සුපුන් වඩුගේ ශතක සමාජය

Major Club U23 Tournament

5
Major Club U23 Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (05) දවසේ ද පැවැතියා.

පැවැති තරග අතුරින් Moors SC සහ Chilaw Marians CC කණ්ඩායම් අතර තරගයේ දී Chilaw Marians කණ්ඩායමේ වමත් පිතිකරු සුපුන් වඩුගේ ශතකයක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුන අතර දිනයේ කැපී පෙණෙන පන්දු යැවීමක නිරත වූයේ Moors කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන රොහාන් සංජය. ඔහු ලකුණු 70කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

සුපුන් වඩුගේ පන්දු 202කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 108ක් ලබා ගත්තා. ඊට අමතර ව ඔහු අයෝන් ප්‍රනාන්දු හා එක් ව Moors කණ්ඩායමට එරෙහි ව 3 වැනි කඩුල්ලට පන්දු 227ක දී ලකුණු 154ක සබඳතාවක් ගොඩ නැගීමට ද සමත් වූවා. එහි දී නායක අයෝන් ප්‍රනාන්දු ද පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණ 79ක් ලබා ගත්තා.

මේ අතර CCC කණ්ඩායමේ පවන් සංදේශ් ද අද අර්ධ ශතක ඉනිමක් ක්‍රීඩා කළා. ඊට අමතර ව අද අවසන් වූ NCC සහ Police SC කණ්ඩායම් අතර තරගයේ දී රමිරු පෙරේරා, Police කණ්ඩායමේ තරුෂ සිල්වා සහ සංගීත් ශෙහාර ද අර්ධ ශතක වාර්තා කළ අතර පන්දු යැවීමේ දී NCC කණ්ඩායමේ දමිත් කප්පාගොඩ දක්ෂතා දැක් වූවා.

මේ අතර ඊයේ සහ අද කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ Ace Capital සහ Kurunegala Youth කණ්ඩායම් අතර තරගයත් මෙන් ම නාරාහේන්පිට SLLDC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ Kandy Customs සහ  Ragama අතර තරගයත් අයහපත් ක්‍රීඩාංගණ තත්ත්වයක් හමුවේ අතහැර දැමුණ කාණ්ඩයට අයත් වුනා.

 

අද තරගවල කෙටි ලකුණු පුවරු

Moors SC සහ Chilaw Marians CC අතර තරගය මුත්තයියා පාර Moors ක්‍රීඩාංගණයේ දී.

Chilaw Marians CC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 321 (90.0) අභිශේක් ලියනාරච්චි 27, සුපුන් වඩුගේ 108, අයෝන් ප්‍රනාන්දු 79, අශේන් රොද්‍රිගෝ නොදැවී 44, කවිඳු නිර්මාන නොදැවී 16, රොහාන් සංජය 4/70

Panadura SC සහ CCC අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

CCC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 227 (61.0) දුල්නිත් සිගේරා 42, පෙසඳු වීරසිංහ 22, පවන් සංදේශ් 74, සඳුන් මෙන්ඩිස් 22, ඉනුක කරන්නාගොඩ 30, අනුක විජේවර්ධන නොදැවී 20, යශාන් අවිශ්ක 2/19, මෙවිඳු කුමාරසිරි 2/69

මෙම තරග ද්විත්වය හෙට (06) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

අද අවසන් වූ තරග

NCC සහ Police SC අතර තරගය NCC ක්‍රීඩාංගණයේ දී.

NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 261 (65.3) ශරිත් සුදීන 31, කුසල් වජේතුංග 24, විනුක රූබසිංහ 46, රමිරු පෙරේරා 59, විහඟ ගුණරත්න 22, යෙනුල දෙව්තුස 27, සුපුන් ප්‍රනාන්දු 2/44, දමිත් කප්පාගොඩ 4/35, තනුග පලිහවඩන 2/102

Police SC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 224 (48.0) තරුෂ සිල්වා 86, සංගීත් ශෙහාර 64, ධනුජ ඉඳුවර නොදැවී 28, ශරිත් සුදීන 2/30

තරගයේ විසඳුමක් නෑ.

Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<