ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (07) අවසන් වූවා.
Colts සහ Bloomfield කණ්ඩායම් අතර හැව්ලොක් පෙදෙස Colts ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගය විසඳුමකින් තොරව අවසන් වෙද්දී අද දවසේ දී සුවිශේෂී දක්ෂතා දැක් වීමට අසිත වන්නිනායක සහ කිත්ම විදානපතිරණ සමත් වූවා.
Bloomfield කණ්ඩායම පළමු ඉනිමට ලබා ගත් ලකුණු 182 හඹා ගිය Colts ක්‍රීඩකයෝ අද තම ඉනිම ලකුණු 118කට සීමා කර ගත්තා. එම ඉනිම ඒ තරමින් අසරණ කරද්දී අසිත වන්නිනායක ලකුණු 44කට කඩුලු 5ක් දවා ගත්තා. ඊට අමතර ව ට්‍රෙවින් මැතිව්ස් කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූවා.
ලකුණු 64ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ Bloomfield කණ්ඩායම තරගය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 148ක් ලබා සිටියා.
එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු කිත්ම විදානපතිරණ පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තා.
ඊට අමතර ව විශ්ව රාජපක්ෂ පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී අනුරාධ රණසිංහ, ශැරොන් අභිශේක් සහ ක්රිෂ්ණ ශ්‍රීරාම් කඩුල්ල බැගින් දවා ගත්තා.
- ක්‍රිකට් පොඩ්ඩන්ගේ වික්‍රමාන්විත මෙහෙයුම
- චරිත් 111 වැන්නේ දී 111ක් රැස් කරයි
- ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ගේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයට දින නියම වෙයි
- 17න් පහළ යොවුන් ශූරතාව කොළඹ දකුණට
- Jay Shah සියලු දෑ අත් හැර ICC මුල් පුටුවට යයි!
අද ආරම්භ වූ තරග
Colts CC සහ Bloomfield C & AC අතර තරගය Colts ක්‍රීඩාංගණයේ දී.
Bloomfield C & AC – පළමු පෙළ සියලුම දෙනා දැවී 182 (59.4) අසිත වන්නිනායක 26, චමත් දිල්සර 26, කවීශ පියුමාල් 65, අනුරාධ රණසිංහ 3/15, ගිත්මින් කොළඹගේ 5/54
Colts CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 118 (47.1) සුඛිත මනෝජ් 19, හිරුණ ගාල්ලගේ 30, ශැරොන් අභිශේක් 19, අනුරාධ රණසිංහ 19, ට්‍රෙවින් මැතිව්ස් 4/35, අසිත වන්නිනායක 5/44
Bloomfield C & AC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 148 (36.4) කිත්ම විදානපතිරණ 61, වන්නිනායක නොදැවී 37, විශ්ව රජපක්ෂ 46
තරගයේ විසඳුමක් නෑ.
Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<