ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය ඊයේ (25) පැවැති NCC සහ CCC අතර තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 44ක ජයග්‍රහණයක් ලබා ගැනීමට CCC ක්‍රීඩිකාවෝ සමත් වූවා.
කොළඹ NCC පිටියේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් CCC කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 130ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ NCC ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 69ක් පමණයි. ඒ ජයග්‍රහණය වෙනුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය ගණනය කිරීම අනුව ලකුණු 114ක් හඹා යෑමේදීයි.
- සුමුදු, කවීෂා, නිලූකා සහ රශ්මිකා දක්ෂතා දක්වයි
- Major Clubs කාන්තා ක්‍රිකට් තරගාවලි කාලසටහන නිකුත් වෙයි
- ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට
- වයස්ගත ම නායිකාවගේ ලෝක ශූර මෙහෙයුම
- නවසීලන්තය ලෝක ශූර කිරුළ පළඳී
කාසියේ වාසිය දිනා ගත් NCC නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි CCC කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණුලාභිනිය වූයේ නෙත්මි ගුණරත්න යි. ඇය පන්දු 41කට මුහුණ දෙමින් හතරේ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබා ගත්තා.
ඊට අමතර ව ආරම්භක පිතිකාරිනී නායිකා විශ්මි ගුණරත්න පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ද සහ සඳලි වීරසිංහ පන්දු 50කට මුහුණ දෙමින් ලකුණු 21ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී හර්ෂනී විජේරත්න, මල්ෂි නිරාශා සහ විනාලි වීනස් කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ලක්ෂි අභිමානි. ඇය පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 10ක් ලබා ගත්තා. අනෙක් කිසිදු ක්‍රීඩිකාවක් ඉලක්කම් 2 ලකුණු අතරට පිවිසියේ නැහැ.
කඩුලු දවා ගැනීමේ දී ලිමන්සා තිලකරත්න ලකුණු 8කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව නෙත්මි ගුණරත්න සහ හිමාෂා පෙරේරා කඩුලු ද්විත්විය බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු සටහන් පුවරු
CCC – කඩුලු 9ක් දැවී 130 (33.0) විශ්මි ගුණරත්න 37, සඳලි වීරසිංහ 21, නෙත්මි ගුණරත්න නොදැවී 40, හර්ෂනී විජේරත්න 2/21, මල්ෂි නිරාශා 2/30, විනාලි වීනස් 2/26
NCC – සියලුම දෙනා දැවී 69 (24.3) ලක්ෂි අභිමානි 10, හිමාශ පෙරේරා 2/13, ලිමන්සා තිලකරත්න 3/08, නෙත්මි ගුණරත්න 2/11
CCC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 44ක ජයක්.
මේ අතර මෙම තරගාවලියේ Galle කණ්ඩායම සහ Baduraliya කණ්ඩායම අතර පැවැත්වෙන තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<