Army සහ Chilaw Marians බලමුළු තර කෙරේ

Major Club Women’s 50 Over Tournament 2024

26

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (24) කොළඹ, හැව්ලොක් පෙදෙස  Colts ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම තරගය සඳහා Army කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ Chilaw Marians කාන්තා ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.   

Army SC  

B කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ Army කණ්ඩායම පළමු වටය නිමා කරන්නේ 2 වැනි ස්ථානය ලබා ගනිමිනුයි. එහි දී තරග 7කට මුහුණ දෙන Army ක්‍රීඩිකාවෝ තරග 5ක් ජයග්‍රහණය කරමින් නොවිසඳුණ තරග 2ක් ද සමඟින් ප්‍රසාද ලකුණු 12ක් ලබා ගනිමින් අපරාජිත කණ්ඩායමක් ලෙසින් අවසන් පූර්ව වටයට එක් වෙනවා.  

 Air Force කණ්ඩායම සමඟින් පැවැති එම තරගයේ දී Army ක්‍රීඩිකාවෝ කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගනිමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.  

Army කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මඟ 

  ප්‍රතිවාදීන්  තරගයේ විසඳුම  ක්‍රීඩාංගණය 
1  Kurunegala YCC  Army කණ්ඩායමට කඩුලු 7ක ජයක්.   වෙළගෙදර 
2  SSC  වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමනවා.  Bloomfield 
3  Tamil Union   Army කණ්ඩායමට ලකුණු 318ක ජයක්.   P. Sara Oval 
4  Colts CC  Army කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 197ක ජයක්.  Colts 
5  Navy SC  තරගයේ විසඳුමක් නෑ.  පනාගොඩ 
6  BRC  Army කණ්ඩායමට කඩුලු 9ක ජයක්.  BRC 
7  ACE Capital CC  Army කණ්ඩායමට ලකුණු 109ක ජයක්.   පනාගොඩ 
අවසන් පූර්ව වටය 
8  Air Force SC  Army කණ්ඩායමට කඩුලු 6ක ජයක්.   NCC 

 

Army කණ්ඩායම මෙම තරගයට එක් වෙන්නේ ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිස් වැසුම් පැළඳි  ක්‍රීඩිකාවන් 5 දෙනෙක්, ශ්‍රී ලංකා A කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් සහ ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවක් ද කැටිවයි.  

කෙසේ වෙතත් නිමා වූ තරගාවලියේ දී පෑ දක්ෂතා මත Army කණ්ඩායමේ වඩාත් ම විශ්වසනීය ක්‍රීඩිකාව ලෙසින් හැඳින්වෙන්නේ නිලක්ෂිකා සිල්වා. ඇය මේ දක්වා ලකුණු 358ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකාරිනිය බවට ද පත් ව සිටිනවා. එමෙන් ම මෙවර තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනිය වන්නේ ද නිලක්ෂිකා සිල්වා යි.  

ඊට පසුව කණ්ඩායමේ වැඩිම ලකුණුලාභීන් බවට පත් ව සිටින්නේ ඉමල්කා මෙන්ඩිස් (187), අනුශ්කා සංජීවනී (166), නෙත්මි සේනාරත්න (120) සහ උදයංගනී ද සිල්වා (124) යි.  

කඩුලු දවා ගැනීමේ දී නිමාශා මධුශානි කඩුලු 13ක් දවා ගනිමින් වඩාත් විශ්වසනීය පන්දු යවන්නිය බවට පත් ව සිටින අතර ඇයට අමතර ව සඳනි ද සිල්වා (11), සුගන්දිකා කුමාරි (10), රන්දි ප්‍රේමරත්න (8) සහ නිලුකා කුශාන්ති (7) ද එම ලැයිස්තුවට එක් ව සිටිනවා.  

Army SC කාන්තා ක්‍රිකට් සංචිතය 

අචිනි කුලසූරිය (නායිකාව), ඉමල්කා මෙන්ඩිස්, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), නෙත්මි සේනාරත්න, නිලක්ෂිකා සිල්වා, උදයංගනී ද සිල්වා. නිලූකා කුශාන්ති, සුගන්දිකා කුමාරි, සඳනි ද සිල්වා, රන්දි ප්‍රේමරත්න, නිමාශා මධුශානි, අශානි සමින්දි, අයේෂා චන්ද්‍රසිරි, ක්‍රිශාන්ති සඳමාලි, සුදර්ශිකා බණ්ඩාර. 

