ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරග 2ක් අද (20) පැවැතියා.
එම තරගවල දී දවසේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වීමට Police කණ්ඩායමේ දකුණතින් මඳ වේග පන්දු යවන හිමේෂ් රාමනායක සමත් වූවා. ඔහු BRC කණ්ඩායමට එරෙහි ව ලකුණු 18කට කඩුලු 5ක් දවා ගත්තා. එය ඔහුගේ මෙතෙක් පළමු පෙළ එක්දින තරග 35ක හොඳම පන්දු යැවීමයි.
ඊට අමතර ව අද දවසේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් වූයේ BRC කණ්ඩායමේ දකුණත් පිතිකරු ඩිල්ශාන් ද සොයිසා යි. ඔහු Police කණ්ඩායමට එරෙහි ව ලකුණු 71ක් ලබා ගත්තා. මේ අතර Police කණ්ඩායමේ නදීර බාලසූරිය ද අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූවා.
BRC කණ්ඩායමේ වමතින් මඳ වේග පන්දු යවන චමින්ද බණ්ඩාර ලකුණු 16කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
මේ අතර Nugegoda සහ Kurunegala Youth කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය අතර මඟ දී අතහැර දැමුණා.
- B කාණ්ඩය
Police SC සහ BRC අතර දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
BRC – සියලුම දෙනා දැවී 154 (44.1) ඩිල්ශාන් ද සොයිසා 71, ලිනාල් සුබසිංහ 34, හිමේෂ් රාමනායක 5/18
Police SC – කඩුලු 9ක් දැවී 134 (28.0) විශාද් රන්දික 46, නදීර බාලසූරිය 51, චමින්ද බණ්ඩාර 4/16, මොවින් සුබසිංහ 2/21, දුලාජ් අශේන් 2/06
BRC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 5ක ජයක්.
Nugegoda W & SC සහ Kurunegala Youth CC අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණය
Nugegoda W & SC – කඩුලු 2ක් දැවී 84 (21.0) ඩිලාන් ජයලත් 41, තිලකරත්න සම්පත් 22, කවික ඩිල්ශාන් 2/15
තරගයේ විසඳුමක් නෑ.
Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<