කවිඳු, සදීශ් සහ විතුසාන් දක්ෂතා දක්වයි

Major Club U23 Tournament

4

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 4ක් අද (09) ආරම්භ වූ අතර එහි දී කවිඳු නිර්මාණ, සදීශ් ජයවර්ධන සහ තීසාන් විතුසාන් දක්ෂතා දැක් වූවා.

Chilaw Marians කණ්ඩායමේ 20 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරු කවිඳු නිර්මාණ Ace Capital කණ්ඩායමට එරෙහි ව අද ශතකයක් ලබා ගත්තා. එහි දී ඔහු පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර  5ක් සහ හයේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 104ක් ලබා ගැනීමට සමත් වෙනවා.

Kandy Customs කණ්ඩායමේ 20 හැවිරිදි වියේ පසුවෙන දකුණත් ආරම්භක පිතිකරු සදීශ් ජයවර්ධන ද අද ශතක ලැබූවන්ගේ කණ්ඩායමට ඇතුලත් වුනා. ඔහු CCC කණ්ඩායමට එරෙහි ව පන්දු 216කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් ලකුණු 147ක් ලබා ගත්තා.

දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ Tamil Union කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන තීසාන් විතුසාන්. ඔහු Kurunegala Youth කණ්ඩායමට එරෙහි ව ලකුණු 79කට කඩුලු 7ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

මේ අතර අද පැවැති තරගවල දී Chilaw Marians චමොද් සඳරු සහ ජනෙත් කෞෂාල්, Kandy Customs කණ්ඩායමේ සලිඳු පතිරණ, Kurunegala Youth අමේෂ් තෙන්නකෝන් සහ රශ්මික මධුශංක, Tamil Union කණ්ඩායමේ තෙවිඳු සේනාරත්න සහ ඉසිරව දිසානායක, Panadura කණ්ඩායමේ යශාන් අවිශ්ක සහ ලහිරු දෙවටගේ යන අය අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී SSC කණ්ඩායමේ දකුණතින් මඳ වේග පන්දු යවන අක්මාල් ෆස්ලි ලකුණු 35කට කඩුලු 5ක් ද, Colts කණ්ඩායමේ ප්‍රවීන් මනීශ ලකුණු 44කට කඩුලු 5ක් ද සහ ගිත්මින් කොළඹගේ සහ Ragama කණ්ඩායමේ කවීෂ දුලාංජන කඩුලු 4ක් බැගින් ද දවා ගත්තා.

මේ අතර අද නිමා වීමට නියමිතව තිබූ BRC සහ Moors අතර තරගය ක්‍රීඩාංගණයේ පැවැති අයහපත් තත්ත්වය මත පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලදි.

අද ආරම්භ වූ තරගවල කෙටි ලකුණු පුවරු

Bloomfield C & AC සහ Nugegoda S & WC අතර තරගය Bloomfield ක්‍රීඩාංගණයේ දී.

Nugegoda S & WC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 155 (44.0)  අවිශ්ක පෙරේරා 46, අභිශේක් ආනන්දකුමාර 30, රාහුල් ගුණසේකර 18, මනුජ චන්තුක 28, ට්‍රෙවීන් මැතිව් 2/20, මිහිරංග සිල්වා 2/27, කවීශ පියුමාල් 4/53

Bloomfield C & AC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 43 (9.0) හසිත අමරසිංහ නොදැවී 26, කිත්ම විදානපතිරණ නොදැවී 11

Chilaw Marians CC සහ Ace Capital CC අතර තරගය කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී.

Chilaw Marians CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 315 (88.5) අභිශේක් ලියනාරච්චි 18, සුපුන් වඩුගේ 25, චමොද් සඳරු 64, ජනෙත් කෞෂාල් 59, කවිඳු නිර්මාණ නොදැවී 104, අමිත පෙරේරා 18, දනාල් හේමානන්ද 2/38, කවිඳු අමන්ත 3/66, සිනෙත් දිසානායක 3/80, රවීන් ද සිල්වා 2/66

CCC සහ Kandy Customs CC අතර තරගය NCC ක්‍රීඩාංගණයේ දී.

