ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් අද (15) දවසේ දී ද ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්වුණ අතර ඒ කිසිදු තරගයක් විසඳුමක් නොමැතිව අවසන් වූවා. ඒ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේයි.
එසේ වූවත් පැවැති ඉනිම්වල දී Ragama කණ්ඩායමේ ජනිත් ලියනගේ, SSC කණ්ඩායමේ ක්‍රිශාන් සංජුල සහ දසුන් ශානක, Kurunegala Youth කණ්ඩායමේ සනෝජ් දර්ශික, Panadura කණ්ඩායමේ රමින්ද විජේසූරිය අර්ධ ශතක ලබා ගනිමින් කැපී පෙණෙන දක්ෂතා දැක් වූවා.
මේ අතර Bloomfield පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ Bloomfield C & AC සහ Ace Capital CC අතර තරගය පන්දුවක් නොයවා අතහැර දැමුණා.
Group A
- Air Force SC සහ Moors SC
- ක්‍රීඩාංගණය – ගුවන් හමුදාව, කටුනායක.
- කාසියේ වාසිය – Moors SC
Air Force SC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 86 (29.1) අභිශේක් ආනන්දකුමාර 28, ගීත් කුමාර නොදැවී 38, තීසාන් විතුසාන් 2/16
තරගයේ විසඳුමක් නෑ.
- Colts CC සහ Sebastianites C & AC
- ක්‍රීඩාංගණය – Colts CC, හැව්ලොක් පෙදෙස.
- කාසියේ වාසිය – Colts CC
Sebastianites C & AC – කඩුලු 5ක් දැවී 114 (35.5) ලොහාන් ද සොයිසා 23, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 38, සචිත ජයතිලක නොදැවී 21, අකිල ධනංජය 3/20
තරගයේ විසඳුමක් නෑ.
- Police SC සහ Ragama CC
- ක්‍රීඩාංගණය – Police SC, තිඹිරිගස්යාය
- කාසියේ වාසිය – Police SC
Ragama CC – සියලුම දෙනා දැවී 248 (50.0) සමින්ද ප්‍රනාන්දු 48, ජනිත් ලියනගේ 76, අවිශ්ක තරිඳු 32, ශෂික දුල්ශාන් 19, දිලීප ජයලත් 2/37, සුපුන් මධුශංක 3/61, හේෂාන් ධනුෂ්ක 2/08
තරගයේ විසඳුමක් නෑ.
- Tamil Union C & AC Kurunegala Youth CC
- ක්‍රීඩාංගණය – P. Sara Oval, බොරැල්ල.
- කාසියේ වාසිය – Tamil Union C & AC
Kurunegala Youth CC – කඩුලු 7ක් දැවී 160 (42.0) සනෝජ් දර්ශික නොදැවී 64, නවීන් ප්‍රනාන්දු 44, අරවින්ද ප්‍රේමරත්න නොදැවී 21, දිලුම් සුධීර 3/35, කවිඳු පතිරත්න 2/14
තරගයේ විසඳුමක් නෑ.
- සනත් ශ්‍රී ලංකා ක්රිකට් ගොඩනැගීමට එක් වෙයි!
- ශ්‍රී ලංකා යෞවනයෝ වේලාසනින් ම ගෙදර එයි
- චමෝද් සහ තනුක සුවිශේෂී කඩඉම්වලට
- ක්රිකට් ගමට ගෙනියන්න සිදත්ට සහ අරවින්දට ආරාධනා
- SSC සහ Police සම ශූරයන් වේ
Group B
- Army SC සහ Nugegoda SWC
- ක්‍රීඩාංගණය – SLAOCIC Stadium, දොඹගොඩ.
- කාසියේ වාසිය – Army SC
Army SC – සියලුම දෙනා දැවී 158 (40.5) ලක්ෂාන් එදිරිසිංහ 22, ෂෙහාන් ප්‍රනාන්දු 20, තිසර පෙරේරා 29, පැතුම් කුමාර 27, ලහිරු ගමගේ 3/22, චලන ද සිල්වා 2/33, ඩිල්ශාන් අබේසිංහ 2/31, සුවත් මෙන්ඩිස් 2/42
Nugegoda SWC – කඩුලු 4ක් දැවී 35 (10.0) රුමේෂ් බුද්ධික නොදැවී 10, කෙවින් පෙරේරා නොදැවී 10, මහීෂ් තීක්ෂණ 2/20
තරගයේ විසඳුමක් නෑ.
- SSC සහ Kandu Customs CC
- ක්‍රීඩාංගණය – SSC, කොළඹ 7.
- කාසියේ වාසිය – KCCC
SSC – කඩුලු 7ක් දැවී 301 (50.0) අවිශ්ක ප්‍රනාන්දු 42, ක්‍රිශාන් සංජුල 93, කුසල් මෙන්ඩිස් 19, නුවනිඳු ප්‍රනාන්දු 36, දසුන් ශානක නොදැවී 68, මිතුන් ජයවික්‍රම 3/47
තරගයේ විසඳුමක් නෑ.
- BRC සහ Panadura SC
- ක්‍රීඩාංගණය – BRC, හැව්ලොක් ටවුන්.
- කාසියේ වාසිය – BRC
Panadura SC – කඩුලු 7ක් දැවී 148 (34.0) රමින්ද විජේසූරිය නොදැවී 69, යශෝද ලංකා 28, මොහොමඩ් ෂිරාශ් 3/21, Murvin Abinash 2/31
තරගයේ විසඳුමක් නෑ.
- NCC සහ Chilaw Marians CC
- ක්‍රීඩාංගණය – NCC, කොළඹ 7.
- කාසියේ වාසිය – NCC
Chilaw Marians CC – කිසිවෙක් නොදැවී 26 (2.3) විශ්ව චතුරංග නොදැවී 23
තරගයේ විසඳුමක් නෑ.
තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<