කවික සහ යොහාන් හොඳම පන්දු යැවීම් වාර්තා කරයි

Major Club 50 Over Tournament 2024

77
Major Club 50 Over Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවැති තරගවල දී කවික ඩිල්ශාන් සහ යොහාන් මද්දගේ තම පළමු පෙළ එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම් වාර්තා කිරීමට සමත් වූවා.

Kandy Customs කණ්ඩායමේ පා දඟ පන්දු යවන නායක, යොහාන් මද්දගේ තම පළමු පෙළ තරග 21ක හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ Kurunegala Youth කණ්ඩායමට එරෙහි ව ලකුණු 32කට කඩුලු 6ක් දවා ගනිමිනුයි.   

එමෙන් ම Kurunegala Youth කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන කවික ඩිල්ශාන් ද අද තම පළමු පෙළ එක්දින තරගවල හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඒ Kandy Customs කණ්ඩායමට එරෙහි ව ලකුණු 21කට කඩුලු 3ක් දවා ගනිමිනුයි.

මේ අතර මෙම තරගාවලියේ මෙතෙක් සහභාගී වූ තරග 3 දී ම පිට පිට අර්ධ ශතක ඉනිම් ත්‍රිත්වයක් වාර්තා කිරීමට Moors කණ්ඩායමේ ජනිශ්ක පෙරේරා සමත් වීම ද කැපී පෙණුනා. ඔහු මේ දක්වා සහභාගී වූ Kandy Customs, Nugegoda සහ CCC කණ්ඩායම්වලට එරෙහි ව මෙලෙස අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.  

අද පැවැති තරගවල දී ජනිශ්ක පෙරේරාට අමතර ව CCC කණ්ඩායමේ නිශාන් මධුශ්ක, Colts කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල්, Tamil Union කණ්ඩායමේ සඳුන් වීරක්කොඩි, Ace Capital කණ්ඩායමේ තනුක දාබරේ සහ Panadura කණ්ඩායමේ ලහිරු දවටගේ ද අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.  

  • A කාණ්ඩය 

NCC සහ Bloomfield C & AC අතර NCC ක්‍රීඩාංගණයේ දී. 

 

NCC – කඩුලු 8ක් දැවී 238 (50.0) නිරෝෂන් දික්වැල්ල 40, ලහිරු උදාර 38, කමිල් මිෂාර 34, සහන් ආරච්චිගේ 36, අශේන් ඩැනියෙල් නොදැවී 26, ට්‍රෙවීන් මැතිව් 2/27, රවිඳු ප්‍රනාන්දු 2/23 

 

Bloomfield C & AC – සියලුම දෙනා දැවී 161 (40.2) හසිත බෝයගොඩ 20, නිපුන් කරුණානායක 26, ලහිරු මධුශංක 27, ජෙෆ්රි වැන්ඩර්සේ 19, චාමික කරුණාරත්න 2/29, ලසිත් ඇඹුල්දෙණිය 2/25, සහන් ආරච්චිගේ 2/25 

 

NCC කණ්ඩායමට ලකුණු 77ක ජයක්

Negombo CC සහ Chilaw Marians CC අතර කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී. 

 

Negombo CC – සියලුම දෙනා දැවී 47 (25.4) සජිත විතානගේ 19, රජින්ද පුංචිහේවා 2/12, කවිඳු නිර්මාන 2/15, අශාන් රන්දික 3/08, අමිත පෙරේරා 3/10 

 

Chilaw Marians CC – කඩුලු 2ක් දැවී 50 (7.3) අභිශේක් ලියනාරච්චි නොදැවී 29 

 

Chilaw Marians කණ්ඩායමට කඩුලු 8ක ජයක්. 

Tamil Union C & AC සහ Ace Capital CC අතර P Sara Oval ක්‍රීඩාංගණයේ දී. 

