නිලක්ෂිකා ගෙන් ශතකයක්

Major Club Women’s 50 Over Tournament 2024

114
Major Club Women’s 50 Over Tournament 2024
BIRMINGHAM, ENGLAND - AUGUST 02: Nilakshika Silva of Team Sri Lanka hits runs during the Cricket T20 Group B match between Team New Zealand and Team Sri Lanka on day five of the Birmingham 2022 Commonwealth Games at Edgbaston on August 02, 2022 on the Birmingham, England. (Photo by Alex Davidson/Getty Images)

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති තරගවල කැපී පෙණෙන පිතිකාරිනිය බවට පත් වීමට Army කණ්ඩායමේ 35 වැනි වියේ පසුවෙන නිලක්ෂිකා සිල්වා සමත් වෙනවා.

ඇය Tamil Union කණ්ඩායමට එරෙහිව පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 189ක් ලබා ගත්තා. එය මෙවර තරගාවලියේ වාර්තා වූ 2 වැනි ශතකයයි. ‍

මේ අතර පැවැති තරගවල දී Navy කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම Kurunegala යොවුන් කණ්ඩායමට එරෙහි ව පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 78ක් ලබා ද සහ Air Force කණ්ඩායමේ මල්ෂා ශෙහානි CCC කණ්ඩායමට එරෙහි ව පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 60ක් ලබා ගත්තා.

මේ අතර පන්දු යැවීමේ දී දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට Army කණ්ඩායමේ වමතින් දඟ පන්දු යැවූ නිමේෂා මධුශානි සමත් වුනා. ඇය Tamil Union කණ්ඩායමට එරෙහි ව ලකුණු 7කට කඩුලු 4ක් දවා ගනිමින් දිනයේමේ දක්ෂතාව සිදු කළ අතර ඊට අමතර ව Chilaw Marians කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ නිරත වන කවීෂා දිල්හාරි ද NCC කණ්ඩායමට එරෙහි ව ලකුණු 9කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

නිමා වූ තරගවල කෙටි ලකුණු සටහන් පුවරු

Tamil Union C & AC සහ Army SC අතර තරගය, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

Army SC – කඩුලු 6ක් දැවී 375 (50.0) අනුශ්කා සංජීවනී 22, නෙත්මි පූර්ණා 67, නිලක්ෂිකා සිල්වා නොදැවී 189, උදයාංගනී ද සිල්වා 43, සෙතුම්දි පෙරේරා 1/61

Tamil Union C & AC – සියලුම දෙනා දැවී 57 (25.5) යෙනුලි සත්නදී 22, සඳනි ද සිල්වා 2/10, අචිනි කුලසූරිය 2/21, නිමේෂා මධුශානි 4/07

Army කණ්ඩායමට ලකුණු 318ක ජයක්.

Air Force SC සහ CCC අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.

CCC – සියලුම දෙනා දැවී 72 (42.3) නෙත්මි පෙරේරා 17, අමා කාංචනා 3/08, ඉනෝෂි ප්‍රනාන්දු 3/09

Air Force SC – කඩුල්ලක් දැවී 73 (9.3) මල්ෂා ශෙහානි නොදැවී 60

Air Force කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

NCC සහ Chilaw Marians CC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.

NCC – සියලුම දෙනා දැවී 85 (40.1) හර්ශනී විජේරත්න 18, සඳුනි නිසංසලා 2/12, කවීෂා දිල්හාරි 4/09, සුලේශා සත්සරණි 2/11

Chilaw Marians CC – කඩුලු 6ක් දැවී 86 (19.5) කවීෂා දිල්හාරි 20, රශ්මි තාරුකා 2/17, මල්ෂි නිරාශා 3/36

Chilaw Marians කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

SSC සහ Colts CC අතර තරගය කොළඹ Bloomfield ක්‍රීඩාංගණයේ දී.

SSC – සියලුම දෙනා දැවී 135 (49.0) අසෙනි තලගුණේ 18, හිරුණි දිසානායක 23, රංගිකා ප්‍රනාන්දු 20, චමරි ලක්ශානි 2/28, නෙත්මි සංජනා 2/18, දුලංගා දිසානායක 2/16, නිලක්ෂි කාවින්ද්‍යා 2/29

Colts CC – කඩුලු 8ක් දැවී 136 (41.4) නිලක්සි කාවින්ද්‍යා 35, දුලංගා දිසානායක 16, ශනිල්කා සත්‍යාංගි 2/20, නිරාශා ගිම්හානි 2/08

Colts කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

Kurunegala YCC සහ Navy SC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.

Navy SC – කඩුලු 7ක් දැවී 295 (50.0) හසිනි පෙරේරා 48, ප්‍රසාදිනී වීරක්කොඩි 23, හර්ෂිතා සමරවික්‍රම 78, සත්‍යා සංදීපනී 41, නිලක්ෂනා සඳමිණි 34, රශ්මි සිල්වා නොදැවී 29, නෙත්මි උපේක්ෂා 2/46, දනුලි තෙන්නකෝන් 2/58

Kurunegala YCC – සියලුම දෙනා දැවී 60 (39.2) දනෝද්‍යා සෙව්මිණි නොදැවී 21, සත්‍යා සංදීපනී 2/14, ඉනෝකා රණවීර 2/12, රශ්මි සිල්වා 2/13

Navy කණ්ඩායමට ලකුණු 235ක ජයක්.

Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<