රවිශාන් දවසේ වීරයා වේ

Major Club U23 Tournament

4

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (30) පැවැති තරගයක දී Moors කණ්ඩායමේ ආරම්භක පිතිකරු රවිශාන් ද සිල්වා ශතකයක් ලබා ගැනීමට සමත් වූවා.  

Negombo CC කණ්ඩායම සමඟින් Moors SC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී රවිශාන් ද සිල්වා පන්දු 178කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 116ක් ලබා ගත්තා.  

මේ අතර ඔහු රොහාන් සංජය හා එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 160ක දී ලකුණු 104ක සබඳතාවක් ද ගොඩ නැගීමට සමත් වුනා.  

එම තරගය පළමු දිනයට නතර කරන විට රෙහාන් සංජය පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 49ක් ලබා සිටියා.  

මේ අතර පෙර දිනයේ දී ආරම්භ වෙමින් අද නිමා වූ තරගවල දී Nugegoda S & WC කණ්ඩායමේ පසිඳු පැතුම් SSC කණ්ඩායමට එරෙහි ව පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 104ක් ලබා ගැනීමට සමත් වූවා.  

එමෙන් ම Police SC කණ්ඩායමේ නායක ධනුජ ඉඳුවර Tamil Union C & AC කණ්ඩායමට එරෙහි ව පන්දු 162කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 125ක් ද ලබා ගත්තා.  

ඊට අමතර ව Nugegoda S & WC කණ්ඩායමේ අවිශ්ක පෙරේරා, Tamil Union C & AC කණ්ඩායමේ සිනෙත් ජයවර්ධන සහ විජයකාන්ත් වියස්කාන්ත්, Panadura SC කණ්ඩායමේ කංචන ද ලිවේරා, රන්දෙව් සෙනෙවිරත්න සහ නවිජ ද සේරම් අර්ධ ශතක ඉනිම් ලබා ගැනීමට සමත් වුනා.  

පන්දු යැවීමේ දී Tamil Union C & AC කණ්ඩායමේ විහස් තෙව්මික කඩුලු 6ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව SSC කණ්ඩායමේ ශෙහාන් හසරංග, Police SC කණ්ඩායමේ පූර්ණ සුලක්ෂණ සහ Tamil Union C & AC කණ්ඩායමේ කවිඳු දිල්හාර කඩුලු 5ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.  

අද දිනයේ දී පැවැති වර්ෂාව තරගවලට බාධා කෙරුණ අතර ඒ හේතුවෙන් ම තරග කිහිපයක ම අද දවසේ යැවීමට හැකි වූයේ අඩු පන්දුවාර ප්‍රමාණයක් පමණයි. 

අද ආරම්භ වූ තරගවල කෙටි ලකුණු පුවරු 

Negombo CC සහ Moors SC අතර තරගය මුත්තයියා පාර Moors ක්‍රීඩාංගණයේ දී. 

Moors SC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 271 (65.0) ඔමේෂ් මෙන්ඩිස් 33, රවිශාන් ද සිල්වා 116, යෙසිත්රූපසිංහ 29, රොහාන් සංජය නොදැවී 49, විශාර ප්‍රනාන්දු නොදැවී 28, කවීෂ සත්සර 2/72 

 

Kurunegala Youth CC සහ Chilaw Marians CC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී. 

\Kurunegala Youth CC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 33 (12.3) වතිල උදාර නොදැවී 15, සත්සර ගමගේ නොදැවී 15 


NCC සහ BRC අතර තරගය කොළඹ 7, NCC ක්‍රීඩාංගණයේ දී. 

BRC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 141 (51.0) රිශී අදිශ්ඨාන් 42, ඉසුරු පන්නල 34, රන්දුණු ගංගනාත් නොදැවී 23, යෙනුල දෙව්තුස 3/27, විහඟ ගුණවර්ධන 2/15 

 

Bloomfield C & AC සහ Ragama CC අතර තරගය කොළඹ 7, Bloomfield ක්‍රීඩාංගණයේ දී.  

 

Ragama CC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 31 (5.4) ගවිරු සෙන්හස් නොදැවී 10, ඉසුරු ප්‍රනාන්දු නොදැවී 21 


Colts CC සහ Baduraliya CC අතර තරගය හැව්ලොක් පෙදෙස Colts ක්‍රීඩාංගණයේ දී. 

Baduraliya – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 107 (37.0) යුතික ද සිල්වා 38, රශ්මික මෙවන් 19, ශේන් විජේසිංහ නොදැවී 19, යසිරු රොද්‍රිගෝ 2/34 

මෙම තරග සියල්ල (31) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.  

අද දින නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු 


Nugegoda S & WC සහ SSC අතර තරගය කිරි මණ්ඩල මාවත, SLLDC ක්‍රීඩාගණයේ දී.  

Nugegoda S & WC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 260 (71.5) අවිශ්ක පෙරේරා 53, අක්‍රම් මුතාලිබ් 20, පසිඳු පැතුම් 104, මියුරු හේෂාන් 40, ශෙහාන් හසරංග 5/74, ගිශාන් බාලසූරිය 4/73  

 

SSC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 67 (16.0) විශාල් රකුශාන් නොදැවී 30, රවිත් ජයසූරිය නොදැවී 35  

තරගයේ විසඳුමක් නෑ. 


Kandy Customs SC සහ Panadura SC අතර තරගය කොළඹ 7, තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී. 

Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 264 (80.2) කංචන ද ලිවේරා 89, රන්දෙව් සෙනෙවිරත්න 53, නවිජ ද සේරම් 69, හිරුෂ දෙව්මික 4/43, සෙනාශ් ප්‍රනාන්දු 3/74, ශක්ති උදාර 3/72 

 

Kandy Customs SC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 27 (7.0) සදීශ් ජයවර්ධණ නොදැවී 19 

තරගයේ විසඳුමක් නෑ. 


Tamil Union C & AC සහ Police SC අතර තරගය, කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී. 

Tamil Union C & AC  – පළමු ඉනිම සියලුම දෙනා දැවී 264 (44.2) සිනෙත් ජයවර්ධන 52, තෙවිඳු සේනාරත්න 31, මිරංග වික්‍රමගේ 28, විජයකාන්ත් වියස්කාන්ත් 83, සදීප රත්නායක 3/57, සුපුන් ප්‍රනාන්දු 2/45, පූර්ණ සුලක්ෂණ 5/96 

 

Police SC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 155 (38.0) සංගීත් ශෙහාර 27, ධනුජ ඉඳුවර 36, දමිත් කප්පාගොඩ 39, කවිඳු දිල්හාර 5/37, විහස් තෙවිමික 2/35, මිරංග වික්‍රමගේ 2/35  

 

Police SC – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 284 (66.5) බිහඟ මෙන්ඩිස් 25, තරුෂ සිල්වා 24, තනුජ රාජපක්ෂ 28, ධනුජ ඉඳුවර නොදැවී 125, ඉරුශ අකාශ් 33, දමිත් කප්පාගොඩ 30, විහස් තෙවිම්ක 6/132, විරංග වික්‍රමගේ 2/61 

 

Tamil Union C & AC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 45 (3.4) සිනෙත් ජයවර්ධන නොදැවී 21 

තරගයේ විසඳුමක් නෑ. 

Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<