කවිඳු සහ දේශාන් දක්ෂතා දක්වයි

Major Club U23 Tournament

38
Major Club U23 Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 4ක් අද (09) ආරම්භ වූ අතර එහි දී කවිඳු නදීශාන් සහ දේශාන් සෙනෙවිරත්න දක්ෂතා දැක් වූවා.

SSC කණ්ඩායමේ නායක, වමතින් දඟ පන්දු යවන කවිඳු නදීශාන් Panadura කණ්ඩායමට එරෙහි ව ලකුණු 26කට කඩුලු 5ක් දවා ගනිමින් දවසේ කැපී පෙණෙන පන්දු යවන්නා බවට පත් වෙද්දී Kurunegala Youth කණ්ඩායමේ 21 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන දේශාන් සෙනෙවිරත්න ලකුණු 51කට කඩුලු 5ක් දවා ගත්තා.

ඊට අමතර ව SSC කණ්ඩායමේ 19 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන අක්මාල් ෆස්ලි ද කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූ පන්දු යවන්නන් අතරට එක් වූවා.

මේ අතර SSC කණ්ඩායමේ සදීශ රාජපක්ෂ, Moors කණ්ඩායමේ රවිශාන් ද සිල්වා, Tamil Union කණ්ඩායමේ මොහොමඩ් ශමාස් සහ Colts කණ්ඩායමේ ශලින් ද මැල් අර්ධ ශතක ඉනිම් වාර්තා කරමින් පිතිකරුවන් අතුරින් කැපී පෙනුණා.

අද ආරම්භ වූ තරගවල කෙටි ලකුණු පුවරු

Tamil Union C & AC සහ Kurunegala Youth CC අතර තරගය P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 159 (30.5) විජයකාන්ත් වියස්කාන්ත් 20, මොහොමඩ් ශමාස් නොදැවී 72, දේශාන් සෙනෙවිරත්න 5/51, දිනුක තෙන්නකෝන් 2/22

Kurunegala Youth CC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 67 (23.0) දිමන්ත මහවිතාරණ 34, සත්සර ගමගේ නොදැවී 26

Colts CC සහ Ragama CC අතර තරගය Colts ක්‍රීඩාංගණයේ දී.

Ragama CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 151 (42.3) ගවිරු සෙන්හස් 30, දසිත් ගුණතිලක නොදැවී 49, අනුරාධ රණසිංහ 3/42, ගිත්මින් කොළඹගේ 3/42, ප්‍රවීන් මනීශ 2/10

Colts CC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 138 (26.0) ශලින් ද මැල් 71, සුකිත මනෝජ් 32, රවිඳු රශාන්ත නොදැවී 20, දසිත් ගුණතිලක 2/38

SSC සහ Panadura SC අතර තරගය SSC ක්‍රීඩාංගණයේ දී.

Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 132 (41.1) කංචන ද ලිවේරා 31, යශාන් අවිශ්ක 29, රන්දෙව් සෙනෙවිරත්න 32, අක්මාල් ෆස්ලි 4/35, කවිඳු නදිශාන් 5/26

SSC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 164 (46.0) සදීශ රාජපක්ෂ නොදැවී 54, රනුද සෝමරත්න 29, සසිඳු මල්ශාන් 23, තරුෂ් දමිඳු 2/28, විශ්ව ලහිරු 2/52

BRC සහ Moors SC අතර තරගය Moors ක්‍රීඩාංගණයේ දී.

Moors SC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 179 (40.5) ඔමේශ් මෙන්ඩිස් 41, රවිශාන් ද සිල්වා 62, ජනිශ්ක පෙරේරා 19, හරිඳු ජයසේකර 19, විශාර ප්‍රනාන්දු 24, දිනුක වන්නිආරච්චි 3/60, තරුක්ෂ අශේල් 3/17

Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<