පන්දු යවන්නෝ දිනය ආක්‍රමණය කරයි

Major Clubs Limited Over Tournament 2023/24

1510
Major Clubs Limited Over Tournament 2023/24

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (28) දිවයින පුරා පිහිටි ක්‍රීඩාංගණ කිහිපයකදී ම ආරම්භ වූවා.

නිමා වූ දවසේ දී පිතිකරුවන් අභිබවා පන්දු යවන්නෝ දක්ෂතා දැක් වූ අතර ඒ තුළ කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් පන්දු යවන්නෝ 7 දෙනෙක් සිටිනවා.

ඒ අතුරින් ඉදිරියෙන් ම සිටින්නේ Ace Capital කණ්ඩායමේ වනුජ සහන්. ඔහු  Badureliya කණ්ඩායමට එරෙහිව ලකුණු 33කට කඩුලු 6ක් දවා ගනිමින් දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. එය ඔහුගේ තරග 8ක List A ලැයිස්තුවේ හොඳම පන්දු යැවීමයි.

NCC කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 43කට කඩුලු 5ක් දවා ගත් අතර එය ඔහුගේ තරග 26ක් වන List A ලැයිස්තුවේ හොඳම පන්දු යැවීමයි.

Army කණ්ඩායමේ සීක්කුගේ ප්‍රසන්න ලකුණු 47කට කඩුලු 5ක් දවා ගනිද්දී BRC කණ්ඩායමේ Murvin Abinash ලකුණු 27කට කඩුලු 5ක් දවා ගත් අතර එය ඔහුගේ List A තරග 6ක හොඳම පන්දු යැවීමයි.

SSC කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය ද ලකුණු 21කට කඩුලු 5ක් දවා ගත් අතර Baduraliya කණ්ඩායමේ අයන සිරිවර්ධන ලකුණු 18කට කඩුලු 5ක් ලබා ගත්තා. එය ඔහුගේ තරග 25ක List A ලැයිස්තුවේ හොඳම දක්ෂතාවයි. Colts කණ්ඩායමේ අකිල ධනංජය ද ලකුණු 46කට කඩුලු 5ක් දවා ගත්තා.

පිතිකරුවන් අතුරින් දවසේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වූයේ Chilaw Marians කණ්ඩායමේ ආරම්භක පිතිකරු විශ්ව චතුරංග. ඔහු පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 112ක් ලබා ගත්තා.

ඊට අමතර ව NCC කණ්ඩායමේ පැතුම් නිස්සංක, Negombo කණ්ඩායමේ හිමාෂ ලියනගේ, Chilaw Marians කණ්ඩායමේ චමෝද් සඳරු, BRC කණ්ඩායමේ භානුක රාජපක්ෂ සහ Badureliya කණ්ඩායමේ අලංකාර අසංක අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

Group A

  • Tamil Union C & ACසහPolice SC

o ක්‍රීඩාංගණය – P. Sara Oval, කොළඹ.

o කාසියේ වාසිය – Police SC

Tamil Union C & AC – සියලුම දෙනා දැවී 111 (43.2) සදීර සමරවික්‍රම 17, දසිස් මංචනායක 19, නලින් ප්‍රියදර්ශන 3/34, චතුරංග කුමාර 3/19, දිලීප ජයලත් 2/18

Police SC – කඩුලු 8ක් දැවී 113 (30.0) චතුරංග ජයතිලක 20, චාමර සිල්වා 19, දිලුම් සුදීර 3/49, රවිඳු ප්‍රනාන්දු 3/18

Police කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

  • Galle CC සහ Moors SC

o ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල.

o කාසියේ වාසිය – Moors SC

Galle CC – කඩුලු 9ක් දැවී 182 (45) බුද්ධික හසරංග 36, ඉංසක සිරිවර්ධන 38, චානක දේවින්ද නොදැවී 27, තිලාන් ප්‍රශාන් 3/29, රමේෂ් මෙන්ඩිස් 3/38

Moors SC – කඩුලු 2ක් දැවී 60 (11.2) දිනුක ඩිල්ශාන් 19, ඔමේෂ් මෙන්ඩිස් 19, චානක දේවින්ද 2/16

තරගයේ විසඳුමක් නෑ.

  • Negombo CC සහ CCC

o ක්‍රීඩාංගණය – FTZ, කටුනායක.

o කාසියේ වාසිය –

CCC – සියලුම දෙනා දැවී 162 (38.0) මිනෝද් භානුක 42, චතුරංග ද සිල්වා 34, නිශාන් පීරිස් 4/27, Jatin Saxena 4/20

Negombo CC – කඩුලු 7ක් දැවී 165 (44.2) උමේෂ් ලක්ෂාන් 44, හිමාෂ ලියනගේ 54, අසිත ප්‍රනාන්දු 4/28, චතුරංග ද සිල්වා 2/31

තරගයේ විසඳුමක් නෑ.

