ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (10) පැවති CCC සහ Nugegoda SWC අතර තරගයේ දී CCC කණ්ඩායමේ මිනෝද් භානුක නොදැවී ලකුණු 58ක් ලබා ගනිමින් තම පළමු පෙළ එක්දින තරගවල ලකුණු 2000ක් සම්පූර්ණ කිරීමට සමත් වුනා.
මිනෝද් පන්දු 39කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 58ක් වාර්තා කළ අතර ඔහු පවන්ත වීරසිංහ හා එක්ව දෙවැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 109ක සබඳතාවක් ද වාර්තා කළා. පවන්ත තම පළමු පෙළ එක්දින පිටියේ හොඳම ඉනිම වාර්තා කරමින් පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් නොදැවී ලකුණු 78ක් ලබා ගත්තා.
මේ අතර අද තම පළමු පෙළ එක්දින තරගවල ඉහළම දක්ෂතාව වාර්තා කිරීමට ක්‍රීඩකයෝ 4 දෙනෙක් සමත් වුනා. ඒ අතර පිතිකරුවෝ 3 දෙනෙක් සිටින අතර Moors කණ්ඩායමේ දිනුක ඩිල්ශාන් පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 55ක් ද, Kandy Customs කණ්ඩායමේ රශ්මික මධුශංක පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 60ක් ද සහ Lankan CC කණ්ඩායමේ යසිරු රොද්‍රිගෝ පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී 54ක් ද ලබා ගත්තා.
පන්දු යැවීමේ දී NCC කණ්ඩායමේ අසේල් සිගේරා ලකුණු 18කට කඩුලු 5ක් දවා ගනිමින් තම හොඳම පන්දු යැවීම වාර්තා කළා.
- දිනුක සහ සසික Moors පිටිය කළඹයි
- ඩිල්රුවන්ගෙන් තුන් ඉරියව් දක්ෂතා
- චන්දිමාල් ශතකයක් රැස් කරද්දී කමිඳු සහ මැතිව්ස්ගෙන් අර්ධ ශතක
- ශෙහාන් ජයසූරිය ඇමරිකා ක්‍රිකට් පිටිය දෙවනත් කරයි
- සනත් ජයසූරිය Kandy Falcons සමඟ එක්වෙයි
මේ අතර අද දවසේ දී තවත් අර්ධ ශතක ඉනිම් 5ක් වාර්තා වුනා. ඒ අතර Ace Capital කණ්ඩායමේ තනුක දාබරේ පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 89ක් ලබා ගත්තා. එය අද දේශීය පිතිකරුවෙක් වාර්තා කරන ලද ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාවයි.
ඊට අමතර Negombo කණ්ඩායමේ සඳරුවන් චින්තක පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 51ක් ද, BRC කණ්ඩායමේ තිලකරත්න සම්පත් පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 78ක් ද, SSC කණ්ඩායමේ සම්මු අශාන් පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 50ක් ද සහ Sri Lanka Army කණ්ඩායමේ ලක්ෂාන් එදිරිසිංහ පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී 61ක් ද ලබා ගත්තා.
පන්දු යැවීමේ දී Negombo කණ්ඩායමේ දනුශ්ක සඳරුවන් ලකුණු 15කට කඩුලු 5ක් දවා ගනිමින් දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර Tamil Union කණ්ඩායමේ ඩිල්රුවන් පෙරේරා ලකුණු 21කට කඩුලු 5ක් ද සහ Police SC කණ්ඩායමේ නුවන් ප්‍රදීප් ලකුණු 41කට කඩුලු 5ක් ද දවා ගනිමින් කැපී පොනන පන්දු යැවීම්වල නිරත වුනා.
මේ අතර තරගාවලිය නියෝජනය කරන විදෙස් ක්‍රීඩකයන් දෙදෙනෙක් ශතක වාර්තා කිරීම ද දවසේ කැපී පෙනෙන සිදුවීම් වුනා. ඒ අතර Chilaw Marians කණ්ඩායමේ Gourav Jathar පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 122ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ එක්දින තරගවල හොඳම ඉනිම ලෙසින් ද සටහන් වුනා.
