රවීන් ද සිල්වා කඩුලු 8ක් දවා ගනී

Major Club U23 Tournament

2

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ දී අද (16) නිමා වූ තරගයක දී  Ace Capital CC කණ්ඩායමේ රවීන් ද සිල්වා විසින් Negombo CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 58කට කඩුලු 8ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.  

21 හැවිරිදි වියේ පසුවෙන පා දඟ පන්දු යවන රවීන් ද සිල්වා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන අතර කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට එක් කළ ක්‍රීඩකයෙක්.  

මේ අතර SSC කණ්ඩායමේ රිවිත් ජයසූරිය සහ රනුද සෝමරත්න, Baduraliya SC කණ්ඩායමේ ශේන් විජේසිංහ,  Colts CC කණ්ඩායමේ ශලින් ද මෙල්, ගිත්මින් කොළඹගේ සහ ශෙරන් ෆොන්සේකා, Negombo CC කණ්ඩායමේ මිහිල් කවීන්, Ace Capital CC කණ්ඩායමේ හිරාන් ජයසුන්දර, Police SC කණ්ඩායමේ සංගීත් ශෙහාර සහ ඉරුශ ආකාශ් අර්ධ ශතක ඉනිම් වාර්තා කරමින් කැපී පෙණුන පිතිකරුවන් බවට පත් වුනා.  

පන්දු යැවීමේ දී SSC කණ්ඩායමේ සදීශ රාජපක්ෂ ලකුණු 68කට කඩුලු 6ක්, Tamil Union C & AC කණ්ඩායමේ තීසාන් විතුසාන් ලකුණු 46කට කඩුලු 5ක් සහ NCC කණ්ඩායමේ සම්පත් නිශ්ශංක ලකුණු 79කට කඩුලු 5ක් දවා ගනිමින් ද දක්ෂතා දැක් වූවා.  

අද නිමා වූ තරග අතුරින් කිසිදු තරගයක විසඳුමක් සඳහන් නොවී නිමා වීම කැපී පෙණුනා.  

Kurunegala YCC සහ Police SC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණය 

  • Kurunegala YCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 306 (82.1) දිමන්ත මහවාතාන 36, සත්සර ගමගේ 33, අමේෂ් තෙන්නකෝන් 45, රශ්මික මධුශංක 62, දිමන්ත අරූශ 44, වතිල උදාර 23, දේශාන් සෙනෙවිරත්න 43, දමිත් කප්පාගොඩ 2/38, තනුග පලිහවඩන 5/100 
  • Police SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 266 (71.1) බිහඟ මෙන්ඩිස් 26, සංගීත් ශෙහාර 92, ඉරුශ ආකාශ් 68, දමිත් කප්පාගොඩ 31, දේශාන් සෙනෙවිරත්න 2/27, දිමන්ත අරුශ 3/50 
  • Kurunegala YCC – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 08 (3.0) 

තරගයේ විසඳුමක් නෑ.  


SSC සහ Baduraliya SC අතර SSC ක්‍රීඩාංගණය, කොළඹ. 

  • SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 131 (31.0) විශාල් රුක්ෂාන් 23, රනුද සෝමරත්න 34, කෙනුල් ද සොයිසා 25, ගිහාන් බාලසූරිය නොදැවී 24, රුචිර කෝශිත 2/26, සදීප් ප්‍රනාන්දු 3/46, නිර්මල රත්නායක 4/28 
  • Baduraliya SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 210 (60.0) දිනාල් ඉඳුවර 19, යුතික ද සිල්වා 58, ශේන් විජේසිංහ නොදැවී 58, ශානික්‍ය දේශප්‍රිය 20, බී. එස්. එන්. කසුන් 22, සදීශ රාජපක්ෂ 6/68, ජිතාර සන්සික 2/35 
  • SSC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 191 (40.0) සදීශ රාජපක්ෂ 22, රිවිත් ජයසූරිය 55, රනුද සෝමරත්න නොදැවී 82, සසිඳු මල්ශාන් නොදැවී 23, රුචිර කෝෂිත 2/71, ශේන් විජේසිංහ 2/25 

තරගයේ විසඳුමක් නෑ.  