  • NCCසහ SL Army SC

o ක්‍රීඩාංගණය – NCC, කොළඹ 07.

o කාසියේ වාසිය – NCC

SL Army SC – සියලුම දෙනා දැවී 163 (35.2) දිනේෂ් චන්දිමාල් 21, අසේල ගුණරත්න 48, තිසර පෙරේරා 29, දුෂ්මන්ත චමීර 2/15, අශේන් ඩැනියෙල් 2/42, ලසිත් ඇඹුල්දෙණිය 5/43

NCC – කඩුලු 6ක් දැවී 166 (25.1) නිරෝෂන දික්වැල්ල 26, පැතුම් නිස්සංක 73, සහන් ආරච්චිගේ නොදැවී 30, සීක්කුගේ ප්‍රසන්න 5/47

NCC කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

Group B

  •  Panadura SC සහ Chilaw Marians CC

o ක්‍රීඩාංගණය – මහජන ක්‍රීඩාංගණය, පානදුර.

o කාසියේ වාසිය – Panadura SC

Chilaw Marians CC – සියලුම දෙනා දැවී 281 (45.5) විශ්ව චතුරංග 112, රමේෂ් නිමන්ත 32, චමෝද් සඳරු 52, තික්ෂිල ද සිල්වා 40, නිමේෂ් විමුක්ති 4/61, සිනෙත් ජයවර්ධන 2/48

Panadura SC – සියලුම දෙනා දැවී 137 (27.1) විශේන් හැළඹගේ 47, නිමන්ත පීරිස් 26, නිමේෂ් විමුක්ති 27, තික්ෂිල ද සිල්වා 4/28, ඉරුශ්ක තිමිර 4/37

Chilaw Marians කණ්ඩායමට ලකුණු 144ක ජයක්.

  • BRC සහ Kandy Customs CC

o ක්‍රීඩාංගණය – BRC, හැව්ලෙක් ටවුන්.

o කාසියේ වාසිය – Kandy Customs CC

Kandy Customs CC – සියලුම දෙනා දැවී 140 (29.5) මලිඳු මදුරංග 42, දේශාන් ඩයස් 25, තෙවිඳු දික්වැල්ල 22, ඉමේෂ් උදයංග 24, Murvin Abinash 5/27, දුශාන් හේමන්ත 3/28

BRC – කඩුලු 8ක් දැවී 141 (33.3) දුලාශ් උදයංග 19, භානුක රාජපක්ෂ නොදැවී 51, මිතුන් ජයවික්‍රම 3/48, උමේෂ් උදයංග 2/25

BRC කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

  •  Bloomfield C & AC සහ SSC

o ක්‍රීඩාංගණය – Bloomfield, කොළඹ 7.

o කාසියේ වාසිය – Bloomfield

Bloomfield C & AC – සියලුම දෙනා දැවී 168 (41.1) නිපුන් කරුණානායක 20, මිනෙත් ප්‍රේමරත්න 48, මනෙල්ක ද සිල්වා 46, ලහිරු මධුශංක 27,  ප්‍රභාත් ජයසූරිය 5/21, චරිත් අසලංක 4/35

SSC – කඩුලු 8ක් දැවී 132 (35.5) අවිශ්ක ප්‍රනාන්දු 30, නිසල තාරක නොදැවී 36, සහන් නානායක්කාර 3/26, ජෙෆ්රි වැන්ඩර්සේ 2/39, සඳුන් වීරක්කොඩි 3/27

SSC කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

  • Baduraliya SC සහ Ace Capital CC

o ක්‍රීඩාංගණය – Surrey Village, මග්ගොන

o කාසියේ වාසිය – Ace Capital CC

Baduraliya SC – කඩුලු 9ක් දැවී 194 (47) අයන සිරිවර්ධන 22, අලංකාර අසංක 56, අනුක් ප්‍රනාන්දු 48, වනුජ සහන් 6/33

Ace Capital CC – සියලුම දෙනා දැවී 113 (28.2) කවිඳු අමන්ත 45, වනුජ සහන් 33, අලංකාර අසංක 4/36, අයන සිරිවර්ධන 5/18

Baduraliya කණ්ඩායමට ලකුණු 81ක ජයක්.

  • SL Air Force SC සහ Colts CC

o ක්‍රීඩාංගණය – Air Force, කටුනායක.

o කාසියේ වාසිය – Colts CC

Colts CC – සියලුම දෙනා දැවී 197 (46.4) සංගීත් කුරේ 28, ශෙරන් ෆොන්සේකා 33, හෂාන් දුමිඳු 23, දුනිත් වෙල්ලාලගේ 21, ලසඳ රුක්මාල් 2/39, මධුශංක ප්‍රේමරත්න 5/30

SL Air Force SC  – සියලුම දෙනා දැවී 118 (28.0) චාමර ප්‍රනාන්දු 42, මොවින් සුබසිංහ 21, කවිශ්ක අංජුල 2/13, දුනිත් වෙල්ලාලගේ 3/37, අකිල ධනංජය 5/46

Colts කණ්ඩායමට ලකුණු 79ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.