තරුක්ෂ, දිනුක සහ කංචන දක්ෂතා දක්වයි

Major Club U23 Tournament

3
Major Club U23 Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවැති තරගවල දී තරුක්ෂ අශේල් සහ දිනුක වන්නිආරච්චි පන්දු යවන්නන් ලෙසින් දක්ෂතා දක්වද්දී කංචන ද ලිවේරා පිතිකරුවන් අතුරින් දක්ෂතා දැක් වූවා.

BRC කණ්ඩායමේ තරුක්ෂ අශේල් සහ දිනුක වන්නිආරච්චි දිනයේ දක්ෂතම පන්දු යවන්නන් ලෙසින් වර්ගීකරණයට ලක් වෙන්නේ Police කණ්ඩායමට එරෙහි ව පෑ දක්ෂතා හේතුවෙන්.

ඔවුන් අතුරින් තරුක්ෂ අශේල් පළමු ඉනිමේ දී ලකුණු 71කට කඩුලු 7ක් දවා ගන්නා ලද අතර 2 වැනි ඉනිමේ දී දිනුක වන්නිආරච්චි ලකුණු 58කට කඩුලු 6ක් ද ගනිමින් දක්ෂතා දක්වනවා.

පිතිකරුවන් අතුරින් Panadura කණ්ඩායමේ ආරම්භක පිතිකරු කංචන ද ලිවේරා පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 97ක් ලබා ගනිමින් දිනයේ කැපී පෙණෙන පිතිකරු බවට පත් වූවා.

මේ අතර Ace Capital කණ්ඩායමේ හිරාන් ජයසුන්දර සහ තරිඳු අමරසිංහ, Nugegoda කණ්ඩායමේ අවිශ්ක පෙරේරා, රාහුල් ගුණසේකර සහ අක්‍රම් මුතාලිබ්, Kurunegala Youth කණ්ඩායමේ දිමන්ත මහවිතාරණ, Ragama කණ්ඩායමේ සචිරු හංසල, Baduraliya කණ්ඩායමේ රශ්මික මෙවන් අද දවසේ දී අර්ධ ශතක වාර්තා කරමින් කැපී පෙණෙන පිතිකරුවන් බවට පත් වූවා.

පන්දු යැවීමේ දී Police කණ්ඩායමේ සංගීත් සංකල්ප BRC කණ්ඩායමට එරෙහි ව ලකුණු 75කට කඩුලු 5ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව Moors කණ්ඩායමේ යෙසිත් රූපසිංහ, Colts කණ්ඩායමේ ක්‍රිෂ්ණ ශ්‍රීරාම් සහ Panadura කණ්ඩායමේ තරුෂ් දමිඳු කඩුලු 4ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

අද නිමා වූ තරගවල දී Police කණ්ඩායමට එරෙහි ව BRC කණ්ඩායමට කඩුලු 10ක ජයක් වාර්තා කළ අතර අනෙකුත් තරග විසඳුමකින් තොරව අවසන් වූවා.

අද නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු

Moors SC සහ Ace Capital CC අතර තරගය මුත්තයියා පාර Moors ක්‍රීඩාංගණයේ දී.

Moors SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 329 (74.1) ඔමේෂ් මෙන්ඩිස් 44, රවිශාන් ද සිල්වා 35, ජනිශ්ක පෙරේරා 94, රොහාන් සංජය 22, විශාර ප්‍රනාන්දු 54, යෙසිත් රූපසිංහ 46, කවිඳු අමන්ත 3/115, සිනෙත් දිසානායක 3/76

 

Ace Capital CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 227 (62.1) හිරාන් ජයසුන්දර 64, තරිඳු අමරසිංහ 20, රවීන් ද සිල්වා 20, රවිඳු රත්නායක 40, අශාන් දිල්හාර 25, යෙසිත් රූපසිංහ 4/90, රොහාන් සංජය 2/42

 

Ace Capital CC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 143 (30.0) හිරාන් ජයසුන්දර 25, තරිඳු අමරසිංහ 50, සකුණ ලියනගේ 34, ලොහාන් ද සොයිසා 2/17

 

තරගයේ විසඳුමක් නෑ.

