ලක්ෂිත, ඩිල්ශාන් සහ පසිඳු පන්දුවෙන් දස්කම් අතරට

Major Clubs T20 Tournament 2024

157
Major Clubs T20 Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හතරක් අද (13) දිනයේ පැවැත්වුණා.

මෙම තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට මුවර්ස්, මීගමුව, BRC සහ SSC කණ්ඩායම් විසින් සමත් වුනා.

මෙම තරගවල දී මීගමුව වෙනුවෙන් මාධව වර්ණපුර, හලාවත මේරියන්ස් වෙනුවෙන් අයෝන් ප්‍රනාන්දු අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.

එමෙන්ම සිංහල ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලක්ෂිත මාණසිංහ, මීගමුව වෙනුවෙන් පසිඳු උස්හෙට්ටිගේ සහ ඩිල්ශාන් මුණවීර පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වුනා.

බදුරලිය සහ මුවර්ස් අතර

(පනාගොඩ දී)

  • බදුරලිය– 91/8 (20) අලංකාර අසංක 25, මල්ෂ තරුපති 2/7
  • මුවර්ස්– 92/8 (17.1) ඔමේෂ් මෙන්ඩිස් 16, අලංකාර අසංක 2/18

මුවර්ස් කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

මීගමුව සහ Ace Capitals අතර

(NCC ක්‍රීඩාංගණයේ දී)

  • මීගමුව– 152/9 (20) මාධව වර්ණපුර 52, හිමාෂ ලියනගේ 45, තනුක ධාබරේ 2/22
  • Ace Capitals– 135/8 (20) රවීන් ද සිල්වා 38, ඩිල්ශාන් මුණවීර 3/20, පසිඳු උස්හෙට්ටිගේ 3/26

මීගමුවට ලකුණු 17ක ජයක්.

හලාවත මේරියන්ස් සහ BRC අතර

(පනාගොඩ දී)

  • හලාවත මේරියන්ස්– 129/7 (20) අයෝන් ප්‍රනාන්දු 53, මාලින්ද පුෂ්පකුමාර 2/25
  • BRC– 133/4 (18.4) රිසිර විජේසූරිය 48*, දුශාන් හේමන්ත 34, ලසිත් ලක්ෂාන් 2/24

BRC කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

ටැමිල් යුනියන් සහ SSC අතර

(NCC ක්‍රීඩාංගණයේ දී)

  • ටැමිල් යූනියන්– 97/10 (15.4) සඳුන් වීරක්කොඩි 25, ලක්ශිත මානසිංහ 3/24
  • SSC– 98/5 (14) ක්‍රිශාන් සංජුල 48, අයන සිරිවර්ධන 2/19

SSC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

තරගාවලිය පිළිබඳ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<