කුසල් පෙරේරා ගෙන් වේගවත් අර්ධ ශතකයක්

127
Major Clubs T20 Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවැති තරගයක දී කුසල් ජනිත් පෙරේරා වේගවත් අර්ධ ශතකයක් වාර්තා කරමින් දිනයේ කැපී පෙණෙන පිතිකරු බවට පත් වුනා.

Police ක්‍රීඩා සමාජය නියෝජනය කරන කුසල් පෙරේරා Nugegoda ක්‍රීඩා සමාජයට එරෙහි ව පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 9ක් සමඟින් ලකුණු 75ක් ලබා ගත් අතර ඔහු තම අර්ධ ශතකය වාර්තා කරන්නට වැය කරන්නේ පන්දු 18ක් පමණක් වීම කැපී පෙණුනා.

මේ අතර අදත් සුපුරුදු ලෙසින් පන්දු යවන්නෝ වැඩි දක්ෂතා දැක් විම කැපී පෙණුනා. ඒ අනුව දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ NCC කණ්ඩායම නියෝජනය කරන දකුණතින් මඳ වේග පන්දු යවන චාමික ගුණසේකර.

ඔහු Ragama ක්‍රිකට් සමාජයට එරෙහි ව ලකුණු 09කට කඩුලු 4ක් දවා ගත් අතර එය ඔහුගේ විස්සයි විස්ස පිටියේ හොඳම පන්දු යැවීමට බවට ද පත් වුනා.

Colts ක්‍රිකට් සමාජයේ වමතින් දඟ පන්දු යවන මුදිත ලක්ෂාන් අද තම විස්සයි විස්ස තරග පිටියේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඔහු Kurunegala Youth ක්‍රිකට් කණ්ඩායම හා සමඟ පැවැති තරගයේ දී ලකුණු 18කට කඩුලු 4ක් දවා ගනිමින් මෙම කඩඉමට පිවිසියා.

මේ අතර අද පැවැති A කාණ්ඩයේ තරගවල දී NCC කණ්ඩායම Ragama ක්‍රිකට් සමාජයට එරෙහි ව ලකුණු 46ක ජයග්‍රහණයක් ද සහ Police ක්‍රීඩා සමාජය Nugegoda ක්‍රීඩා සමාජයට එරෙහි ව කඩුලු 7ක ජයග්‍රහණයක් ද වාර්තා කළා.

D කාණ්ඩයේ තරග 2ක් ද අද පැවැති අතර එහි දී Panadura ක්‍රීඩා සමාජය Kandy Customs ක්‍රිකට් සමාජයට එරෙහි ව කඩුලු 4ක ජයග්‍රහණයක් ද සහ Colts ක්‍රිකට් සමාජය Kurunegala Youth ක්‍රිකට් සමාජයට එරෙහි ව කඩුලු 6ක ජයග්‍රහණයක් ද වාර්තා කළා.

අද පැවැති තරගවල කෙටි ලකුණු පුවරු

NCC සහ Ragama අතර Bloomfield ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

NCC – කඩුලු 6ක් දැවී 153 (13.0) ලහිරු උදාර 37, සහන් ආරච්චිගේ 22, චාමික කරුණාරත්න නොදැවී 42, කවින් බණ්ඩාර 28, කෝෂාන් දනුශ්ක 2/11

Ragama ක්‍රිකට් සමාජය – සියලුම දෙනා දැවී 107 (10.2) චමත් ගෝමස් 20, පුලින තරංග 23, චාමික කරුණාරත්න 2/24, චාමික ගුණසේකර 4/09, ලහිරු කුමාර 2/27

NCC කණ්ඩායමට ලකුණු 46ක ජයක්.

Nugegoda සහ Police අතර Bloomfield ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

Nugegoda ක්‍රීඩා සමාජය – සියලුම දෙනා දැවී 127 (15.3) තිලකරත්න සම්පත් 24, පුලිඳු පෙරේරා 20, දිලුම් සුදීර 3/29, සුපුන් මධුශංක 2/23

Police ක්‍රීඩා සමාජය – කඩුලු 3ක් දැවී 128 (8.5) කුසල් පෙරේරා නොදැවී 75, විශාද් රන්දික 33, ඉන්ෂක සිරිවර්ධන 2/18

Police ක්‍රීඩා සමාජයට කඩුලු 7ක ජයක්.

Kandy Customs සහ Panadura අතර NCC පිටියේ දී.

Kandy Customs ක්‍රිකට් සමාජය – සියලුම දෙනා දැවී 98 (19.4) තෙවිඳු දික්වැල්ල 24, සහන් කෝසල 25, නදුන් ඩිල්ශාන් 20, නිමේෂ් විමුක්ති 3/10, ඉම්තියාස් ස්ලාසා 3/17

Panadura ක්‍රීඩා සමාජයකඩුලු 6ක් දැවී 102 (15.0) විශේන් හැළඹගේ 35, කාංචන ද ලිවේරා 18, තෙවිඳු දික්වැල්ල 1/09

Panadura ක්‍රීඩා සමාජයට කඩුලු 4ක ජයක්.

Kurunegala Youth සහ Colts අතර NCC පිටියේ දී.

Kurunegala Youth ක්‍රිකට් සමාජය – කඩුලු 9ක් දැවී 89 (19.0) හසිත් පෙරේරා 20, සසිඳු නානායක්කාර 20, මුදිත ලක්ෂාන් 4/18, අකිල දනංජය 2/29

Colts ක්‍රිකට් සමාජය – කඩුලු 4ක් දැවී 90 (13.1) දිනේෂ් චන්දිමාල් 38, යශෝධ ලංකා 24, තරිඳු කෞෂාල් 2/16

Colts ක්‍රිකට් සමාජයට කඩුලු 6ක ජයක්.

Major Clubs T20 තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<