ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (20) නිමා වූ තරගවල දී Army කණ්ඩායම සහ Chilaw Marians කණ්ඩායම් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
තරගාවලියේ Army කණ්ඩායම සහ Air Force කණ්ඩායම අතර පැවැති පළමු අවසන් පූර්ව තරගයේ දී Army කණ්ඩායමට කඩුලු 6ක ජයග්‍රහණයක් ද සහ Navy කණ්ඩායම සහ Chilaw Marians කණ්ඩායම අතර පැවැති තරගයේ දී Chilaw Marians කණ්ඩායම කඩුලු 4ක් ලබා ගනිමින් ද මෙම අවස්ථාව උදා කර ගත්තා.
1 වැනි අවසන් පූර්ව තරගය
Army SC සහ Air Force SC අතර තරගය, කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය දිනා ගත් Army කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Air Force ක්‍රීඩිකාවෝ කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 108ක් පමණයි.
එම ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 6කට දැවී යමින් ඉතා අසාධ්‍ය තත්ත්වයේ සිටිය දී ඩිලාන් මනෝදරා හා සඳුනි අබේවික්‍රම එක් ව 4 වැනි කඩුල්ලට ලකුණු 71ක සබඳතාවක් එක් කිරීමට සමත් වුනා.
එහි දී ඩිලානි මනෝදරා පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහක් සමඟින් ලකුණු 41ක් වාර්තා කළ අතර සඳුනි අබේවික්‍රම පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා.
අනෙක් කිසිදු පිතිකාරිනියකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට ප්‍රතිවාදී Army ක්‍රීඩිකාවෝ ඉඩ ලබා නොදුන් අතර එහි දී වැඩි දායකත්වයක් දැක් වූයේ සඳනි ද සිල්වා යි. ඇය ලකුණු 15කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
ඊට අමතර ව රංදි ප්‍රේමරත්න කඩුලු 2ක් ද, අචිනි කුලසූරිය සහ සුගන්දිකා කුමාරි කඩුල්ල බැගින් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Army ක්‍රීඩිකාවෝ කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේ තවත් පන්දුවාර 21ක් සහ පන්දුවක් ද ඉතිරි ව තබා ගනිමිනුයි.
එම ඉනිම වෙනුවෙන් දක්ෂතා දැක් වූවන් අතුරින් ඉදිරියෙන් ම කියැවෙන්නේ ආරම්භක පිතිකාරිනී අනුශ්කා සංජීවනීගේ නමයි. ඇය පන්දු 61කට මුහුණ දෙමින් හතරෙ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.
ඊට අමතර ව නිලක්ෂිකා සිල්වා පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 27ක් ද සහ ඉමල්කා මෙන්ඩිස් පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී තරුෂි තත්සරණි ලකුණු 30කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව ඔෂදී රණසිංහ කඩුල්ලක් දවා ගත්තා.
Air Force SC – කඩුලු 9ක් දැවී 108 (50.0) සඳුනි අබේවික්‍රම 22, ඩිලානි මනෝදරා 41, රංදි ප්‍රේමරත්න 2/17, සඳනි ද සිල්වා 5/15
Army SC – කඩුලු 4ක් දැවී 113 (28.1) අනුශ්කා සංජීවනී 34, ඉමල්කා මෙන්ඩිස් 22, නිලක්ෂිකා සිල්වා 27, තරුෂි තත්සරණි 2/30
Army කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
- හර්ෂිතා ද ශතක ලැයිස්තුවට එක් වෙයි
- ඔෂදී රණසිංහ දක්ෂ පන්දු යැවීමක
- IPL ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් 19ක්
- සුගන්දිකා සහ රිශ්මි සුවිශේෂී පන්දු යැවීම්වල
- චමරි තවදුරටත් UP Warriorz සමඟ රැඳෙයි
2 වැනි අවසන් පූර්ව තරගය
Navy SC සහ Chilaw Marians CC අතර තරගය, බොරැල්ල P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය දිනූ Chilaw Marians කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Navy ක්‍රීඩිකාවෝ තම පන්දුවාර කෝටාව තුළ ලබා ගත්තේ කඩුලු 7ක් දැවී ලකුණු 187ක් පමණයි.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ හංසිමා කරුණාරත්න යි. ඇය පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 60ක් ලබා ගන්නවා. ඇයට අමතර ව කණ්ඩායමේ නායිකා හසිනි පෙරේරා පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ද සහ පසු පෙළින් පිටියට පිවිසි තාරුකා සෙව්වන්දි පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දෙව්මි විහඟා ලකුණු 26කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව සචිනි නිසංසලා කඩුලු 2ක් ද සහ කවීශා දිල්හාරි කඩුල්ලක් ද බැගින් දවා ගත්තා.
අනතුරු ව පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Chilaw Marians කණ්ඩායම කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 189ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරනවා. එම ඉනිම අවසන් වන විට තරගය නිමා වීමට තවත් පන්දු 11ක් සහ කඩුලු 4ක් ඉතිරි ව තිබුණා.
ඒ අනුව නිමා වූ එම තරගයේ ලකුණුලාභිනිය වූයේ ඉමේෂා දුලානි යි. ඇය පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 80ක් ලබා ගත්තා. ඊට අමතර ව මනුදි නානායක්කාර පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ල සඳහා පන්දු 152ක දී ලකුණු 112ක සබඳතාවක් එක් කිරීමට සමත් වීම ද කැපී පෙණුනා.
කඩුලු දවා ගැනීමේ දී සත්‍යා සංදීපනී කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව ඉනෝකා සංදීපනී සහ උදේශිකා ප්‍රබෝධනී කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Navy SC – කඩුලු 7ක් දැවී 187 (50.0) හසිනි පෙරේරා 25, හංසිමා කරුණාරත්න 60, තාරිකා සෙව්වන්දි නොදැවී 22, දෙව්මි විහංඟා 3/26, සචිනි නිසංසලා 2/21
Chilaw Marians CC – කඩුලු 6ක් දැවී 189 (48.1) ඉමේෂා දුලානි 80, මනුදි නානායක්කාර 53, සත්‍යා සංදීපනී 3/33
Chilaw Marians කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<