සිනෙත් යොවුන් පිටියේ පළමු ශතකලාභියා වෙයි

1
Sineth-Jayawardena-100

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ දී ශතකයක් රැස් කිරීමට Tamil Union C & AC කණ්ඩායමේ ආරම්භක පිතිකරු සිනෙත් ජයවර්ධන සමත් වූවා.

ඔහු NCC කණ්ඩායමට එරෙහි ව පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 105ක් ලබා ගත්තා.

ඊට අමතර ව පන්දු යැවීමේ දී Kurunegala YCC කණ්ඩායමේ රශ්මික මධුසංක, Baduraliya SC කණ්ඩායමේ යුතික ද සිල්වා, Kandy Customs SC කණ්ඩායමේ සහන් කෝසල, Panadura SC කණ්ඩායමේ සවිඳු කාවින්ද සහ කවිඳු වික්‍රමසිංහ සහ Tamil Union C & AC කණ්ඩායමේ තරිඳු හර්ෂණ අර්ධ ශතක ඉනිම් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Police SC කණ්ඩායමේ තනුග පලිහවඩන සහ Tamil Union C & AC කණ්ඩායමේ විහස් තෙව්මික කඩුලු 5ක් බැගින් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

Kurunegala YCC සහ Police SC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණය

Kurunegala YCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 306 (82.1) දිමන්ත මහවාතාන 36, සත්සර ගමගේ 33, අමේෂ් තෙන්නකෝන් 45, රශ්මික මධුශංක 62, දිමන්ත අරූශ 44, වතිල උදාර 23, දේශාන් සෙනෙවිරත්න 43, දමිත් කප්පාගොඩ 2/38, තනුග පලිහවඩන 5/100

 

Police SC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 1 (1.0)

SSC සහ Baduraliya SC අතර SSC ක්‍රීඩාංගණය, කොළඹ.

SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 131 (31.0) විශාල් රුක්ෂාන් 23, රනුද සෝමරත්න 34, කෙනුල් ද සොයිසා 25, ගිහාන් බාලසූරිය නොදැවී 24, රුචිර කෝශිත 2/26, සදීප් ප්‍රනාන්දු 3/46, නිර්මල රත්නායක 4/28

 

Baduraliya SC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 165 (42.0) දිනාල් ඉඳුවර 19, යුතික ද සිල්වා 58, ශේන් විජේසිංහ නොදැවී 31, ශානික්‍ය දේශප්‍රිය 20, සදීශ රාජපක්ෂ 3/58, ජිතාර සන්සික 2/26

Negombo CC සහ Ace Capital CC අතර තරගය ගුවන් හමුදා ක්‍රීඩාංගණය, කටුනායක.

Ace Capital CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 189 (53.0) තරිඳු අමරසිංහ 44, හිරාන් ජයසුන්දර 39, සකුන ලියනගේ 36, කවීෂ සත්සර 4/62, යොහාන් ඒශාන් 2/56

 

Negombo CC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 84 (37.0) මිහිල් කවීන් 45, සදෙව් සමරසිංහ 22, රවීන් ද සිල්වා 4/18

Colts CC සහ Kandy Customs SC අතර තරගය Colts ක්‍රීඩාංගණය, කොළඹ

Kandy Customs SC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 319 (81.0) සදීශ ජයවර්ධන 23, තෙවිඳු දික්වැල්ල 79, සදිශාන් චමෝද්‍ය 89, සලිඳු පතිරණ 28, සහන් කෝසල 53, ඉසුරු සඳමාල් 19, ශ්‍යාම් සුන්දර් 3/80, ප්‍රවීන් මනීශ 2/100

Panadura SC සහ Nugegoda SWC අතර තරගය මහජන ක්‍රීඩාංගණය, පානදුර.

Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 267 (72.0) කාංචන ද ලිවේරා 40, සවිඳු කාවින්ද 66, කවිඳු වික්‍රමසිංහ 89, රුවිශාන් පෙරේරා 2/57, රාහුල් ගුණසේකර 2/20, මනුජ චන්තුක 2/82

 

Nugegoda SWC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 60 (16.0) අවිශ්ක පෙරේරා නොදැවී 36

Tamil Union C & AC සහ NCC අතර තරගය P. Sara Oval, කොළඹ.

NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 117 (38.4) ශරිත් සුදීන 44, කුසල් විජේතුංග 19, විහස් තෙව්මික 5/27, තීසාන් විතුසාන් 2/17

 

Tamil Union C & AC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 233 (36.0) සිනෙත් ජයවර්ධන 105, තරිඳු හර්ෂණ නොදැවී 58, විජයකාන්ත් වියස්කාන්ත් 35, සම්පත් නිශ්ශංක 2/55,

CCC සහ Bloomfield C & AC අතර තරගය යුද හමුදා ක්‍රීඩාංගණය, පනාගොඩ.

Bloomfield C & AC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 89 (29.0) ජයමිණි මුතුකුමාරණ 37, සඳුන් මෙන්ඩිස් 2/22

මෙම තරග අද (16) දෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.

Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<