ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2024 වසරේ ශූරයන් බවට පත් වීමට NCC කණ්ඩායම පසුගියදා සමත් වූවා. ඔවුන් මෙම ජයග්‍රහණය කරා පිය නගන්නේ අපරාජිතවයි.
NCC කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මඟ
ප්‍රතිවාදීන් | තරග ප්‍රතිඵල | |
Nugegoda W & SC | NCC කණ්ඩායමට කඩුලු 7ක ජයක්. | |
Ragama CC | NCC කණ්ඩායමට ලකුණු 46 ජයක්. | |
Police SC | NCC කණ්ඩායමට කඩුලු 8ක ජයක්. | |
Colts CC | NCC කණ්ඩායමට ලකුණු 11ක ජයක්. | |
අවසන් පූර්ව තරගය | ||
BRC | තරගයේ විසඳුමක් නැ. (කාසියේ වාසියේ ජය NCC ) | |
අවසාන මහා තරගය | ||
Bloomfield C & AC | NCC කණ්ඩායමට කඩුලු 8ක ජයක්. |
NCC කණ්ඩායමේ සංචිතය : නිරෝෂන් දික්වැල්ල (නායක / කඩුලු රකින්නා), පැතුම් නිස්සංක, ලහිරු උදාර, කමිල් මිෂාර, සහන් ආරච්චිගේ, චාමික කරුණාරත්න, කවින් බණ්ඩාර, චාමික ගුණසේකර, දුශ්මන්ත චමීර, ලසිත් ඇඹුල්දෙණිය සහ මතීෂ පතිරණ, අහන් වික්‍රමසිංහ, තවීෂ අභිශේක්, ලහිරු කුමාර, නිපුන් රන්සික, විනුක රූබසිංහ, රවින් සේයර්.
ජයග්‍රාහී NCC කණ්ඩායමේ මේ ගමනේ දී වඩාත් දක්ෂතා දැක් වූ පිතිකරු බවට පත් වූයේ කමිල් මිෂාර යි. ඔහු තරග 6ක ඉනිම් 5ක දී ලකුණු 142ක් ලබා ගන්නේ තරගාවලියේ ද වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් වෙමිනුයි. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 47.33ක් ලෙසින් පවත්වා ගැනීමට ද ඔහු සමත් වූවා.
ඊට අමතර ව NCC කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක නිරෝෂන් දික්වැල්ල සහ චාමික කරුණාරත්න යි. ඔවුන් දෙදෙනා ම තරග 6ක දී ලකුණු 90ක් බැගින් රැස් කළා. මේ අතුරින් චාමික කරුණාරත්න තම ලකුණු 90 ලබා ගන්නේ ඉනිම් 2ක දී පමණක් වීම කැපී පෙණුනා.
NCC කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමේ දී වැඩිම කඩුලු ලබා ගැනීමේ ගෞරවය ද චාමික කරුණාරත්න සතු වුනා. ඔහු තරග 6ක දී කඩුලු 10ක් ලබා ගැනීමට සමත් වෙන අතර එය තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා සමඟින් සම දක්ෂතා දැක් වීමක්.
ඊට අමතර ව ලසිත් ඇඹුල්දෙණිය තරග 6ක දී කඩුලු 9ක් දවා ගනිමින් ද සහ චාමික ගුණසේකර කඩුලු 6ක් ද ලබා ගනිමින් NCC කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දැක් වූවා.
මේ අතුරින් ලසිත් ඇඹුල්දෙණිය අවසන් මහා තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණා.
- NCC සහ Bloomfield අවසන් මහා තරගයට
- NCC, Bloomfield, Moors සහ BRC අවසන් 4ට
- ශ්‍රී ලංකා පිතිකරුවන් අසාර්ථක වූ තණතීරුව ගැන ICCයෙන් විශේෂ සඳහනක්!
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පාසල් සඳහා ක්‍රිකට් උපකරණ බෙදා දීමේ වැඩසටහනක්
- T20 23න් පහළ කාන්තා ශූරතාව දඹුල්ලට
තරගාවලියේ වීරයා
NCC කණ්ඩායම නියෝජනය කළ චාමික කරුණාරත්න මෙවර තරගාවලියේ වීරයා ලෙසින් අභිශේක ලැබුවා. ඔහු ඊට සුදුසුකම් ලබා ගන්නේ පිතිකරුවෙක් ලෙසින් තරග 6ක ඉනිම් 2ක දී ලකුණු 90ක් සහ කඩුලු 10ක් ලබා ගනිමින් පෑ දක්ෂතාව හේතුවෙනුයි.
