සුඛිත, සචිර සහ රන්දුණු ශතක සමාජයට එක් වේ

Major Club U23 Tournament

3
Major Club U23 Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියට තවත් ශතකලාභීන් තිදෙනෙක් අද (25) එකතු වුනා. ඒ Colts CC කණ්ඩායමේ සුඛිත මනෝජ්, BRC කණ්ඩායමේ සචිර වැලිවත්ත සහ රන්දුණු ගංගනාත්.

සුඛිත මනෝජ් පන්දු 213කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 124ක් ලබා ගත්තා. ඔහු මෙම දක්ෂතාව සිදු කළේ SSC කණ්ඩායමට එරෙහිවයි.

සචිර වැලිවත්ත සහ රන්දුණු ගංගනාත් ශතක වාර්තා කරන්නේ Tamil Union C & AC කණ්ඩායමට එරෙහිවයි. එහි දී සචිර වැල්වත්ත පන්දු පන්දු 203කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 108ක් ලබා ගත් අතර නායක රන්දුණු ගංගනාත් පන්දු 259කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 101ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

ඔවුන් දෙදෙනා 4 වැනි කඩුල්ලට පන්දු 388කට මුහුණ දෙමින් ලකුණු 205ක සබඳතාවක් ගොඩ නැගීමට ද සමත් වූවා.

මේ අතර පැවැති තරගවල දී Moors SC කණ්ඩායම වෙනුවෙන් විශාර ප්‍රනාන්දු සහ රොහාන් සංජය, Ragama CC කණ්ඩායමේ රුසඳ ගමගේ සහ කවීශ දුලාංජන Colts CC කණ්ඩායමේ හිරුන් කපුරුබණ්ඩාර අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ Kurunegala Youth CC කණ්ඩායමේ දිනුක තෙන්නකෝන්. ඔහු Moors SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 79කට කඩුලු 5ක් දවා ගත්තා.

SSC සහ Colts CC අතර තරගය කොළඹ, SSC ක්‍රීඩාංගණය

Colts CC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 339 (83.1) ශලින් ද මැල් 40, සුකිත මනෝජ් 124, හිරුන් කපුරුබණ්ඩාර 70, හිරුණ ගාල්ලගේ 31, ගිත්මින් කොළඹගේ නොදැවී 28, අක්මාල් ෆශ්ලි 2/53, ශෙහාන් හසරංග 3/54, සදිශ රාජපක්ෂ 4/119

 

SSC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 29 (9 නොදැවී 22.0) රිවිත් ජයසූරිය

Moors SC සහ Kurunegala Youth CC අතර තරගය, මුත්තයියා පාර Moors ක්‍රීඩාංගණයේ දී.

Moors SC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 300 (65.1) ඔමේෂ් මෙන්ඩිස් 47, රවිශාන් ද සිල්වා 31, විශාර ප්‍රනාන්දු 71, රොහාන් සංජය 54, චාමික ජයනන්ද නොදැවී 19, දිනුක තෙන්නකෝන් 5/79, මලිත් රත්නායක 2/63

 

Kurunegala Youth CC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 57 (22.0) වතිල උදාර 28, චාමික ජයනන්ද 2/16

Tamil Union C & AC සහ BRC අතර තරගය, බොරැල්ල P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

BRC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 297 (90.0) සචිර වැලිවත්ත 108, රන්දුණු ගංගනාත් නොදැවී 101, දිනිරු අබේවික්‍රමසිංහ නොදැවී 47, දුලාජ් සමුදිත 2/40, කවිඳු දිල්හාර 2/50

 

Ragama CC සහ Panadura SC අතර තරගය, පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී

Ragama CC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 237 (64.0) ගවිරු සෙන්හස් 46, රුසඳ ගමගේ 53, කවීශ දුලාංජන නොදැවී 69, දසිත් ගුණතිලක 20, සහන් මිහිර 3/53,

මෙම තරග සියල්ල දෙවැනි දිනයටත් (26) ක්‍රියාත්මකයි.

Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<