Chilaw Marians CC   

A කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙන Chilaw Marians ක්‍රීඩිකාවෝ ද තම පළමු වටයට අවසන් කරන්නේ 2 වැනි ස්ථානයට පත් වෙමිනුයි. එම වටයේ දී තරග 6කට සහභාගී වෙන ඔවුන් ඉන් තරග 3ක් ජයග්‍රහණය කරනු ලබන අතර අනෙක් තරග ත්‍රිත්වය අවසන් කරන්නේ විසඳුමකින් තොරව අවසන් වූ තරග ලෙසයි. කෙසේ වෙතත් ඔවුන් එම වටයේ දී ප්‍රසාද ලකුණු 9ක් ලබා ගැනීමට සමත් වෙමින් අවසන් පූර්ව වටයට එක් වීමට සමත් වෙනවා.  

අනතුරු ව පැවැති අවසන් පූර්ව වටයේ දී ඔවුන් පසුගිය වසරේ ශූරියන් වූ Navy කණ්ඩායම කඩුලු 4කින් පරාජය කරමින් අවසන් මහා තරගය සුදුසුකම් ලබා ගන්නවා.  

Chilaw Marians කණ්ඩායමේ ගමන් මඟ 

  ප්‍රතිවාදීන්  තරගයේ විසඳුම  ක්‍රීඩාංගණය 
1  Panadura SC  Chilaw Marians කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 164ක ජයක්.   සූරියවැව 
2  NCC  Chilaw Marians කණ්ඩායමට කඩුලු 4ක ජයක්.  NCC 
3  CCC   තරගයේ විසඳුමක් නෑ.  සූරියවැව 
4  Air Force SC  තරගයේ විසඳුමක් නෑ.  කටුනායක 
5  Galle CC  Chilaw Marians කණ්ඩායමට කඩුලු 10ක ජයක්.   සූරියවැව 
6  Baduraliya CC  තරගය අතහැර දැමුණා.   SLLDC 
අවසන් පුර්ව වටය 
7  Navy SC  Chilaw Marians කණ්ඩායමට කඩුලු 4ක ජයක්.  P. Sara Oval 

 

Chilaw Marians කණ්ඩායම මෙම තරගය සඳහා පිවිසෙන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිස් වැසුම් පැළඳි ක්‍රීඩිකාවන් සිව් දෙනෙක්, ශ්‍රී ලංකා A කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවක් සහ ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් සිව් දෙනෙක් ද සමඟයි.  

කෙසේ වෙතත් නිමා වෙමින් පවතින තරගාවලියේ ඔවුන් සතුවන දක්ෂතම පිතිකාරිනිය බවට පත් ව ඇත්තේ සුමුදු නිසංසලා යි. ඇය මේ වන විට ලකුණු 214ක් ලබා ගනිමින් තරගාවලියේ තෙවැනියට වැඩිම ලකුණුලාභිනිය බවට ද පත් ව සිටිනවා.  

ඉන් අනතුරු ව කණ්ඩායමේ සිටින වඩාත් විශ්වසනීය පිතිකාරිනියන් වි ඇත්තේ මනුදි නානායක්කාර (133), ඉමේෂා දුලානි (120), කාව්‍යා කාවින්දි (92) සහ කවීෂා දිල්හාරි (90) යි.  

පන්දු යැවීමේ දී සචිනි නිසංසලා කණ්ඩායමේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නිය බවට පත් ව සිටිනවා. ඇය ලබා ගත් කඩුලු සංඛ්‍යාව 11ක්. ඊට අමතර ව කවීෂා දිල්හාරි (6), දෙව්මි විහංඟා (6), සඳුනි නිසංසලා (4) සහ සුලේශා සත්සරණි (4) ද මේ අතර වෙනවා.    

Chilaw Marians CC   කාන්තා ක්‍රිකට් සංචිතය 

කවීෂා දිල්හාරි (නායිකාව), සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), මනුදි නානාක්කාර, දෙව්මි විහංගා, සඳුනි නිසංසලා, මල්ශා මධුශානි, ඉමේෂා දුලානි, සචිනි නිසංසලා, කාව්‍යා කාවින්දි, සුලේශා සත්සරණි, නෙතුකි කුඩලිගම, සංජනා කාවින්දි. 

Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<