී 127 (15.3) කඩුලු 9ක් දැවී 110 (20.0) දුනිත් ජයතුංග 56, නිලක්ෂ කසුන් 18, රජින්ද පුංචිහේවා 3/14, කවිඳු නිර්මාණ 2/29

 

Chilaw Marians ක්‍රිකට් සමාජය – කඩුලු 6ක් දැවී 114 (18.3) ලසිත් ලක්ෂාන් 35, චමෝද් සඳරු 18, කවිඳු නිර්මාණ නොදැවී 24, නිර්මල රත්නායක 3/21, අලංකාර අසංක 2/20

 

Chilaw Marians ක්‍රිකට් සමාජයට කඩුලු 4ක ජයක්.


SSC සහ Negombo අතර P Sara Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

 

SSC කිසිවෙක් නොදැවී 12 (1.3) ශෙවෝන් ඩැනියෙල් නොදැවී 10

 

තරගයේ විසඳුමක් නෑ.

Major Clubs T20 තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<