NCC සහ Bloomfield අවසන් මහා තරගයට

75
Major Club T20

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට NCC කණ්ඩායම සහ Bloomfield  කණ්ඩායම සමත් වූවා.  

තරගාවලියේ පළමු අවසන් පූර්ව වටයේ තරගය සඳහා එක් වූ BRC සහ NCC කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් කාසියේ වාසිය මත තරගයේ තීරණය කෙරුණ අතර ඒ අනුව NCC ක්‍රීඩකයෝ එහි වාසිය ලබා ගත්තා.  

පැවැති 2 වැනි අවසන් පූර්ව තරගයේ දී  Moors කණ්ඩායමට එරෙහි ව කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Bloomfield ක්‍රීඩකයෝ සමත් වූවා.  

ඊයේ (26) පෙරවරුවේ පැවැති BRC සහ NCC කණ්ඩායම් අතර තරගය පන්දුවාර 9ක තරගයක් ලෙසින් ක්‍රියාත්මක වූව ද එය පැවැත්වීමට හැකි වූයේ පන්දුවාර 6.2ක් පමණයි. වර්ෂාව හේතුවෙන් තරගය එතැන් සිට ඉදිරියට පවත්වා ගෙන යෑමට හැකි වූයේ නැහැ.  

ඒ වෙද්දී පළමුවෙන් පන්දුවට පහර දුන් BRC ක්‍රීඩකයෝ කඩුල්ලක් පමණක් දැවී ලකුණු 61ක් ලබා සිටියා. එහි දී රවිජ සඳරුවන් පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 39ක් ලබා ගනිමින් කැපී පෙණෙන ඉනිමක නිරත වූවා.  

පස්වරුවේ පැවැති Moors සහ Bloomfield අතර තරගය පන්දුවාර 8කට සීමා වෙමින් පැවැතියා. එහි දී පළමුවෙන් පන්දුවට පහර දුන් Moors කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 70ක් ලබා ගත් අතර එම ලකුණු ප්‍රමාණය හඹා යෑමේ දී Bloomfield කණ්ඩායමේ කඩුලු 6ක් ලකුණු 31කට දැවී ගොස් තිබණා. නමුත් එතැන් සිට පන්දු 17ක දී ලකුණු 42ක සබඳතාවක් එක් කිරීමට ලහිරු මධුශංක සහ නිපුන් කරුණානායක සමත් වීම කැපී පෙණුනා.  

ලහිරු මධුශංක පන්දු 12ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ද සහ නිපුන් කරුණානායක පන්දු 8ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 21ක් ලබා ගත්තා.  

කඩුලු ලබා ගැනීමේ දී දිනුක ඩිල්ශාන් ලකුණු 8කට කඩුලු 3ක් ද සහ ශිරාන් ප්‍රනාන්දු ලකුණු 8කට කඩුලු 2ක් ද දවා ගත්තා.  

1 වැනි අවසන් පූර්ව තරගය  

BRC සහ NCC කණ්ඩායම් අතර P. Sara Oval පිටියේ දී.  

 

BRC – කඩුල්ලක් දැවී 61 (6.2) රවිජ සඳරුවන් 39, භානුක රාජපක්ෂ නොදැවී 19, දුශ්මන්ත චමීර 1/11 

 

තරගයේ විසඳුමක් නෑ. 

 

(කාසියේ වාසිය මත තරගයේ ජයග්‍රහණය NCC කණ්ඩායමට) 

2 වැනි අවසන් පූර්ව තරගය  

Moors සහ Bloomfield කණ්ඩායම් අතර P. Sara Oval පිටියේ දී 

 

Moors – කඩුලු 9ක් දැවී 70 (8.0) සොහාන් ද ලිවේරා 21, ජනිශ්ක පෙරේරා 12, සහන් නානායක්කාර 4/13, ජෙෆ්රි වැන්ඩර්සේ 2/10 

 

Bloomfield – කඩුලු 6ක් දැවී 73 (7.3) ලහිරු මධුශංක නොදැවී 26, නිපුන් කරුණානායක නොදැවී 21, දිනුක ඩිල්ශාන් 3/08, ශිරාන් ප්‍රනාන්දු 2/08 

 

Bloomfield කණ්ඩායමට කඩුලු 4ක ජයක්.  

තරගාවලියේ NCC සහ Bloomfield කණ්ඩායම් සමඟ පැවැත්වෙන අවසන් මහා තරගය හෙට (28) කොළඹ, P. Sara Oval පිටියේ දී පැවැත්වීමට නියමිතයි.  

Major Clubs T20 තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<