 

Tamil Union C & AC – සියලුම දෙනා දැවී 196 (44.1) සඳුන් වීරක්කොඩි 98, සිනෙත් ජයවර්ධන 30, සිතාර හපුහින්න 18, වනුජ සහන් 4/22, පවන්ත වීරසිංහ 3/29 

 

Ace Capital CC – කඩුලු 3ක් දැවී 200 (38.0) තනුක දාබරේ 62, සිතාර ගිම්හා

න් 35, පවන්ත වීරසිංහ 22, සම්මු අශාන් නොදැවී 37, සකුන ලියනගේ නොදැවී 32, තරිඳු රත්නායක 2/49 

Ace Capital කණ්ඩායමට කඩුලු 7ක ජයක්.  

SSC සහ Panadura SC අතර SSC ක්‍රීඩාංගණයේ දී. 

 

Panadura SC – සියලුම දෙනා දැවී 163 (28.4) ඔෂඳ ප්‍රනාන්දු 40, ලහිරු දවටගේ 51, කසුන් රාජිත 2/40, ගිශාන් බාලසූරිය 3/37, කවිඳු නදීශාන් 2/08 

 

SSC – කඩුලු 2ක් දැවී 168 (27.1) ශෙවොන් ඩැනියෙල් 46, ක්‍රිශාන් සංජුල 44, නිපුන් ධනංජය නොදැවී 27, දිමුත් කරුණාරත්න නොදැවී 46, විශ්ව ලහිරු 2/28 

 

SSC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.  

  • B කාණ්ඩය 

Badureliya SC සහ Nugegoda  W & SC අතර මග්ගොන Surrey Village ක්‍රීඩාංගණයේ දී. 

 

Nugegoda  W & SC – සියලුම දෙනා දැවී 139 (43.0) අක්‍රම් මුතාලිබ් 22, සුපුන් කාවින්ද 29, කවින් පෙරේරා නොදැවී 19, නිර්මල රත්නායක 2/16, අලංකාර අසංක 2/38, සදීප් කවිශ්ක 4/26 

 

Badureliya SC – කඩුලු 9ක් දැවී 143 (45.5) දුනිත් ජයතුංග 24, ලහිරු ගමගේ නොදැවී 29, ඩිල්ශාන් අබේසිංහ 2/30, ඉංසක සිරිවර්ධන 3/26, තිලකරත්න සම්පත් 2/28 

 

 Badureliya කණ්ඩායමට කඩුල්ලක ජයක්. 

 

Moors SC සහ CCC අතර Bloomfield ක්‍රීඩාංගණයේ දී. 

 

CCC – කඩුලු 7ක් දැවී 161 (22.0) නිශාන් මධුශ්ක 68, ලසිත් කෲස්පුල්ලේ 18, ටිලංග උදේශන 2/31, ගරුක සංකේත් 3/29 

 

Moors SC – කඩුලු 9ක් දැවී 87 (22.0) ජනිශ්ක පෙරේරා 50, ලක්ෂාන් සඳකැන් 4/15 

 

CCC කණ්ඩායමට ලකුණු 74ක ජයක්.  

Colts CC සහ BRC අතර දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී

Colts CC – සියලුම දෙනා දැවී 163 (46.2) දිනේෂ් චන්දිමාල් 71, සනෝජ් දර්ශික 20, චමින්ද බණ්ඩාර 3/37, මර්වින් අභිනාශ් 2/29, මොවින් සුබසිංහ 2/16 

 

BRC – සියලුම දෙනා දැවී 121 (38.3) සවින් ගුණසේකර 20, මොහොමඩ් ෂිරාස් නොදැවී 27, මුදිත ලක්ෂාන් 2/22, සනෝජ් දර්ශික 4/34 

 

Colts කණ්ඩායමට ලකුණු 42ක ජයක්.  

Kurunegala Youth CC සහ Kandy Customs CC අතර කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී. 

 

Kandy Customs CC – සියලුම දෙනා දැවී 109 (37.4) නදුන් දිසානායක නොදැවී 48, අකිල ඩිල්ශාන් 16, කසුන් ඒකනායක 3/21, කවික ඩිල්ශාන් 6/21 

 

Kurunegala Youth CC – සියලුම දෙනා දැවී 97 (27.2) කමේෂ් නිර්මාල් 35, චතුර රන්දුණු 15, කෞමාල් නානායක්කාර 2/32, යොහාන් සුරේෂ් 6/32 

 

Kandy Customs කණ්ඩායමට ලකුණු 12ක ජයක්. 

Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<