හර්ෂිතා ද ශතක ලැයිස්තුවට එක් වෙයි

Major Club Women’s 50 Over Tournament 2024

77
Harshitha Samarawickrama

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (17) නිමා වූ Navy කණ්ඩායම සහ SSC කණ්ඩායම අතර තරගයේ දී Navy කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තා. එය මෙවර තරගාවලියේ ක්‍රීඩිකාවක විසින් වාර්තා කරන ලද 3 වැනි ශතකයයි.  

මීට පෙර මෙම තරගාවලියේ දී Army කණ්ඩායමේ නිලක්ෂිකා සිල්වා ද සහ Panadura කණ්ඩායමේ පියුමි වත්සලා ද ශතක වාර්තා කර ගෙන තිබුණා.  

මේ අතර අද නිමා වූ තරගවල දී Kurunegala යොවුන් කණ්ඩායමේ දනෝද්‍යා සෙව්මිණි BRC කණ්ඩායමට එරෙහි ව පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 54ක් ද, Panadura කණ්ඩායමේ නායිකා පියුමි වත්සලා CCC කණ්ඩායමට එරෙහි ව පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා ගනිමින් පිතිකාරිනියන් අතුරින් කැපී පෙනෙන මෙහෙවරක නිරත වූවා.  

පන්දු යැවීමේ දී දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කලේ Navy කණ්ඩායමේ රශ්මි සිල්වායි. ඇය SSC කණ්ඩායමට එරෙහි ව ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත්තා.  

ඊට අමතර ව Army කණ්ඩායමේ රන්දි ප්‍රේමරත්න ACE Capital කණ්ඩායමට එරෙහි ව ලකුණු 28කට කඩුලු 4ක් ද සහ ACE Capital කණ්ඩායමේ යෙසලි ජිතාරා ද Army කණ්ඩායමට එරෙහි ව ලකුණු 49කට කඩුලු 4ක් ද දවා ගත්තා 

මේ අතර Chilaw Marians CC සහ Baduraliya CC  අතර කිරිමණ්ඩල මාවත SLLDC  ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ තරග පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණා.  

නිමා වූ තරගවල කෙටි ලකුණු සටහන් පුවරු 

Tamil Union C & AC සහ Colts CC  අතර තරගය, බොරැල්ල P. Sara Oval   ක්‍රීඩාංගණයේ දී. 

Tamil Union C & AC – සියලුම දෙනා දැවී 118 (49.4) ශලිනි දසනායක 34, නිමේෂා විජේසුන්දර නොදැවී 23, සඳලි සෙනාරා 2/15, ජනකාන්ති මාලා 2/08, චමරි ලක්ශානි 2/36, හංසිකා නිපුනි 2/11 

 

Colts CC  – කඩුලු 8ක් දැවී 119 (31.3) නිලක්ෂි කාවින්ද්‍යා 19, චමරි ලක්ශානි නොදැවී 21, දිනිති නාගසිංහ 2/31, නිමේෂා විජේසුන්දර 2/21  

 

Colts කණ්ඩායමට කඩුලු 2ක ජයක්.  

Navy SC සහ SSC අතර තරගය, වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.  

Navy SC – කඩුලු 6ක් දැවී 222 (50.0) හර්ෂිතා සමරවික්‍රම 104, සත්‍යා සංදීපනී 18, නිලක්ෂනා සංදීපනී 18, නිලක්ෂනා සඳමිනි 22, රශ්මි සිල්වා 34, අප්සරා මදුමාලි 1/23 

 

SSC – සියලුම දෙනා දැවී 35 (26.5) ඉරේෂා ශ්‍යාමලී 09, ඉනෝකා රණවීර 2/08, රශ්මි සිල්වා 4/18 

 

Navy කණ්ඩායමට ලකුණු 187ක ජයක්.  

Army SC සහ ACE Capital CC අතර තරගය, පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.  

Army SC – සියලුම දෙනා දැවී 204 (46.4) ඉමල්කා මෙන්ඩිස් 23, නිලක්ෂිකා සිල්වා 33, උදයංගනී ද සිල්වා 39, සුගන්දිකා කුමාරි 33, රන්දි ප්‍රේමරත්න 23, දැහැමි සෙනෙත්මා 3/20, යෙසලි ජිතාරා 4/49  

 

ACE Capital CC – සියලුම දෙනා දැවී 95 (35.0) දැහැමි සෙනෙත්මා 23, ජනාදි අනාලි 29, රන්දි ප්‍රේමරත්න 4/28, නිමාෂා මධුශානි 2/10, සඳනි ද සිල්වා 3/06 

 

Army කණ්ඩායමට ලකුණු 109ක ජයක්.  

Kurunegala YCC සහ BRC අතර තරගය, වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී. 

BRC – සියලුම දෙනා දැවී 129 (41.3) වනීසා රොද්‍රිගෝ 27, උමයංගනා පීරිස් 27, දනුලි තෙන්නකෝන් 2/12, වගීෂා ජයවර්ධන 2/14 

 

Kurunegala YCC – සියලුම දෙනා දැවී 127 (42.4) දනෝද්‍යා සෙව්මිණි 54, දිල්ශානි කුමාරසිරි 13, ජනුති එදිරිසිංහ 2/26, ලිහන්සා ද සිල්වා 2/35, උමයංගනා පීරිස් 2/08 

 

BRC කණ්ඩායමට ලකුණු 2ක ජයක්.  

Panadura SC සහ CCC අතර තරගය, පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.  

Panadura SC – සියලුම දෙනා දැවී 119 (38.5) ලක්නි නිම්සරා 21, පියුමි වත්සලා 51, පමෝධා ශයිනි 2/10, හෂිනි ලියනගෝ 3/22, ලිමංසා තිලකරත්න 2/31 

 

CCC – කඩුලු 8ක් දැවී 120 (35.1) කෞෂිනි නුත්‍යාංගා 15, නෙත්මි ගුණරත්න නොදැවී 23, චේතනා විමුක්ති 2/16, ප්‍රමුද් මෙත්සරා 3/21 

 

CCC කණ්ඩායමට කඩුලු 2ක ජයක්.  

Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<