BRC සහ Police SC අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 245 (77.5) ලිනාල් සුබසිංහ 20, රන්දුණු ගංගනාත් 73, දිනිරු අබේවික්‍රමසිංහ 56, රිෂී අදිශ්ඨාන් 34, දමිත් කප්පාගොඩ 3/61, සංගීත් සංකල්ප 5/75

 

Police SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 142 (40.5) සංගීත් ෂෙහාර 19, ඉරුෂ ආකාශ් 34, චමත් චමුපති 20, තරුක්ෂ අශේල් 7/71, දිනුක වන්නිආරච්චි 2/52

 

Police SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 111 (36.5) සංගීත් ෂෙහාර 34, ධනුජ ඉඳුවර 24, දිනුක වන්නිආරච්චි 6/58, ලිනාල් සුබසිංහ 2/11

 

BRC – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 10 (1.5)

 

BRC කණ්ඩායමට කඩුලු 10ක ජයක්.

Kurunegala Youth CC සහ NCC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.

Kurunegala Youth CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 99 (28.5) වතිල උදාර නොදැවී 35, සම්පත් නිශාන්ත 5/29, කළණ පැතුම් 4/52

 

NCC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 174 (50.0) තිසර ඒකනායක 70, විනුක රූබසිංහ 74, ගයාන් වීරසිංහ 2/22, දිනුක තෙන්නකෝන් 4/34

 

Kurunegala Youth CC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 179 (42.0) දිමන්ත මහවිතාරණ 62, ගයන වීරසිංහ 27, රශ්මික මධුශංක 33, සුධීර වීරරත්න නොදැවි 23, දිමන්ත අරුශ නොදැවී 18, සම්පත් නිශ්ශංක 2/23, කළණ පැතුම් 2/31

 

තරගයේ විසඳුමක් නෑ.

Colts CC සහ Nugegoda S & WC අතර තරගය හැව්ලොක් ටවුන් Colts ක්‍රීඩාංගණයේ දී.

Colts CC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 355 (76.4) ශලින් ද මැල් 64, සුකිත මනෝජ් 42, හිරුන් කපුරුබණ්ඩාර 39, ශෙරන් ෆොන්සේකා 44, විශ්ව සුපුන් 36, හිරුණ ගාල්ලගේ 102, මියුරු හේශාන් 4/63, අබ්දුල් ශිරාඩ් 2/35, මනුජ චන්තුක 3/95

 

Nugegoda S & WC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 263 (94.0) දිනාන් සේනුක 23, අවිශ්ක පෙරේරා 84, රාහුල් ගුණසේකර 53, අක්‍රම් මුතාලිබ් නොදැවී 70, ක්‍රිෂ්ණ ශ්‍රීරාම් 4/62

 

තරගයේ විසඳුමක් නෑ.

Panadura SC සහ Baduraliya CC අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 280 (74.5) කංචන ද ලිවේරා 97, දුරංක සිල්වා 34, කවිඳු වික්‍රමසිංහ 25, රන්දේව් සෙනෙවිරත්න 40, විශ්ව ලහිරු නොදැවී 20, තරුශ් දමිඳු 23, රුචිර කෝෂිත 3/90, රශ්මික මෙවන් 3/44, නිර්මල රත්නායක 3/79

 

Baduraliya CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 280 (74.5) රශ්මික මෙවන් 60, ශානික්‍ය දේශප්‍රිය 33, රනේෂ් සිල්වා 31, ශේන් විජේසිංහ 28, බී. එස්. එන්. කසුන් 24, දිනෙත් වීරසිංහ 42, තරූෂ් දමිඳු 4/54, නවිජ ද සේරම් 2/50

 

තරගයේ විසඳුමක් නෑ.

Ragama CC සහ CCC අතර තරගය කිරිමණ්ඩල පාර SLLDC ක්‍රීඩාංගණයේ දී.

Ragama CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 242 (73.3) විනුශ්ක සිල්වා 23, අංජල බණ්ඩාර 36, ඉනුක කරන්නාගොඩ 30, සචිරු හංසල 59, සිතුම් සත්සිඳු නොදැවී 25, දුවිඳු රණතුංග 24, චමත් ගෝමස් 3/40, දසිත් ගුණතිලක 3/36, අශාන් ප්‍රනාන්දු 2/42

 

CCC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 63 (10.4) ගවිරු සෙන්හස් නොදැවී 36

 

තරගයේ විසඳුමක් නෑ.

Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<