ඊට අමතරව Sebastianite කණ්ඩායමේ විදෙස් ක්‍රීඩක Akshdeep Nath පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 8ක් සමඟින් නොදැවී 107ක් ද ලබා ගත්තා.
CCC සහ Nugegoda SWC අතර තරගය CCC ක්‍රීඩා පිටියේ දී
- Nugegoda – සියලුම දෙනා දැවී 151 (32.2) බිෂාන් මෙන්ඩිස් 20, කෙවින් පෙරේරා 20, නවීන් ප්‍රනාන්දු නොදැවී 28, අශාන් ප්‍රියංජන් 2/29, සුවත් මෙන්ඩිස් 3/41, ලක්ෂාන් සඳකැන් 2/16
- CCC – කඩුල්ලක් දැවී 156 (19.5) පවන්ත වීරසිංහ නොදැවී 78, මිනෝද් භානුක නොදැවී 58
CCCට කඩුලු 9ක ජයක්
Moors SC සහ Baduraliya CC අතර තරගය Moors ක්‍රීඩා පිටියේ දී
- Baduraliya – සියලුම දෙනා දැවී 88 (24.1) මලිඳු මධුරංග 35, ගිහාන් රූපසිංහ 19, මිලාන් රත්නායක 3/13, දිනුක ඩිල්ශාන් 2/15, චානුක ඩිල්ශාන් 3/37, ඉම්තියාස් ස්ලාසා 2/21
- Moors – කඩුල්ලක් දැවී 93 (10) සොහාන් ද ලිවේරා නොදැවී 22, දිනුක ඩිල්ශාන් නොදැවී 55
Moors SCට කඩුලු 9ක ජයක්
Police SC සහ Saracens SC අතර තරගය Police ක්‍රීඩා පිටියේ දී
- Saracens – සියලුම දෙනා දැවී 111 (27.4) චමල්ක ප්‍රනාන්දු 28, නුවන් ප්‍රදීප් 5/41, චරිත් සුදාරක 4/30
- Police – කඩුලු 6ක් දැවී 113 (19.5) Gitansh Khera 49, අශේන් බණ්ඩාර 44, ප්‍රවීන් සඳමාල් 2/21, ආකාශ් සේනාරත්න 3/49
Police කණ්ඩායමට කඩුලු 4ක ජයක්
Lankan CC සහ Ace Capital CC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී
- Lankan – සියලුම දෙනා දැවී 193 (49.5) රුවිඳු රත්නායක 44, යසිරු රොද්‍රිගෝ නොදැවී 54, පූර්ණ වන්නිතිලක 28, චානක දේවින්ද 3/26, ලසිත් කෘaස්පුල්ලේ 2/37, ශෙහාන් ප්‍රනාන්දු 3/41
- Ace Capital – කඩුලු 6ක් දැවී 194 (32) ලසිත් කෘaස්පුල්ලේ 30, තනුක දාබරේ 89, ශෙහාන් ප්‍රනාන්දු 23, ප්‍රමුද් හෙට්ටිවත්ත නොදැවී 24, රජීව වීරසිංහ 2/37, යෙසිත් රූපසිංහ 2/41, මිරංග වික්‍රමගේ 2/42
Ace Capital කණ්ඩායමට කඩුලු 4ක ජයක්
Sri Lanka Air Force SC සහ Negombo CC අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී
- Negombo – කඩුලු 8ක් දැවී 242 (50) ඩිලාශ්‍රී ලොකුබණ්ඩාර 47, ඩිල්ශාන් මුනවීර 48, Jatin Saxena 44, සඳරුවන් චින්තක 51, ගයාන් සිරිසෝම 2/39, මොවින් සුබසිංහ 3/37
- Air Force – සියලුම දෙනා දැවී 73 (21.2) චාමර ප්‍රනාන්දු 18, ඩිල්ශාන් මුණවීර 3/31, දනුශ්ක සඳරුවන් 5/15
Negombo කණ්ඩායමට ලකුණු 169ක ජයක්
Kurunegala Youth CC සහ Kandy Customs CC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩා පිටියේ දී