Kandy Customs CC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 318 (73.0) සදීශ් ජයවර්ධන 147, තෙවිඳු දික්වැල්ල 46, සදීශාන් චමෝද්‍ය 33, සලිඳු පතිරණ නොදැවී 66, දුවිඳු රණතුංග 2/31

මෙම තරග හෙට (11) 2 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.

අද අවසන් වූ තරගවල කෙටි ලකුණු පුවරු

Tamil Union C & AC සහ Kurunegala Youth CC අතර තරගය P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 159 (30.5) විජයකාන්ත් වියස්කාන්ත් 20, මොහොමඩ් ශමාස් නොදැවී 72, දේශාන් සෙනෙවිරත්න 5/51, දිනුක තෙන්නකෝන් 2/22

Kurunegala Youth CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 261 (69.3) දිමන්ත මහවිතාරණ 34, සත්සර ගමගේ 44, අමේෂ් තෙන්නකෝන් 53, රශ්මික මධුශංක 88, තීසාන් විතුසාන් 7/79, විහස් තෙව්මික 3/88

Tamil Union C & AC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 213 (32.0) සිනෙත් ජයවර්ධන 43, තෙවිඳු සේනාරත්න 63, ඉසිරව දිසානායක 85, දිමන්ත අරුශ 2/19

තරගයේ විසඳුමක් නෑ.

Colts CC සහ Ragama CC අතර තරගය Colts ක්‍රීඩාංගණයේ දී.

Ragama CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 151 (42.3) ගවිරු සෙන්හස් 30, දසිත් ගුණතිලක නොදැවී 49, අනුරාධ රණසිංහ 3/42, ගිත්මින් කොළඹගේ 3/42, ප්‍රවීන් මනීශ 2/10

Colts CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 193 (41.5) ශලින් ද මැල් 71, සුකිත මනෝජ් 32, රවිඳු රශාන්ත 44, දසිත් ගුණතිලක 2/41, චමත් ගෝමස් 2/27, ගගන් චමෝද් 2/30, කවිශ දුලාංජන 4/34

Ragama CC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 113 (36.3) චමත් ගෝමස් 24, සාහිල් ඩයස් 44, ප්‍රවීන් මනීෂ 5/44, ගිත්මින් කොළඹගේ 4/36

Colts CC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 77 (16.1) සුඛිත මනෝජ් නොදැවී 38, රවිඳු රශාන්ත 29, දසිත් ගුණතිලක 2/30, කවීශ දුලාන්ජන 2/23

Colts කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

SSC සහ Panadura SC අතර තරගය SSC ක්‍රීඩාංගණයේ දී.

Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 132 (41.1) කංචන ද ලිවේරා 31, යශාන් අවිශ්ක 29, රන්දෙව් සෙනෙවිරත්න 32, අක්මාල් ෆස්ලි 4/35, කවිඳු නදිශාන් 5/26

SSC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 164 (46.0) සදීශ රාජපක්ෂ නොදැවී 54, රනුද සෝමරත්න 29, සසිඳු මල්ශාන් 23, තරුෂ් දමිඳු 2/28, විශ්ව ලහිරු 2/52

Panadura SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 215 (60.2) යශාන් අවිශ්ක 59, ලහිරු දෙවටගේ 76, කවිඳු වික්‍රමසිංහ 40, අක්මල් ෆස්ලි 5/35, කවිඳු නදීශාන් 3/54

SSC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 159 (25.0) ශෙවෝන් ඩැනියෙල් 31, සදීශ රාජපක්ෂ 40, සසිඳු මල්ශාන් 19, රනුද සෝමරත්න 26, තරුෂ දමිඳු 3/64, විශ්ව ලහිරු 3/49

තරගයේ විඳුමක් නෑ.

BRC සහ Moors SC අතර තරගය Moors ක්‍රීඩාංගණයේ දී.

Moors SC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 179 (40.5) ඔමේශ් මෙන්ඩිස් 41, රවිශාන් ද සිල්වා 62, ජනිශ්ක පෙරේරා 19, හරිඳු ජයසේකර 19, විශාර ප්‍රනාන්දු 24, දිනුක වන්නිආරච්චි 3/60, තරුක්ෂ අශේල් 3/17

තරගයේ විසඳුමක් නෑ.

Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<