ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (13) අවසන් වූ පළමු අවසන් පූර්ව තරගයෙන් කඩුලු 10ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට Sebastianites ක්‍රීඩකයෝ සමත් වූවා.
කොළඹ 07, NCC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ ප්‍රතිවාදීන් වූයේ Badureliya කණ්ඩායම වූ අතර එම ජයග්‍රහණයත් සමඟින් Sebastianites ක්‍රීඩකයෝ මෙම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
ඔවුන් නිමා වූ Major Clubs තුන්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතර සිටිම නිසා එළඹෙන වසරේ සිට පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අහිමි කර ගත්ත ද මෙම තරගාවලියේ දී පෑ දක්ෂතා කාගෙත් අවධානයට ලක් වුණා.
කාසියේ වාසිය දිනා ගත් Sebastianites නායක ප්‍රමෝද් මධුවන්ත පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව Badureliya කණ්ඩායමේ නායක අලංකාර අසංක වෙත බාර කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 108ක් පමණයි.
ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි Sebastianites ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 112ක් ලබා ගත්තා. ඒ තරගය අවසන් වීමට තවත් පන්දුවාර 27ක් ඉතිරිව තිබියදීයි.
නාය ගිය Badureliya කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ රොහාන් සංජයයි. ඔහු පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා. ඔහුත් සමඟ එක් වූ දුනිත් ජයතුංග පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා අතර 6 වැනි කඩුල්ලට පන්දු 63කදී ලකුණු 28ක සබඳතාවක් එක් කළා.
කාසියේ වාසිය දිනාගත් නායකයා ගත් තීරණය සාධාරණීය කරණය කළ Sebastianites පන්දු යවන්නෝ තරගයට පිවිසෙන්නේ ප්‍රතිවාදී කණ්ඩායමේ පළමු කඩුලු ත්‍රිත්වය පන්දු 14ක් තුළ දවා ගනිමිනුයි. ඒ වෙද්දී ඔවුන් Badureliya කණ්ඩායමට ලබා දී තිබුණේ ලකුණු 11ක් පමණයි.
ඉන් නොනැවතුණ ඔවුන් අවසන් කඩුලු 4 ද පන්දු 63ක් තුළ ලකුණු 18ක් පමණක් ලබා දෙමින් දවා ගැනිමට සමත් වෙනවා.
Badureliya කණ්ඩායම අමාරුවේ දැමීමේ දී චරිත් රාජපක්ෂ, තරිඳු රත්නායක සහ ඉසිත විජේසුන්දර කඩුලු 2 බැගින් දවා ගත් අතර ප්‍රමෝද් මධුවන්ත, දුශාන් විමුක්ති සහ චාමිකර එදිරිසිංහ කඩුල්ල බැගින් බෙදා ගත්තා.
- වනිඳුගේ T20 අභිශේක මංගල්‍යය
- චරිත් – ජනෙත් සහ වනිඳු වැඩ ඇල්ලු 2024
- Sebastianites, Colts, SSC සහ Baduraliya ඉදිරියට
- 19න් පහළ ලෝක කුසලාන ඉතිහාසය
- SSC සහ Police සම ශූරයන් වේ
ලකුණු 109ක හඹායන පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසියේ තුලින ඩිල්ශාන් සහ නවිඳු විතානගේ. ඔවුන් දෙදෙනා පළමු පන්දුවාර 10 තුළ ලකුණු 42ක් ලබා ගනිමින් තරගයට හොඳ ආරම්භයක් ලබා ගත්තා. එය දිගින් දිගට ම පත්වාගත් ඔවුන් පන්දු 135ක් තුළ ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගැනීමට සමත් වූවා.
ඒ වෙද්දී තුලින ඩිල්ශාන් පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ද සහ නවිඳු විතානගේ පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ද ලබා සිටියා.
තුලින ඩිල්ශාන් අද රැස් කළේ තම තරග 22ක් වූ List A ලැයිස්තුවේ මංගල අර්ධ ශතකයයි. එමෙන් ම නවිඳු විතානගේ ද අද වාර්තා කළේ තරග 57ක් වන List A ලැයිස්තුවේ තම හොඳම ඉනිමයි.
පළමු අවසන් පූර්ව තරගය, NCC, කොළඹ 07, ජනවාරි 13, 2024, Major Clubs Limited Over Tournament
Badureliya SC – සියලුම දෙනා දැවී 108 (42.2) දුනිත් ජයතුංග 18, රොහාන් සංජය 27, ඉසිත විජේසුන්දර 2/22, චරිත් රාජපක්ෂ 2/15, තරිඳු රත්නායක 2/18
Sebastianites C & AC – කිසිවෙක් නොදැවී 112 (22.3) තුලින ඩිල්ශාන් නොදැවී 53, නවිඳු විතානගේ නොදැවී 53
Sebastianites කණ්ඩායමට කඩුලු 10ක ජයක්.
මෙම තරගාවලියේ SSC කණ්ඩායම සහ Colts CC කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය හෙට (14) කොළඹ 07, NCC ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<