- Kandy Customs – සියලුම දෙනා දැවී 151 (42) රශ්මික මධුශංක 60, ලහිරු ජයරත්න 3/31, මධුරංග නවීන් 2/32, ගයාන් මනීශාන් 2/07
- Kurunegala Youth – සියලුම දෙනා දැවී 129 (34.5) ගයාන් මනීශාන් 21, ඩිල්ශාන් කොල්ලුරේ 32, සංජීවන් ප්‍රියදර්ශන 21, අරුල් ප්‍රකාශ් 3/39, මිතුන් ජයවික්‍රම 2/25, නිසල ආකාශ් 2/19, මෙතුශාන් තිළිණ 3/26
Kandy Customs කණ්ඩායමට ලකුණු 22ක ජයක්
Panadura SC සහ BRC අතර තරගය පානදුර ක්‍රීඩා පිටියේ දී
- Panadura – සියලුම දෙනා දැවී 132 (31.5) කොෂාන් ධනුෂ්ක 20, නිමේෂ් විමුක්ති නොදැවී 39, දුවිඳු තිලකරත්න 2/21, සචින්ත පීරිස් 3/18, කෙවින් කොත්තිගොඩ 2/38
- BRC – කඩුලු 4ක් දැවී 135 (23.1) තිලකරත්න සම්පත් 78, කෙවින් කොත්තිගොඩ නොදැවී 22,
BRCට කඩුලු 6ක ජයක්
Sebastianite C & AC සහ SSC අතර තරගය Bloomfield ක්‍රීඩා පිටියේ දී
- Sebastianite – සියලුම දෙනා දැවී 255 (41) Akshdeep Nath නොදැවී 107, මනේල්කර් ද සිල්වා 36, කළණ පෙරේරා 3/43, නිසල තාරක 3/44, සසික ඩිල්ශාන් 2/44
- SSC – සියලුම දෙනා දැවී 232 (48.2) ක්‍රිශාන් සංජුල 22, සම්මු අශාන් 50, චමිඳු වික්‍රමසිංහ 35, නිසල තාරක 28, කළණ පෙරේරා 32,
Sebastianiteට ලකුණු 23ක ජයක්
Tamil Union C & AC සහ NCC අතර තරගය P. Sara Oval ක්‍රීඩා පිටියේ දී
- Tamil Union – සියලුම දෙනා දැවී 105 (32.1) නවෝද් පරණවිතාන 22, කමේෂ් නිර්මාල් 26, අසේල් සිගේරා 5/18, යුගීෂ ඩිල්ශාන් 2/25, අශේන් ඩැනියෙල් 2/16
- NCC – කඩුලු 9ක් දැවී 109 (28.2) උපුල් තරංග 20, ඩිල්රුවන් පෙරේරා 5/21, රවිඳු ප්‍රනාන්දු 2/42, දිලුම් සුධීර 2/35
NCCට කඩුල්ලක ජයක්
Ragama CC සහ Sri Lanka Army SC අතර තරගය තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී
- Ragama – සියලුම දෙනා දැවී 122 (31.2) නිශාන් මධුශ්ක 21, අසංක මනෝජ් 4/43, සීක්කුගේ ප්‍රසන්න 3/27, ෂෙහද සොයිසා 3/02
- Army – කඩුලු 2ක් දැවී 125 (24.5) අශාන් රන්දික 27, ෂෙහාන් ප්‍රනාන්දු 30, ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 61
Army කණ්ඩායමට කඩුලු 8ක ජයක්
Chilaw Marians CC සහ Sri Lanka Navy SC අතර තරගය කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ දී
- Chilaw Marians – සියලුම දෙනා දැවී 225 (49.4) Gourav Jathar 122, Anuj Jotin 31, ඩිල්ශාන් සංජීව 25, ලහිරු ජයකොඩි 3/32, රොමේෂ් සුරංග 4/53, දේවින්ද අයේෂ් 2/27
- Navy – සියලුම දෙනා දැවී 157 (45.5) ලහිරු ජයකොඩි 49, මාලිංග මලිගස්පේ 47, අවිඳු තීක්ෂණ 3/32, පුලින තරංග 2/27
Chilaw Mariansට ලකුණු 68ක ජයක්
තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<