ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මැයි මස 16 වැනිදා සිට ආරම්භ වීමට යෝජිතයි.
පසුගිය වසරේ පැවැති මෙම තරගාවලිය සඳහා කාණ්ඩ 4ක් යටතේ කණ්ඩායම් 18ක් එක් වූ අතර මෙවර මෙම තරගාවලිය නියෝජනය කරන්නේ කණ්ඩායම් 14ක් පමණයි. ඔවුන් A සහ B ලෙසින් කාණ්ඩ දෙකක් යටතේ බෙදුණ කණ්ඩායම් 7ක් බැගින් පළමු වටයට එක් වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම තරගාවලියක් වන මේ සඳහා ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රීඩා සමාජයක් වන SSC කණ්ඩායමට මෙවර සහභාගීත්වය අහිමි වී තිබෙනවා. 2005/06 වසරේ මෙම ශූරතාව දිනා ඇති ඔවුන්ට මෙවර තරගාවලිය අහිමි වෙන්නේ පසුගියදා නිමා වූ Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ දී පළමු පෙළ වරම් අහිමි වීමත් සමඟිනුයි.
ඔවුන්ට අමතර ව පසුගිය වසරේ දී මෙම තරගාවලිය හා එක් වූ Ragama, Negombo සහ Kandy Customs කණ්ඩායම්වලට ද මෙවර තරගාවලිය අහිමි වෙනවා. ඒ ඔවුන්ට ද Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ දී පළමු පෙළ වරම් අහිමි වීමත් සමඟිනුයි.
මෙවර තරගාවලියේ දී නිමා වූ 2024 වසරේ ශූරයන් වූ NCC කණ්ඩායම A කාණ්ඩයෙන් ද සහ අනුශූරයන් වූ Bloomfield කණ්ඩායම B කාණ්ඩයෙන් ද තරග බිමට එක් වීමට නියමිතයි.
Group A :
NCC, Moors SC, CCC, Ace Capital CC, Panadura SC, Baduraliya CC, Kurunegala YCC
Group B :
Bloomfield C & AC, BRC, Colts CC, Tamil Union C & AC, Police SC, Chilaw MCC, Nugegoda S & WC
- සිංහ සහ බංගලි කොටි පැටවුන්ගේ එක්දින අරගලය
- චරිත් පළමු පෙළ හොඳම ඉනිම ක්‍රීඩා කරයි
- තුන්කොන් එක්දින තරගාවලියේ ප්‍රතිවාදීන්
- අයර්ලන්ත A කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා A කණ්ඩායමට පහසු ජයක්
- 2025 වසර සඳහා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් 45 දෙනෙකු සඳහා වාර්ෂික කොන්ත්‍රාත්තු පිරිනමයි
තරග කාලසටහන | ||||
Date | Time | Team 1 | Team 2 | Venue |
මැයි මස 16 වැනිදා
|
9.45 am | Police SC | BRC | Colts
|
2.00 pm | Nugegoda S & WC | Bloomfield C & AC | ||
9.45 am | Ace Capital CC | CCC | P. Sara
Oval |
|
2.00 pm | Panadura SC | Moors SC | ||
9.45 am | Kurunegala YCC | NCC | CCC | |
2.00 pm | Tamil Union C & AC | Colts CC | ||
මැයි මස 19 වැනිදා |
9.45 am | BRC | Nugegoda S & WC | P. Sara
Oval |
2.00 pm | CCC | Baduraliya CC | ||
9.45 am | Colts CC | Chilaw MCC | CCC
|
|
2.00 pm | Moors SC | Kurunegala YCC | ||
9.45 am | Ace Capital CC | Panadura SC | Colts
|
|
2.00 pm | Tamil Union C & AC | Police SC | ||
මැයි මස 22 වැනිදා
|
9.45 am | POLICE SC | Bloomfield C & AC | Colts
|
2. 00 pm | Baduraliya CC | Ace Capital CC | ||
9.45 am | Chilaw MCC | Tamil Union C & AC | SSC
|
|
2. 00 pm | CCC | Kurunegala YCC | ||
9.45 am | Nugegoda S & WC | Colts CC | CCC
|
|
2.00 pm | Panadura SC | NCC | ||
මැයි මස 25 වැනිදා
|
9.45 am | Moors SC | CCC | SSC
|
2. 00 pm | BRC | COLTS CC | ||
9.45 am | Police SC | Nugegoda S & WC | Colts
|
|
2. 00 pm | Baduraliya CC | NCC | ||
9.45 am | BLOOMFIELD C & AC | Chilaw MCC | CCC
|
|
2. 00 pm | Kurunegala YCC | Panadura SC | ||
මැයි මස 28 වැනිදා
|
9.45 am | NCC | CCC | P. Sara
Oval |
2. 00 pm | Nugegoda S & WC | CHILAW MCC | ||
9.45 am | BRC | Tamil Union C & AC | CCC
|
|
2. 00 pm | Colts CC | Bloomfield C & AC | ||
9.45 am | Kurunegala YCC | Baduraliya CC | NCC
|
|
2. 00 pm | Moors SC | Ace Capital CC | ||
මැයි මස 31 වැනිදා
|
9.45 am | Ace Capital CC | Kurunegala YCC | CCC
|
2. 00 pm | Bloomfield C & AC | BRC | ||
9.45 am | Panadura SC | Baduraliya CC |
NCC |
|
2. 00 pm | Tamil Union C & AC | Nugegoda S & WC | ||
9.45 am | NCC | Moors SC | P. Sara
Oval |
|
2. 00 pm | Chilaw MCC | Police SC | ||
ජුනි මස 3 වැනිදා
|
9.45 am | CCC | Panadura SC | P. Sara
Oval |
2. 00 pm | NCC | Ace Capital CC | ||
9.45 am | Bloomfield C & AC | Tamil Union C & AC | CCC
|
|
2. 00 pm | Chilaw MCC | BRC | ||
9.45 am | Baduraliya CC | Moors SC | NCC
|
|
2. 00 pm | Colts CC | Police SC |
තරගාවලියේ ප්‍රසාද ලකුණු ලබා ගන්නා පිළිවෙළ අනුව එක් එක් කාණ්ඩයෙන් කණ්ඩායම් 4ක් බැගින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා තෝරා ගන්නා අතර ඒ අනුව පැවැත්වෙන තරග ජුනි මස 5 වැනිදා P. Sara Oval පිටියේ දී සහ CCC පිටියේ දී පැවැත්වීමට නියමිතයි.
එම වටයේ ජයග්‍රාහි කණ්ඩායම් අවසන් පූර්ව වටය සඳහා එක්වෙන අතර එම තරග ජුනි මස 7 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට යෝජිතයි.
තරගාවලියේ අවසන් මහා තරගය ජුනි මස 9 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ.
Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<