නිමේෂ් විමුක්තිට කඩුලු ත්‍රිත්වයක්

88
Major Club 50 Over Tournament

Panadura ක්‍රීඩා සමාජයේ 27 වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන නිමේෂ් විමුක්ති අද Ragama කණ්ඩායමට එරෙහි ව කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළා. ඔහුගේ ගොදුරු බවට පත් වූයේ රවිඳු සෙම්බකුට්ටි, නිපුන් මාලිංග සහ පුලින තරංගයි.

රාගම ඉනිමේ 22 වැනි පන්දු වාරයේ 4 වැනි, 5 වැනි සහ 6 වැනි පන්දුවල දී ඔහු මේ කඩුලු ත්‍රිත්වය වාර්තා කළ අතර එය ඔහු විසින් යැවුණ සිවු වැනි පන්දු වාරයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (19) විවිධ ක්‍රීඩාංගණවල දී පැවැති අතර එහි දී නිමේෂ් විමුක්ති පෑ දක්ෂතාව පමණක් මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වූයේ නැහැ. ඔවුන් Ragama කණ්ඩායම හමුවේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 3ක පරාජයකට මුහුණ දුන්නා.

මේ අතර Colts කණ්ඩායමේ ආරම්භක පිතිකරු යශෝධ ලංකා Kandy Customs කණ්ඩායමට එරෙහි ව පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 9ක් සමඟින් ලකුණු 138ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ එක්දින තරග දිවියේ 2 වැනි ශතකය වූ අතර මෙවර තරගාවලියේ වාර්තා වූ 3 වැනි ශතකයයි.

අද තරගවල දී කැපී පෙණෙන ක්‍රීඩකයන් අතරට Panadura කණ්ඩායම නියෝජනය කරන 19 වියැති කාංචන ද ලිවේරා ද එක් වූවා. ඔහු තරග 5ක් වන තම පළමු පෙළ එක්දින තරග පිටියේ මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට අද සමත් වූවා.

ඊට අමතර ව Chilaw Marians කණ්ඩායමේ අශාන් රන්දික ද අර්ධ ශතකයක් ලබා ගනිමින් කැපී පෙණෙන ඉනිමක් ක්‍රීඩා කළා.

මේ අතර අද පැවැත්වීමට නියමිතව තිබූ Tamil Union C & AC සහ SSC අතර තරගය ක්‍රීඩාංගණයේ පැවැති අයහපත් තත්ත්වය සහ වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණ අතර තරග කිහිපයකට ම වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත විසඳුණ තරග කිහිපයක් ද මේ අතර වූවා.

 

  • A කාණ්ඩය

Negombo CC සහ Bloomfield C & AC අතර Bloomfield ක්‍රීඩාංගණයේ දී.

Negombo CC – සියලුම දෙනා දැවී 55 (13.4) ඩිල්ශාන් මුණවීර 18, ලහිරු මධුශංක 2/05, සහන් නානායක්කාර 2/16, ජෙෆ්රි වැන්ඩර්සේ 2/11, ට්‍රෙවීන් මැතිව්ස් 2/07

Bloomfield C & AC – කඩුලු 5ක් දැවී 59 (11.5) රවිඳු ප්‍රනාන්දු 16, කසුන් අබේරත්න නොදැවී 12, නිශාන් පීරිස් 2/17, වරුණ ඉමේශාන් 2/15

Bloomfield කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

Ace Capital CC සහ Chilaw Marians CC අතර කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී.

Chilaw Marians CC – සියලුම දෙනා දැවී 186 (44.3) අශාන් රන්දික 62, චතුමාල් නිමේෂ් 20, සිතුම් දිසානායක 3/45, වනුජ සහන් 4/31

Ace Capital CC – කඩුලු 3ක් දැවී 137 (27.5) තනුක දාබරේ 36, සම්මු අශාන් නොදැවී 31, සකුන ලියනගේ නොදැවී 44, චමෝද් සඳරු 2/32

Ace Capital කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 7ක ජයක්.

Ragama CC සහ Panadura SC අතර දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

Panadura SC – කඩුලු 6ක් දැවී 182 (43.0) කාංචන ද ලිවේරා 59, ඔෂඳ ප්‍රනාන්දු 21, රමේෂ් නිමන්ත 46, විශ්ව ලහිරු නොදැවී 18, රවිශ්ක විජේසිරි 3/38

Ragama CC – කඩුලු 7ක් දැවී 123 (24.3) රන්මිත් ජයසේන 19, සංතුශ් ගුණතිලක 39, රවිඳු සෙම්බකුට්ටි 28, විශ්ව ලහිරු 2/13, නිමේෂ් විමුක්ති 3/19

Ragama කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 3ක ජයක්.

  • B කාණ්ඩය

Badureliya SC සහ CCC අතර මග්ගොන Surrey Village ක්‍රීඩාංගණයේ දී.

Badureliya SC – සියලුම දෙනා දැවී 96 (36.2) දුනිත් ජයතුංග 16, ඉසුරු උදාන 2/16, ඉනුක කරන්නාගොඩ 2/05, සොනාල් දිනූෂ 3/23

CCC – කඩුලු 3ක් දැවී 41 (8.0) පවන් පතිරාජ 14, රුචිර කෝෂිත 2/14

තරගයේ විසඳුමක් නෑ.

Colts CC සහ Kandy Customs CC අතර තර්ස්ටන් පිටියේ දී.

Colts CC – කඩුලු 6ක් දැවී 236 (30.0) යශෝධ ලංකා 138, ශෙරාන් ෆොන්සේකා 46, මුදිත ලංක්ෂාන් නොදැවී 21, උස්මාන් ඉශක් 2/54, කෞමාල් නානායක්කාර 2/37

Kandy Customs CC – කඩුලු 4ක් දැවී 176 (30.0) තෙවිඳු දික්වැල්ල 25, සතිත් මනුරංග 46, සහන් කෝසල 39, සලිඳු පතිරණ නොදැවී 49, සනෝජ් දර්ශික 2/25

Colts කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 72ක ජයක්.

Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<