සහන් කෝසල 23න් පහළ ශතක සමාජයට

Major Club U23 Tournament

13

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (13) ආරම්භ වූ  Kandy Customs සහ SSC කණ්ඩායම් අතර තරගයේ දී Kandy Customs කණ්ඩායමේ සහන් කෝසල ශතකයක් ලබා ගැනීමට සමත් වුනා.  

Kandy Customs කණ්ඩායමේ නායකයා ද වන දකුණතින් පන්දුවට පහර දෙන සහන් කෝසල මෙම ශතක ඉනිම ක්‍රීඩා කරන්නේ තම කණ්ඩායම ලකුණු 104කට කඩුලු 6ක් දැවී ගොස් තිබියදීයි.  

එහි දී ඔහු සෙනාශ්  ප්‍රනාන්දු හා එක් වෙමින් 7 වැනි කඩුල්ලට පන්දු 128ක දී ලකුණු 106ක සබඳතාවක් එක් කරනවා. සෙනාශ් ප්‍රනාන්දු පන්දු පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා.  

8 වැනි කඩුල්ල ලෙසින් සහන් කෝසල දැවී ගිය අතර ඒ වෙද්දී ඔහු පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමඟින් ලකුණු 109ක් ලබා සිටියා.   

මේ අතර පන්දු යැවීමේ දී SSC කණ්ඩායමේ කවිඳු නදීශාන් Kandy Customs කණ්ඩායමට එරෙහි ව ලකුණු 55කට කඩුලු 4ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.  

Chilaw Marians කණ්ඩායමේ අශේන් රොද්‍රිගෝ ද Tamil Union කණ්ඩායමට එරෙහි ව අර්ධ ශතකයක් ලබා ගනිමින් දිනයේ කැපී පෙණුන ක්‍රීඩකයන් අතරට එක් වුනා.  

පැවැති තරගවල කෙටි ලකුණු පුවරු 

Chilaw Marians CC සහ Tamil Union C & AC අතර තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී. 

 

Chilaw Marians CC  – පළමු ඉනිම සියලුම දෙනා දැවී 228 (77.0) සචින් සුරේෂ් 18, අශේන් රොද්‍රිගෝ 50, ජනෙත් කෞෂාල් 26, කවිඳු නිර්මාණ 30, තිමිර ඉරුෂික 26, පැතුම් ශමින්ද නොදැවී 34, කවිඳු දිල්හාර 3/43, තීසාන් විතුසාන් 3/79, විහස් තෙව්මික 2/71 

 

Tamil Union C & AC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 49 (11.0) සිනෙත් ජයවර්ධන 18, තිමිර ඉරුශික 2/13 


SSC සහ Kandy Customs SC අතර තරගය කොළඹ, SSC  ක්‍රීඩාංගණයේ දී. 

Kandy Customs SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 231 (58.2) සදීශ් ජයවර්ධන 26, සහන් කෝසල 109, සෙනාශ් ප්‍රනාන්දු 45, ශෙහාන් හසරංග 2/40, නිම්නක ජයතිලක 3/83, කවිඳු නදීශාන් 4/55 

 

SSC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 82 (19.0) සදීශ රාජපක්ෂ නොදැවී 35, ශක්ති උදාර 2/30 

මෙම තරග හෙට (14) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.  

Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<