පුලිඳු සහ තරිඳු ශතක සමාජයට එක් වෙයි

Major Club U23 Tournament

1
Major Club U23 Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (27) නිමා වූ තරගවල දී පුලිඳු පෙරේරා සහ තරිඳු අමරසිංහ ශතක වාර්තා කිරීමට සමත් වූවා.

Nugegoda කණ්ඩායමේ ආරම්භක වමත් පිතිකරු පුලිඳු පෙරේරා CCC කණ්ඩායමට එරෙහි ව පන්දු 144කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 154ක් ලබා ගත්තා.

Ace Capital කණ්ඩායමේ ආරම්භක පිතිකරු තරිඳු අමරසිංහ පෙර දිනයේ දී Police කණ්ඩායමට එරෙහි ව නොදැවී ලකුණු 99ක් ලබා සිටි අතර අද ඔහු තම ඉනිම ශතකයක් කරා ගෙන ගියා. එහි දී ඔහු පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 108ක් ලබා ගත්තා.

මේ අතර අද පැවැති තරගවල දී NCC කණ්ඩායමේ විනුක රූබසිංහ, Baduraliya SC කණ්ඩායමේ දුනිත් ජයතුංග, Police SC කණ්ඩායමේ ධනුජ ඉඳුවර, Ace Capital කණ්ඩායමේ සකුණ ලියනගේ, CCC අංජල බණ්ඩාර සහ Nugegoda කණ්ඩායමේ අභිශේක් ආනන්දකුමාර අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූවා.

දිනයේ කැපී පෙණෙන පන්දු යවන්නා බවට පත් වූයේ Negombo කණ්ඩායමේ කවීෂ් සත්සර. ඔහු NCC කණ්ඩායමට එරෙහි ව ලකුණු 22කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

මේ අතර Baduraliya SC කණ්ඩායමේ රුචිර කෝශිත ද ලකුණු 43කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

 

  • අද අවසන් වූ තරග

Baduraliya SC සහ Bloomfield C & AC අතර තරගය

කොළඹ, Bloomfield පිටියේ දී.

Baduraliya SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 133 (38.2) යුතික ද සිල්වා 26, දුනිත ජයතුංග 20, රනේශ් සිල්වා 23, බි. එස්. එන්. කසුන් 19, ලහිරු අබේසිංහ 2/11, තරින්ද ගුරුගේ 3/37, කවීශ පියුමාල් 4/31

Bloomfield C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 127 (33.1) ජයමින් මුතුකුමාරණ 21, මිනෙත් ප්‍රේමරත්න 19, කවීශ පියුමාල් 23, ලහිරු අබේසිංහ 25, රුචිර කෝශිත 3/43, නිර්මල රත්නායක 4/19

Baduraliya SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 225 (68.4) දුනිත් ජයතුංග 54, නිර්මල රත්නායක 27, රශ්මික මෙවන් 37, ශානික්‍ය දේශප්‍රිය 43, බී. එස්. එන්. කසුන් 27, කවීෂ පියුමාල් 2/86, තරින්ද ගුරුගේ 3/53, චමත් දිල්සර 3/33

Bloomfield C & AC – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 135 (42.0) අසිත වන්නිනායක 34, ලහිරු අබේසිංහ 39, සදීප් ප්‍රනාන්දු 2/41, රුචිර කෝසිත 5/43

තරගයේ විසඳුමක් නෑ.

Police SC සහ Ace Capital CC අතර තරගය කිරිමණ්ඩල පාර SLLDC ක්‍රීඩාංගණයේ දී.

Police SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 104 (35.2) දමිත් කප්පාගොඩ 37, දනාල් හේමානන්ද 4/28, කවිඳු අමන්ත 2/18, රවීන් ද සිල්වා 2/17

Ace Capital – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 302 (70.0) තරිඳු අමරසිංහ නොදැවී 99, තීරක රණතුංග 49, සකුණ ලියනගේ 78, රවීන් ද සිල්වා නොදැවී 42, කවීෂ ප්‍රනාන්දු 2/45

Police SC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 229 (63.0) බිහඟ මෙන්ඩිස් 40, කවිරු පෙරේරා 21, ධනුජ ඉඳුවර 87, ඉරුශ ආකාශ් 37, කවිඳු අමන්ත 2/68, රවීන් ද සිල්වා 3/49

තරගයේ විසඳුමක් නෑ.

Nugegoda S & WC සහ CCC අතර තරගය තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී.

CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 305 (81.2) විනුශ්ක සිල්වා 30, පවන් පතිරාජ 72, අංජල බණ්ඩාර 74, අනුක විජේවර්ධන 33, දෙවිඳු කැකිරිදෙණිය නොදැවී 24, මියුරු හේෂාන් 2/37, මල්ෂ ප්‍රනාන්දු 2/70, රාහුල් ගුණසේකර 2/69, මනුජ චන්තුක 3/48

Nugegoda S & WC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 328 (75.3) පුලිඳු පෙරේරා 154, අභිශේක් ආනන්දකුමාර 50, අක්‍රම් මුතාලිබ් 34, පසිඳු පැතුම් 46, දුවිඳු රණතුංග 3/54, සඳුන් මෙන්ඩිස් 3/92

CCC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 101 (18.0) පවන් පතිරාජ 36, අංජල බණ්ඩාර නොදැවී 51, මනුජ චන්තුක 2/16

තරගයේ විසඳුමක් නෑ.

  • අද ආරම්භ වූ තරග

NCC සහ Negombo CC අතර තරගය කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී.

NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 174 (52.1) කුසල් විජේතුංග 35, විනුක රූබසිංහ 54, කවීෂ් සත්සර 6/22

Negombo CC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 104 (35.0) කවීන් ප්‍රනාන්දු 20, හංසජ හිරුණ නොදැවී 36, යෙනුල දෙව්තුස 2/24

මෙම තරගය හෙට (28) අවසන් දිනයට ක්‍රීයාත්මක වීමට නියමිතයි.

Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<