තරගාවලියේ හොඳම පිතිකරු
තරගාවලියේ පළමු වටය අවසන් වන විට වැඩිම ලකුණුලාභියා ලෙසින් ඉදිරියෙන් ම සිටියේ Ace Capital කණ්ඩායමේ පවන්ත වීරසිංහයි. ඔහු තරග 4ක ඉනිම් 3ක දී ලකුණු 137ක් ලබා ගන්නවා. ඊට SSC කණ්ඩායමට එරෙහිව නොදැවී ලබා ගන්නා ලද ලකුණු 60ක් ද තියෙනවා.
ඔහු තරගාවලියේ දක්ෂත ම පිතිකරු ලෙසින් සම්මානයට පාත්‍ර වූ අතර තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූයේ NCC කණ්ඩායමේ කමිල් මිෂාර යි. ඔහු තරග 6ක ඉනිම් 5ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුනු 142ක් ලබා ගත්තා.
ඊට අමතර ව Colts කණ්ඩායමේ යශෝධ ලංකා තරග 4ක දී ලකුණු 133ක් ද, Moors කණ්ඩායමේ සොහාන් ද ලිවේරා තරග 5ක දී ලකුණු 133ක් ද සහ Colts කණ්ඩායමේ සොහාන් ද ලිවේරා තරග 4ක දී ලකුණු 124ක් ද ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ ඉදිරි පෙළ අසුන් වෙන් කර ගත්තා.
තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතුරින් ඉදිරියෙන් ම සිටින්නේ Colts කණ්ඩායමේ යශෝධ ලංකා යි. ඔහු මෙම ලැයිස්තුවේ ප්‍රමුඛයා වෙන්නේ NCC කණ්ඩායමට එරෙහි ව පන්දු 45ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 6ක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 77 හේතුවෙනු යි.
තරගාවලියේ හොඳම පන්දු යවන්නා
මෙවර තරගාවලියේ හොඳම පන්දු යවන්නා සම්මානයෙන් පිදුම් ලබන්නේ Colts කණ්ඩායමේ අකිල ධනංජය යි. ඔහු තරග 4ක දී පන්දුවාර 14.3ක් යවමින් ලකුණු 87කට කඩුලු 10ක් දවා ගන්නවා.
ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වූයේ Police කණ්ඩායමට එරෙහි ව ලකුණු 24කට දවා ගත් කඩුලු 3යි.
මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය තරග 6ක දී කඩුලු 10ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූ තරගාවලියේ වීරයා ද වූ චාමික කරුණාරත්නට හිමි වෙනවා. අනතුරු ව එම ලැයිස්තුවේ 3 වැනි ස්ථානය අවසන් මහා තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනූ NCC කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය ද සහ ඊට පසුව කඩුලු 8ක් බැගින් දවා ගත් Moors කණ්ඩායමේ දිනුක ඩිල්ශාන් ද සහ Colts කණ්ඩායමේ සනෝජ් දර්ශික ද මෙම ලැයිස්තුව හා එක් වෙනවා.
තරගාවලියේ ඉනිමක දී හොඳම පන්දු යැවීමේ වාර්තාව සතු වෙන්නේ Tamil Union කණ්ඩායමේ තීසාන් විතුසාන් වෙතයි. ඔහු Negombo කණ්ඩායමට එරෙහිව ලකුණු 20කට කඩුලු 5ක් දවා ගනිමින් එම ස්ථානයට පිවිසෙනවා.
මේ අතර තරගාවලියේ කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් එක ම පන්දු යවන්නා බවට පත් වීමට Panadura කණ්ඩායමේ නිමේෂ් විමුක්ති සමත් වූවා. ඔහු Ragama කණ්ඩායමේ රවිඳු සෙම්බකුට්ටි, නිපුන් මාලිංග සහ පුලින තරංග දවා ගනිමින් මෙම දක්ෂතාව සිදු කළා.
දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.