හිරුන ගාල්ලගේත් ශතක සමාජයට

Major Club U23 Tournament

3
Major Club U23 Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (14) පැවැති  තරග අතුරින් Colts කණ්ඩායමේ හිරුන ගාල්ලගේ Nugegoda කණ්ඩායමට එරෙහි ව පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 102ක් ලබා ගත්තා.

ඊට අමතර ව Moors ජනිශ්ක පෙරේරා සහ විශාර ප්‍රනාන්දු, BRC කණ්ඩායමේ රන්දුණු ගංගනාත් සහ දිනිරු අබේවික්‍රමසිංහ, NCC කණ්ඩායමේ තිසර ඒකනායක සහ විනුක රූබසිංහ, Colts කණ්ඩායමේ ශලින් ද මැල්, Tamil Union ඉසිවර දිසානායක සහ දසිස් මංචනායක, SSC කණ්ඩායමේ රනුද සෝමරත්න, කවිඳු නදීශාන් සහ චමිඳු වික්‍රමසිංහ අර්ධ ශතකයක් ලබා ගනිමින් දිනයේ කැපී පෙණුන ක්‍රීඩකයන් අතරට එක් වුනා.

මේ අතර NCC කණ්ඩායමේ සම්පත් නිශ්ශංක සහ Tamil Union කණ්ඩායමේ චමොද් සඳරු කඩුලු 5ක් බැගින් ද NCC කණ්ඩායමේ කළණ පැතුම් Tamil Union කණ්ඩායමේ විහස් තෙව්මික, Chilaw Marians කණ්ඩායමේ තිමිර ඉරුශික සහ Kandy Customs කණ්ඩායමේ හිරුෂ දෙව්මික කඩුලු 4ක් බැගින් ද ලබා ගත්තා.

අද නිමාවූ තරගවල කෙටි ලකුණු පුවරු

Chilaw Marians CC සහ Tamil Union C & AC අතර තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී.

Chilaw Marians CC  – පළමු ඉනිම සියලුම දෙනා දැවී 228 (77.0) සචින් සුරේෂ් 18, අශේන් රොද්‍රිගෝ 50, ජනෙත් කෞෂාල් 26, කවිඳු නිර්මාණ 30, තිමිර ඉරුෂික 26, පැතුම් ශමින්ද නොදැවී 34, කවිඳු දිල්හාර 3/43, තීසාන් විතුසාන් 3/79, විහස් තෙව්මික 2/71

Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 282 (71.5) සිනෙත් ජයවර්ධන 18, තෙවිඳු සේනාරත්න 37, ඉසිවර දිසානායක 56, විජයකාන්ත් වියස්කාන්ත් 32, දසිස් මංචනායක 76, විහස් තෙව්මික 22, තිමිර ඉරුශික 4/103

Chilaw Marians CC  – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 110 (31.0) අභිශේක් ලියනාරච්චි 52, සචින් සුරේෂ් 37, විහස් තෙව්මික 4/21

තරගයේ විසඳුමක් නෑ.

SSC සහ Kandy Customs SC අතර තරගය කොළඹ, SSC  ක්‍රීඩාංගණයේ දී.

Kandy Customs SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 231 (58.2) සදීශ් ජයවර්ධන 26, සහන් කෝසල 109, සෙනාශ් ප්‍රනාන්දු 45, ශෙහාන් හසරංග 2/40, නිම්නක ජයතිලක 3/83, කවිඳු නදීශාන් 4/55

SSC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 302 (58.1) සදීශ රාජපක්ෂ 44, රනුද සෝමරත්න 83, කවිඳු නදීශාන් 59, චමිඳු වික්‍රමසිංහ 57, හිරුෂ දෙව්මික 4/98, ශක්ති උදාර 3/100

Kandy Customs SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 146 (42.0) සදිශාන් චමෝද්‍ය 20, රන්දුල් සමරහේවා 26, සලිඳු පතිරණ 37, හිරුෂ දෙව්මික නොදැවී 31, සදීශ රාජපක්ෂ 2/17, නිම්නක ජයතිලක 3/39, කවිඳු නදීශාන් 2/24

SSC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 51 (6.1) ෂෙවෝන් ඩැනියෙල් 20, නෙතුල එදිරිමාන්න නොදැවී 19, හිරුෂ දෙව්මික 3/27

තරගයේ විසඳුමක් නෑ.

අද ආරම්භ වූ තරග

Moors SC සහ Ace Capital CC අතර තරගය මුත්තයියා පාර Moors ක්‍රීඩාංගණයේ දී.

Moors SC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 329 (73.2) ඔමේෂ් මෙන්ඩිස් 44, රවිශාන් ද සිල්වා 35, ජනිශ්ක පෙරේරා 94, රොහාන් සංජය 22, විශාර ප්‍රනාන්දු 54, යෙසිත් රූපසිංහ නොදැවී 46, කවිඳු අමන්ත 2/115, සිනෙත් දිසානායක 3/76

BRC සහ Police SC අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

BRC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 221 (68.5) ලිනාල් සුබසිංහ 20, රන්දුණු ගංගනාත් 73, දිනිරු අබේවික්‍රමසිංහ 56, දමිත් කප්පාගොඩ 3/61, සංගීත් සංකල්ප 3/60

Kurunegala Youth CC සහ NCC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.

Kurunegala Youth CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 99 (28.5) වතිල උදාර නොදැවී 35, සම්පත් නිශාන්ත 5/29, කළණ පැතුම් 4/52

NCC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 174 (49.5) තිසර ඒකනායක 70, විනුක රූබසිංහ 74, ගයාන් වීරසිංහ 2/22, දිනුක තෙන්නකෝන් 4/34

Colts CC සහ Nugegoda S & WC අතර තරගය හැව්ලොක් ටවුන් Colts ක්‍රීඩාංගණයේ දී.

Colts CC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 355 (76.4) ශලින් ද මැල් 64, සුකිත මනෝජ් 42, හිරුන් කපුරුබණ්ඩාර 39, ශෙරන් ෆොන්සේකා 44, විශ්ව සුපුන් 36, හිරුණ ගාල්ලගේ 102, මියුරු හේශාන් 4/63, අබ්දුල් ශිරාඩ් 2/35, මනුජ චන්තුක 3/95

Nugegoda S & WC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 7 (3.0)

Panadura SC  සහ Baduraliya CC අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

Panadura SC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 86 (17.2) කංචන ද ලිවේරා නොදැවී 41, දුරංක සිල්වා 34, නිර්මල රත්නායක 2/08

මෙම තරග හෙට (14) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<