Negombo CC සහ Ace Capital CC අතර තරගය ගුවන් හමුදා ක්‍රීඩාංගණය, කටුනායක. 

  • Ace Capital CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 189 (53.0) තරිඳු අමරසිංහ 44, හිරාන් ජයසුන්දර 39, සකුන ලියනගේ 36, කවීෂ සත්සර 4/62, යොහාන් ඒශාන් 2/56 
  • Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 193 (75.2) මිහිල් කවීන් 66, සදෙව් සමරසිංහ 22, කවිඳු රණසිංහ 32, යොහාන් ඒශාන් 23, කවිඳු අමන්ත 2/63, රවීන් ද සිල්වා 8/58 
  • Ace Capital CC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 144 (40.0) හිරාන් ජයසුන්දර නොදැවී 53, සකුන ලියනගේ 45, කවීෂ සත්සර 2/38 

තරගයේ විසඳුමක් නෑ.  


Colts CC සහ Kandy Customs SC අතර තරගය Colts ක්‍රීඩාංගණය, කොළඹ. 

  • Kandy Customs SC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 319 (81.0) සදීශ ජයවර්ධන 23, තෙවිඳු දික්වැල්ල 79, සදිශාන් චමෝද්‍ය 89, සලිඳු පතිරණ 28, සහන් කෝසල 53, ඉසුරු සඳමාල් 19, ශ්‍යාම් සුන්දර් 3/80, ප්‍රවීන් මනීශ 2/100 
  • Colts CC – කඩුලු 3ක් දැවී 218 (54.0) ශලින් ද මෙල් 51, ගිත්මින් කොළඹගේ 59, සුකිත මනෝජ් 24, ශෙරන් ෆොන්සේකා නොදැවී 52, හිරුන් කපුරුබණ්ඩාර නොදැවී 23, ශක්ති උදාර 2/67 

තරගයේ විසඳුමක් නෑ.  


Panadura SC සහ Nugegoda SWC අතර තරගය මහජන ක්‍රීඩාංගණය, පානදුර. 

  • Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 267 (72.0) කාංචන ද ලිවේරා 40, සවිඳු කාවින්ද 66, කවිඳු වික්‍රමසිංහ 89, රුවිශාන් පෙරේරා 2/57, රාහුල් ගුණසේකර 2/20, මනුජ චන්තුක 2/82 
  • Nugegoda SWC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 60 (16.0) අවිශ්ක පෙරේරා නොදැවී 36 

තරගයේ විසඳුමක් නෑ. 


Tamil Union C & AC සහ NCC අතර තරගය P. Sara Oval, කොළඹ. 

  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 117 (38.4) ශරිත් සුදීන 44, කුසල් විජේතුංග 19, විහස් තෙව්මික 5/27, තීසාන් විතුසාන් 2/17 
  • Tamil Union C & AC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 276 (43.0) සිනෙත් ජයවර්ධන 105, තරිඳු හර්ෂණ 62, විජයකාන්ත් වියස්කාන්ත් 35, සම්පත් නිශ්ශංක 5/79 
  • NCC – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 169 (38.0) ශරිත් සුදීන 66, කුසල් විජේතුංග 31, විනුක රූබසිංහ 27, රමිරු පෙරේරා 25, තීසාන් විතුසාන් 5/46, කවිඳු දිල්හාර 2/35 

තරගයේ විසඳුමක් නෑ.  


CCC සහ Bloomfield C & AC අතර තරගය යුද හමුදා ක්‍රීඩාංගණය, පනාගොඩ. 

  • Bloomfield C & AC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 89 (29.0) ජයමිණි මුතුකුමාරණ 37, සඳුන් මෙන්ඩිස් 2/22 

තරගයේ විසඳුමක් නෑ.  

තරගාවලියේ තවත් තරග කිහිපයක් මේ මස 20 වැනිදා ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්වීමට නියමිතයි.  

Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<