ශරිත් සහ කුසල් දක්ෂතා දක්වයි

Major Club U23 Tournament

7
Major Club U23

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (28) කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී පැවැති NCC සහ Negombo CC අතර තරගය විසඳුමකින් තොරව අවසන් වූවා.  

මෙම තරගය පෙර දිනයේ දී ආරම්භ වූ අතර ඒ වෙද්දී NCC කණ්ඩායම ලබා ගත් ලකුණු 174 හඹා ගිය Negombo ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 104ක් ලබා සිටිමින් අද දවසට එක් වූවා. ඔවුන් අද තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 203ක් ලබා ගන්නවා.  

එම ඉනිමේ අද දවසේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් වූයේ යොහාන් ඒශාන්. ඔහු පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 34ක් ලබා ගත්තා. ඊට අමතර ව සඳරුවන් චින්තක පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී විහඟ ගුණරත්න ලකුණු 36කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව යෙනුල දෙව්තුස කඩුලු 3ක් ද, ශරිත් සුදීන කඩුලු 2ක් ද සහ දිල්ශාන් නිපුනජිත් කඩුල්ලක් ද දවා ගත්තා.  

ලකුණු 29ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිම ආරම්භ කළ NCC ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 195ක් ලබා සිටියා.  

එම ඉනිම වෙනුවෙන් ආරම්භ පිතිකරුවන් වූ ශරිත් සුදීන සහ කුසල් විජේතුංග පන්දු 160ක දී ලකුණු 119ක සබඳතාවක් ආරම්භ කළා. ශරිත් සුදීන පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 74ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණා.  

අනතුරු ව කුසල් විජේතුංග සහ විනුක රූබසිංහ 3 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71ක දී ලකුණු 53ක් එක් කළා. කුසල් විජේතුංග පන්දු 142කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 90ක් ලබා ගත්තා.  

තරගය අවසන් වන විට විනුක රූබසිංහ නොදැවී ලකුණු 15ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී පුන්සරා සඳරුවන්, කවීශ සත්සර සහ වරුණ ඉමේශාන් කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 174 (52.1) කුසල් විජේතුංග 35, විනුක රූබසිංහ 54, කවීෂ් සත්සර 6/22 

 

Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 203 (66.5) කවීන් ප්‍රනාන්දු 20, හංසජ හිරුණ 36, මලීශ සිල්වා 22, සඳරුවන් චින්තක 29, යොහාන් ඒශාන් නොදැවී 34, යෙනුල දෙව්තුස 3/45, ශරිත් සුදීන 2/51, විහඟ ගුණරත්න 4/36 

 

NCC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 195 (47.1) ශරිත් සුදීන 74, කුසල් විජේතුංග 90 

Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<