Major Club කාන්තා එක්දින තරගාවලියටත් දින තබයි

2
Major Club Women’s Invitational Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club ආරාධිත කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 02 වැනිදා සිට පැවැත්වීමට යෝජිතයි.

පෙර වසරේ දී සේ ම මෙම වසරේ දී මෙම තරගාවලිය සඳහා කාණ්ඩ 2ක් යටතේ කණ්ඩායම් 15ක් එක්වීමට නියමිත අතර තරගාවලිය තරග 52කින් සමන්විතයි.

පෙර වසරේ ශූරයන් වූ Air Force SC කණ්ඩායම මෙවර තරගාවලියේ දී A කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙන අතර ඔවුන් සමඟින් එම කාණ්ඩයට Chilaw Marians CC, Panadura SC, CCC, Baduraliya CC, NCC සහ Galle CC කණ්ඩායම් නම් කර තිබෙනවා.

පෙර වසරේ අනුශූරියන් වූ  Army SC මෙවර තරගාවලියට එක් වෙන්නේ B කාණ්ඩයෙනුයි. ඔවුන් සමඟින් Navy SC,          Colts CC, Tamil Union C & AC, SSC, Kurunegala Youth CC, ACE Capital CC සහ BRC කණ්ඩායම් එම කාණ්ඩයට එක් කර තිබෙනවා.

තරගාවලියේ පළමු වටයේ තරග සැප්තැම්බර් මස 02 වැනිදා සිට සැප්තැම්බර් මස 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව අවසන් වෙන පළමු වටයෙන් ප්‍රසාද ලකුණු මත එක් එක් කාණ්ඩයේ 1 වැනි සහ 2 වැනි කණ්ඩායම් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා. ඒ අනුව පැවැත්වෙන අවසන් පූර්ව තරග සැප්තැම්බර් මස 26 වැනිදා පැවැත්විමට යෝජිතයි.

තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ සැප්තැම්බර් මස 30 වැනිදායි.

තරගාවලියේ කාලසටහන එළිදැක්වීම මේ මස 27 වැනිදා සිදු කිරීමට නියමිතයි.

Major Club ආරාධිත කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<