ගයන සහ දිනුක දක්ෂතා දක්වයි

Major Club U23 Tournament

3
Major Club U23 Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (26) නිමා වූ තරගවල දී ගයන වීරසිංහ සහ දිනුක තෙන්නකොන් දක්ෂතා දැක් වීම කැපී පෙණුනා.

Kurunegala Youth CC කණ්ඩායමේ ගයන වීරසිංහ Moors SC කණ්ඩායමට එරෙහි ව පන්දු 124කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 100ක් ලබා ගත්තා. එය අද දවසේ වාර්තා වූ එක ම ශතකයයි.

මේ අතර Kurunegala Youth CC කණ්ඩායමේ දිනුක තෙන්නකෝන් අද Moors SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 23කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වෙනවා. ඔහු පළමු ඉනිමේ දී ද ලකුණු 79කට කඩුලු 5ක් දවා ගන්නා ලද අතර ඒ අනුව ඔහු තරගයේ දී ලකුණු 102කට කඩුලු 11ක් දවා ගැනීමට සමත් වෙනවා

Kurunegala Youth CC කණ්ඩායමේ රශ්මික මධුශංක, SSC කණ්ඩායමේ සසිඳු මල්ශාන්, රනුක් ජයසූරිය සහ නිකිත් පෙරේරා, Tamil Union C & AC කණ්ඩායමේ සිනෙත් ජයවර්ධන ඉනිම 2 දී ම ද විජයකාන්ත් වියස්කාන්ත් සහ තෙවිඳු සේනාරත්න ද, Panadura SC කණ්ඩායමේ කවිඳු වික්‍රමසිංහ සහ Ace Capital කණ්ඩායමේ තරිඳු අමරසිංහ අද දවසේ දී අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

.පන්දු යැවීමේ දී  Moors SC කණ්ඩායමේ චාමික ජයනාද සහ Colts CC කණ්ඩායමේ ක්‍රිෂ්ණ ශ්‍රීරාම් කඩුලු 5ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

  • අද අවසන් වූ තරග

SSC සහ Colts CC අතර තරගය කොළඹ, SSC ක්‍රීඩාංගණය

 

Colts CC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 339 (83.1) ශලින් ද මැල් 40, සුකිත මනෝජ් 124, හිරුන් කපුරුබණ්ඩාර 70, හිරුණ ගාල්ලගේ 31, ගිත්මින් කොළඹගේ නොදැවී 28, අක්මාල් ෆශ්ලි 2/53, ශෙහාන් හසරංග 3/54, සදිශ රාජපක්ෂ 4/119

 

SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 224 (58.2) රිවිත් ජයසූරිය 24, රනුක් ජයසූරිය 54, සදීශ රාජපක්ෂ 26, රන්දු සෝමරත්න 22, නිකිත් පෙරේරා 61, ගිශාන් බාලසූරිය 20, ක්‍රිෂ්ණ ශ්‍රීරාම් 5/68, ශැරොන් අභිශේක් 2/52

 

SSC – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 201 (40.0) රිවිත් ජයසූරිය 23, විශල් රුක්ශාන් 20, රනුද සෝමරත්න 46, සසිඳු මල්ශාන් 60, ක්‍රිෂ්ණ ශ්‍රීරාම් 2/83, ශැරොන් අභිශේක් 2/37, ගිත්මින් කොළඹගේ 3/60

 

තරගයේ විසඳුමක් නෑ.

 

Moors SC සහ Kurunegala Youth CC අතර තරගය, මුත්තයියා පාර Moors ක්‍රීඩාංගණයේ දී.

 

Moors SC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 300 (65.1) ඔමේෂ් මෙන්ඩිස් 47, රවිශාන් ද සිල්වා 31, විශාර ප්‍රනාන්දු 71, රොහාන් සංජය 54, චාමික ජයනන්ද නොදැවී 19, දිනුක තෙන්නකෝන් 5/79, මලිත් රත්නායක 2/63

 

Kurunegala Youth CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 261 (69.0) වතිල උදාර 28, ගයන වීරසිංහ 100, රශ්මික මධුශංක 78, යෙසිත් රූපසිංහ 3/54, චාමික ජයනාද 5/51, සෙනිත හැළඹගේ 2/31

 

Moors SC – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 92 (31.3) ඔමේෂ් මෙන්ඩිස් 24, ජනිශ්ක පෙරේරා 34, දිනුක තෙන්නකෝන් 6/23

 

Kurunegala Youth CC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 23 (10.0) අමේෂ් තෙන්නකෝන් නොදැවි 15, යෙසිත් රූපසිංහ 4/09

 

තරගයේ විසඳුමක් නෑ.

