ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් (07) අද Bloomfield පිටියේ දී නිමා වූවා.
එහි දී Galle කණ්ඩායමට එරෙහි ව ලකුණු 205ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට CCC කණ්ඩායම සමත් වුනා.
පළමුවෙන් පන්දුවට පහර දුන් CCC ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලකුණු 263ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Galle ක්‍රීඩිකාවෝ ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 59ක් පමණයි.
මෙහි දී CCC කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකාරිනියන් වූ නායිකා විශ්මි ගුණරත්න සහ සඳලි වීරසිංහ පන්දු 131කට මුහුණ දෙමින් පළමු කඩුල්ලට ලකුණු 119ක සබඳතාවක් එක් කිරීමට සමත් වීම කැපී පෙණුනා.
එහි දී විශ්මි ගුණරත්න පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 67ක් ද සහ සඳලි වීරසිංහ පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 52ක් ද ලබා ගත්තා.
ඊට අමතරව ලිමංසා තිලකරත්න පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වූවා. ඇය ශිකරි ද සිල්වා සමඟ එක් වෙමින් 5 වැනි කඩුල්ලට පන්දු 56කදී ලකුණු 50ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වුනා.
කඩුලු දවා ගැනීමේ දී මිහිනි ඕවින්දි සහ අයේශා මධුශානි කඩුලු 3 බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Galle කණ්ඩායමේ කිසිදු ක්‍රීඩිකාවක් ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් ලබා නොගත් අතර වැඩිම ලකුණුලාභිනිය වූයේ පුන්සරණි ප්‍රබෝධා. ඇය පන්දු 21කට ලකුණු 21ක් ලබා ගත්තා.
කෙසේ වෙතත් ඔවුන්ගේ ඉනිමේ අතිරේක ලකුණු 25ක් එක් වෙද්දී නෙත්මි පෙරේරා ලකුණු 11කට කඩුලු 5ක් ද සහ හෂිනි ලියනගේ ලකුණු 16කට කඩුලු 3ක් දවා ගත්තා.
- Lanka T10 තරගාවලිය පල්ලෙකැලේට
- නිමේෂා මධුශානි හොඳම පන්දු යැවීම වාර්තා කරයිhala-2/
- Hong Kong Sixers කිරුළ ශ්‍රී ලංකාවට!
- නිලක්ෂිකා ගෙන් ශතකයක්
- පානදුර ජයග්‍රහණයට යසන්තිගෙන් අභීත මෙහෙයුමක්
තරගයේ කෙටි ලකුණු සටහන් පුවරු
CCC – සියලුම දෙනා දැවී 263 (47.4) විශ්මි ගුණරත්න 67, සඳලි වීරසිංහ 52, උමායා රත්නායක 24, ශිකරි ද සිල්වා 23, ලිමංසා තිලකරත්න 30, අයේෂා මධුශානි 3/43, මිහිනි ඕවින්දි 3/42
Galle CC – සියලුම දෙනා දැවී 59 (24.2) පුන්සරණි ප්‍රබෝධා 9, නෙත්මි පෙරේරා 5/11, හෂිනි ලියනගේ 3/16
CCC කණ්ඩායමට ලකුණු 204ක ජයක්.
Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <