ඔමේෂ් සහ මිනෙත් ශතකලාභීන් ගේ ලැයිස්තුවට

Major Club U23 Tournament

103
Major Club U23 Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරග අද (24) ආරම්භ වූ අතර එම තරගවල දී ඔමේෂ් මෙන්ඩිස්, මිනෙත් ප්‍රේමරත්න සහ විජයකාන්ත් වියස්කාන්ත් දක්ෂතා දැක් විම කැපී පෙණුනා.

මේ අතුරින් අද තමන් සහභාගී වූ ඉනිම්වල දී ඔමේෂ් මෙන්ඩිස් සහ මිනෙත් ප්‍රේමරත්න යන දෙදෙනා ම මෙවර තරගාවලියේ තම මංගල ශතක වාර්තා කිරීමට සමත් වෙනවා.  ඊට අමතර ව විජයකාන්ත් වියස්කාන්ත දක්ෂතා දක්වන්නේ පන්දු යැවීමෙනුයි.

අද දවසේ කැපී පෙණනු ක්‍රීඩකයන් තිදෙනා අතුරින් Moors කණ්ඩායමේ 20 හැවිරිදි වියේ පසුවෙන ආරම්භක වමත් පිතිකරු ඔමේෂ් මෙන්ඩිස් පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහරක් සමඟින්  Tamil Union කණ්ඩායමට එරෙහි ව ලකුණු 117ක් ද සහ Bloomfield කණ්ඩායමේ 21 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරු මිනෙත් ප්‍රේමරත්න Kandy Customs කණ්ඩායමට එරෙහි ව පන්දු 169කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 103ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Tamil Union කණ්ඩායමේ 22 හැවිරිදි වියේ පසුවෙමින් පා දඟ පන්දු යවන විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 139කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

මීට අමතර ව අද පැවැති තරගවල දී Moors යෙසිත් රූපසිංහ, SSC කණ්ඩායමේ නෙතුල එදිරිමාන්න, ශෙවෝන් ඩැනියෙල්, කෙනුල් ද සොයිසා සහ සසිඳු මල්ශාන් අර්ධ ශතක ඉනිම් වාර්තා කරමින් පිතිකරුවන් ලෙසින් දක්ෂතා දක්වද්දී Kandy Customs කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන 21 හැවිරිදි වියේ පසුවෙන සෙනාශ් ප්‍රනාන්දු ලකුණු 36කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

අද ආරම්භ වූ තරගවල කෙටි ලකුණු පුවරු

Moors SC සහ Tamil Union C & AC අතර තරගය කොළඹ, Moors ක්‍රීඩාංගණයේ දී.

Moors SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 354 (72.0) ඔමේෂ් මෙන්ඩිස් 117, සෙනිත හැළඹගේ 32, යෙසිත් රූපසිංහ 92, විශාර ප්‍රනාන්දු 46, හරිඳු ජයසේකර 28, තීසාන් විතුසාන් 3/122, විජයකාන්ත් වියස්කාන්ත් 6/139

Tamil Union C & AC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 04 (5.0)

NCC සහ Ace Capital CC අතර තරගය කටුනායක, FTZ  ක්‍රීඩාංගණයේ දී.

Ace Capital CC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 119 (33.0) හිරාන් ජයසුන්දර 26, කවිඳු අමන්ත 49, සකුන ලියනගේ 25, බ්‍රයන් හංසජ 2/37, යෙනුල දෙව්තුස 2/11 

Kurunegala Youth CC සහ BRC අතර තරගය කොළඹ, SLLDC ක්‍රීඩාංගණයේ දී.

Kurunegala Youth CC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 215 (68.2) සත්සර ගමගේ 36, බුද්ධිම සහන් 29, සුධීර වීරරත්න 25, රශ්මික මධුශංක 37, සසිත පල්ලියගුරු 44, දේශාන් සෙනෙවිරත්න නොදැවී 27, දිනුක වන්නිආරච්චි 2/75, රන්දුණු ගංගනාත් 2/29

SSC සහ Ragama CC අතර තරගය කොළඹ, Bloomfield ක්‍රීඩාංගණයේ දී.

SSC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 393 (70.4) සදිශ රාජපක්ෂ 24, නෙතුල එදිරිමාන්න 92, ශෙවෝන් ඩැනියෙල් 88, කෙනුල් ද සොයිසා 62, සසිඳු මල්ශාන් 56, එශාන් මාලිංග 2/56, කවීෂ දුලාංජන 3/80, දසිත් ගුණතිලක 2/97

Ragama CC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 15 (4.0) ගවිරු සෙන්හස් නොදැවී 9

Baduraliya CC සහ CCC අතර තරගය දොඹගොඩ, යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

Baduraliya CC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 153 (60.5) දුනිත් ජයතුංග 37, සඳුන් මෙන්ඩිස් නොදැවී 30, රනේශ් සිල්වා 43, ඉනුක කරන්නාගොඩ 3/27, දෙවිඳු කැකිරිදෙණිය 2/21, සඳුන් මෙන්ඩිස් 2/47

CCC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 21 (6.0) දුල්නිත් සිගේරා නොදැවී 11

Colts CC සහ Panadura SC අතර තරගය කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී.

Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 155 (52.3) දුරංක සිල්වා 34, කවිඳු වික්‍රමසිංහ 40, යසිරු රොද්‍රිගෝ 3/37, ක්‍රිෂ්ණ ශ්‍රීරාම් 3/35, ප්‍රවීන් මනිශ 2/40

Colts CC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 141 (33.0) සුකිත මනෝජ් 26, ගිත්මින් කොළඹගේ නොදැවී 41, හිරුණ ගාල්ලගේ 30, විශ්ව ලහිරු 2/36, නවිජ ද සේරම් 3/33

Kandy Customs SC සහ Bloomfield C & AC අතර තරගය කොළඹ, තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී.

Bloomfield C & AC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 193 (65.0) අසිත වන්නිනායක 28, මිනෙත් ප්‍රේමරත්න නොදැවී 103, තරින්ද ගුරුගේ 32, ශෝන් රොද්‍රිගෝ 2/18, සෙනාශ් ප්‍රනාන්දු 5/36

මෙම තරග සියල්ල හෙට (25) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<