Tamil Union C & AC සහ BRC අතර තරගය, බොරැල්ල P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

 

BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 347 (105.1) සචිර වැලිවත්ත 108, රන්දුණු ගංගනාත් නොදැවී 101, දිනිරු අබේවික්‍රමසිංහ නොදැවී 47, දුලාජ් සමුදිත 2/40, කවිඳු දිල්හාර 2/50

 

Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 237 (41.2) විජයකාන්ත් වියස්කාන්ත් 57, සිනෙත් ජයවර්ධන 77, ඉසිවර් දිසානායක 34, දසිස් මංචනායක 19, දිනුක වන්නිආරච්චි 3/115, තෙනුක ඒකනායක 3/38, රන්ඳුණු ගංගනාත් 3/48

 

Tamil Union C & AC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 259 (25.0) සිනෙත් ජයවර්ධන 97, තෙවිඳු සේනාරත්න 95, ඉසිවර දිසානායක නොදැවී 36, දිනුක වන්නිආරච්චි 2/85

 

තරගයේ විසඳුමක් නෑ.

Ragama CC සහ Panadura SC අතර තරගය, පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී

Ragama CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 239 (67.1) ගවිරු සෙන්හස් 46, රුසඳ ගමගේ 53, කවීශ දුලාංජන 70, දසිත් ගුණතිලක 20, සහන් මිහිර 4/53, විශ්ව කුමාර 3/51

Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 124 (39.5) කවිඳු වික්‍රමසිංහ 50, රන්දිව් සෙනෙවිරත්න 24, කවීෂ දුලාංජන 2/42, ලකිඳු සචින් 3/19, ගගන් චමෝද් 2/26, දසිත් ගුණතිලක 2/17

Panadura SC – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 02 (1.0)

තරගයේ විසදුමක් නෑ.

  • අද ආරම්භ වූ තරග

Baduraliya SC සහ Bloomfield C & ACඅතර තරගය කොළඹ,Bloomfield පිටියේ දී.

 

Baduraliya SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 133 (38.2) යුතික ද සිල්වා 26, දුනිත ජයතුංග 20, රනේශ් සිල්වා 23, බි. එස්. එන්. කසුන් 19, ලහිරු අබේසිංහ 2/11, තරින්ද ගුරුගේ 3/37, කවීශ පියුමාල් 4/31

 

Bloomfield C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 127 (33.1) ජයමින් මුතුකුමාරණ 21, මිනෙත් ප්‍රේමරත්න 19, කවීශ පියුමාල් 23, ලහිරු අබේසිංහ 25, රුචිර කෝශිත 3/43, නිර්මල රත්නායක 4/19

 

Baduraliya SC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 68 (13.0) දුනිත් ජයතුංග නොදැවී 37, තරින්ද ගුරුගේ 2/20

Police SC සහ Ace Capital CC අතර තරගය කිරිමණ්ඩල පාර SLLDC ක්‍රීඩාංගණයේ දී.

 

Police SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 104 (35.2) දමිත් කප්පාගොඩ 37, දනාල් හේමානන්ද 4/28, කවිඳු අමන්ත 2/18, රවීන් ද සිල්වා 2/17

 

Ace Capital – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 197 (45.0) තරිඳු අමරසිංහ නොදැවී 99, තීරක රණතුංග 49, සකුණ ලියනගේ නොදැවී 36

Nugegoda S & WC සහ CCC අතර තරගය තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී.

 

CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 305 (81.2) විනුශ්ක සිල්වා 30, පවන් පතිරාජ 72, අංජල බණ්ඩාර 74, අනුක විජේවර්ධන 33, දෙවිඳු කැකිරිදෙණිය නොදැවී 24, මියුරු හේෂාන් 2/37, මල්ෂ ප්‍රනාන්දු 2/70, රාහුල් ගුණසේකර 2/69, මනුජ චන්තුක 3/48

 

Nugegoda S & WC – කිසිවෙක් නොදැවී 24 (6.0) පුලිඳු පෙරේරා නොදැවී 18

අද ආරම්භ වූ තරග සියල්ල හෙට (27) දෙවැනි දිනයටත් ක්‍රීයාත්මක වීමට නියමිතයි.

Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<