NCC, Bloomfield, Moors සහ BRC අවසන් 4ට

Major Clubs T20 Tournament

164
Major Club T20 Tournament 24th June

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලට සහභාගී වූ කණ්ඩායම් අතුරින් NCC කණ්ඩායම, Bloomfield  කණ්ඩායම, Moors කණ්ඩායම සහ BRC කණ්ඩායම අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට අද (24) සුදුසුකම් ලබා ගත්තා.  

අද පැවැති තරග අතුරින් NCC කණ්ඩායම Colts කණ්ඩායමට එරෙහිව ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 11ක ජයග්‍රහණයක් ද, Moors කණ්ඩායම Ace Capital කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක ජයග්‍රහණයක් ද, BRC කණ්ඩායම Tamil Union කණ්ඩායමට එරෙහි ව ලකුණු 2ක ජයග්‍රහණයක් ද ලබා ගන්නා ලද අතර එකඳු පන්දුවක් හෝ නොයැවුණ Bloomfield සහ CCC කණ්ඩායම් අතර තරගයෙන් කාසියේ ජයග්‍රහණය කිරීමට Bloomfield කණ්ඩායම සමත් වූවා.  

ඒ අනුව පැවැත්වෙන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත් NCC කණ්ඩායම BRC කණ්ඩායම සමඟත් සහ  Bloomfield කණ්ඩායම Moors කණ්ඩායම සමඟත් තරග වැදීමට නියමිතයි. මෙම තරග ද්විත්වය P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

අද අවසන් තරගවල දී Colts කණ්ඩායම නියෝජනය කළ යශෝධ ලංකා පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 77ක් ලබා ගැනිමට සමත් වූවා. එම ඉනිම ඔහුගේ තරග 55ක් වන පළමු පෙළ විස්සයි විස්ස තරග පිටියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.  

ඊට අමතර ව Moors කණ්ඩායමේ දිනුක ඩිල්ශාන් සහ රමේෂ් මෙන්ඩිස් ද NCC කණ්ඩායමේ චාමික කරුණාරත්න ද තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වීමට සමත් වීම කැපී පෙණුනා.  

1 වැනි අර්ධ අවසන් පූර්ව තරගය (SSC) 

Colts – කඩුලු 9ක් දැවී 170 (20.0) යශෝධ ලංකා 77, දිනේෂ් චන්දිමාල් 38, සනෝජ් දර්ශික 21, චාමික කරුණාරත්න 2/28, මතීෂ පතිරණ 2/19, දුශ්මන්ත චමීර 2/37 

 

NCC – කඩුලු 6ක් දැවී 140 (15.3) නිරෝෂන් දික්වැල්ල 25, ලහිරු උදාර 22, චාමික කරුණාරත්න නොදැවී 48, අකිල ධනංජය 2/18, සනෝජ් දර්ශික 3/17 

 

NCC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 11ක ජයක්.  

2 වැනි අර්ධ අවසන් පූර්ව තරගය (P. Sara Oval) 

Bloomfield සහ CCC අතර 

වර්ෂාව හේතුවෙන් තරගය අත්හැර දැමුණ අතර කාසියේ වාසිය මත Bloomfield කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. 

3 වැනි අර්ධ අවසන් පූර්ව තරගය (P. Sara Oval) 

Ace Capital – කඩුලු 9ක් දැවී 111 (20.0) පවන්ත වීරසිංහ 48, රවිඳු රත්නායක 30, දිනුක ඩිල්ශාන් 3/06, රමේෂ් මෙන්ඩිස් 2/14 

 

Moors – කඩුලු 4ක් දැවී 115 (18.5) දිනුක ඩිල්ශාන් 24, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 32, රමේෂ් මෙන්ඩිස් නොදැවී 32 

 

Moors කණ්ඩායමට කඩුලු 6ක ජයක්.  

4 වැනි අර්ධ අවසන් පූර්ව තරගය (SSC) 

BRC – කඩුලු 5ක් දැවී 66 (8.0) භානුක රාජපක්ෂ 18, දුශාන් හේමන්ත 16, තරිඳු රත්නායක 2/08 

 

Tamil Union – කඩුලු 8ක් දැවී 64 (8.0) සිතාර හපුහින්න 27, සිනෙත් ජයවර්ධන නොදැවී 12, මොවින් සුබසිංහ 2/22, මර්වින් අභිනාශ් 2/08 

 

BRC කණ්ඩායමට ලකුණු 2ක ජයක්.  

Major Clubs T20 තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<