යොවුන් පිටියේ බලගතු ඇත්තු

147
Major Club U23 Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලිය පසුගියදා අවසන් වූයේ Ace Capital කණ්ඩායමට ශූරතාවත් සහ Moors කණ්ඩායමට අනුශූරතාවත් දිනා දෙමින්.

එලෙසින් අවසන් වූ මෙම තරගාවලියේ සුවිශේෂී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් තැබෙන සටහනක් මේ.

• අවසන් මහා තරගයේ වීරයා –

sasanka

සසංක නිර්මාල් (Ace Capital ක්‍රිකට් සමාජය)

පන්දු 167කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 106ක් ලබා ගත් Ace Capital කණ්ඩායමේ දකුණත් පිතිකරු සසංක නිර්මාල් අවසන් මහා තරගයේ වීරයා බවට පත් වූවා.

ඔහු මෙවර තරගාවලියේ දී තම කණ්ඩායම හා එක් වෙන්නේ තරග 4ක ඉනිම් 3ක දී පමණයි. එම ඉනිම් නිමා කරන විට ඔහුගේ දක්ෂතාව ලෙසින් සටහන් වෙන්නේ ලකුණු 134ක්. කෙසේ වෙතත් එම තරග අතර පන්දු යැවීමේ දී ද ඔහුගේ ගිණුමට එක් වූ කඩුලු 7ක් තිබෙනවා.

21 හැවිරිදි වියේ පසුවෙන සසංක නිර්මාල් රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිස ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කළ ක්‍රීඩකයෙක්.

  • තරගාවලියේ වීරයා –

yesith

යෙසිත් රූපසිංහ (Moors ක්‍රීඩා සමාජය)

මෙවර තරගාවලියේ වඩාත් ම වටිනා ම ක්‍රීඩකයා බවට පත් වූයේ 22 හැවිරිදි වියේ පසුවෙන Moors කණ්ඩායම නියෝජනය කළ වමත් පිතිකරුවෙක් සහ දකුණතින් පිට දඟ පන්දු යැවූ යෙසිත් රූපසිංහ.

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි යෙසිත් රූපසිංහ මෙවර තරගාවලියේ දී පිතිකරු භූමිකාවේ දී තරග 10ක ඉනිම් 13ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 400ක් ද සහ පන්දු යැවීමේ දී කඩුලු 32ක් ද දවා ගනිමින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වනවා.

තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර පළමු වැන්නා බවට පත් වෙන යෙසිත් රූපසිංහ වැඩිම ලකුණු ලැබූ පිතිකරු ලැයිස්තුවේ 8 වැනි ස්ථානය හිමිකර ගන්නවා.

  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා –

Vihas

විහස් තෙව්මික (Tamil Union ක්‍රිකට් සමාජය)

මෙවර තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා සම්මානයට හිමිකම් කියන්නේ 19 හැවිරිදි වියේ පසුවෙන Tamil Union කණ්ඩායමේ දකුණතින් පිට දඟ පන්දු යවන විහස් තෙව්මික. කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි විහස් තෙව්මික ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ද සාමාජිකයෙක්.

ඔහු මෙවර තරගාවලියේ දී තරග 6ක ඉනිම 9ක දී කඩුලු 32ක් දවා ගනිමින් මෙම සම්මානයට හිමිකාරීත්වය දැරුවා. එහි දී කඩුලු 4කට වැඩියෙන් දවා ගත් අවස්ථා 2ක් ද සහ කඩුලු 3කට වැඩියෙන් ලබා ගත් අවස්ථා 3ක් ද ඔහුගේ දක්ෂතා අතර තිබෙනවා.

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නෝ

තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත් වෙන්නේ Moors කණ්ඩායමේ යෙසිත් රූපසිංහ. ඔහු මෙවර තරගාවලියේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා බවට ද පත් වෙනවා. ඉන් අනතුරුව මෙම ලැයිස්තුවට එක් වෙන්නේ තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා බවට පත් විහස් තෙව්මික.

අනතුරු ව මෙම ලැයිස්තුවේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා බවට පත් වෙන්නේ BRC කණ්ඩායමේ 21 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන දිනුක වන්නිආරච්චි. කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ඔහු මෙම තරගාවලියේ දී තරග 8ක දී කඩුලු 29ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

ඉන් අනතුරු ව මෙම ලැයිස්තුව හා එක් වෙන්නේ Ace Capital කණ්ඩායමේ වමත් දඟ පන්දු යවන රවීන් ද සිල්වා සහ 19 හැවිරිදි වියේ පසුවෙන Kurunegala YCC කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන දිනුක තෙන්නකෝන්.

තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් පන්දු යවන්නන් 5 දෙනා

  Player Team M Over Runs Wkts Best 4 5
1 යෙසිත් රූපසිංහ Moors 10 163.1 608 35 5/46 2 2
2 විහස් තෙව්මික Tamil Union 6 158.3 578 32 6/132 2 3
3 දිනුක වන්නිආරච්චි BRC 8 202.5 823 29 6/58 0 2
4 රවීන් ද සිල්වා Ace Capital 6 102.0 370 28 8/58 0 2
5 දිනුක තෙන්නකෝන් Kurunegala YCC 7 108.4 381 28 6/23 2 2

 

  • තරගාවලියේ දක්ෂතම පිතිකරු –

best batsman

රවිශාන් ද සිල්වා (Moors ක්‍රීඩා සමාජය)

තරගාවලියේ දක්ෂතම පිතිකරු සම්මාන දිනා ගන්නේ Moors ක්‍රීඩා සමාජය නියෝජනය කළ රවින්ශාන් ද සිල්වා. ආරම්භක දකුණත් පිතිකරුවෙක් ලෙසින් කටයුතු කළ රවිශාන් ද සිල්වා මෙවර තරගාවලියේ දී පළමු වටයේ තරග 9ක දී ශතක 2ක් සමඟින් ලකුණු 458ක් ලබා ගන්නවා.

ඔහුගේ ඉනිම් අතර ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙන්නේ Police කණ්ඩායමට එරෙහි ව ලබා ගත් ලකුණු 161 යි. පන්දු 168කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 7ක් සමඟින් වාර්තා වූ එම ඉනිම තරගාවලියේ පිතිකරුවෙක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.

මෙම ශතකයට අමතර ව රවිශාන් Negombo කණ්ඩායමට එරෙහි ව ද පන්දු 178කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 116ක් ලබා ගත්තා. ඒ අනුව මෙවර තරගාවලියේ ශතක ද්විත්වයක් වාර්තා කළ එක ම පිතිකරු වන්නේ ද රවිශානුයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කළ රවිශාන් ද සිල්වා අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට දායාද වූ ක්‍රීඩකයෙක්.

තරගාවලියේ දක්ෂතම පිතිකරුවන්

මෙම ලැයිස්තුවේ පළමු ස්ථාන ද්විත්වය ම තරගාවලියේ අනුශූරයන් වූ Moors කණ්ඩායම සතු වූ අතර 3 වැනි සහ 4 වැනි ස්ථාන හිමි වෙන්නේ ශූරයන් වූ Ace Capital කණ්ඩායමටයි.

තරගාවලිය අවසන් වෙන විට සැකසුන වැඩිම ලකුණුලාභී පිතිකරුවන් ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගන්නේ Moors කණ්ඩායමේ ආරම්භක වමත් පිතිකරු ඔමේෂ් මෙන්ඩිස්.

ඔහු තරග 10ක දී Tamil Union කණ්ඩායමට එරෙහි ව පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු 117ක් සහ තවත් අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 531ක් ලබා ගන්නවා. මෙම ලැයිස්තුව හා සැකසෙන වැඩිම හතරේ පහර (68) එල්ල කළ ක්‍රීඩකයා ලෙසින් ද ඔහුගේ නම ඉහළින් ම සටහන් වෙනවා.

ඊට අමතර ව මෙම ලැයිස්තුව හා එක් වෙන්නේ තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මාන දිනා ගත් රවිශාන් ද සිල්වා. ඔහුගෙන් පසුව Ace Capital කණ්ඩායමේ හිරාන් ජයසුන්දර සහ තරිඳු අමරසිංහ පිළිවෙලින් මෙම ලැයිස්තුව හා එක් වෙනවා.

එහි 5 වැනි ස්ථානය හිමි වෙන්නේ Tamil Union කණ්ඩායමේ සිනෙත් ජයවර්ධන වෙතයි.

මෙවර තරගාවලියේ දී ක්‍රීඩකයන් 30 දෙනෙක් විසින් ශතක 31ක් වාර්තා වීම කැපී පෙණුන අතර තරගාවලියේ ශතක 2ක් වාර්තා කළ එක ම පිතිකරු වූයේ Moors කණ්ඩායමේ රවිශාන් ද සිල්වා.

තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා

  Player Team Mat Inn NO Runs HS Ave 100 50
1 ඔමේෂ් මෙන්ඩිස් Moors 10 14 0 531 117 37.93 1 2
2 රවිශාන් ද සිල්වා Moors 10 14 1 497 161 38.23 2 1
3 හිරාන් ජයසුන්දර Ace Capital 9 12 2 465 128 46.5 1 3
4 තරිඳු අමරසිංහ Ace Capital 9 12 1 458 108 41.64 1 1
5 සිනෙත් ජයවර්ධන Tamil Union 6 9 1 422 105 52.75 1 3

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<