ජනිශ්ක, ඩිල්ශාන් සහ සොහාන් සුවිශේෂී කඩඉම්වලට

Major Club 50 Over Tournament 2024

76
Major Club 50 Over Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (13) පැවැති තරගවල දී Moors කණ්ඩායමේ ජනිශ්ක පෙරේරා සහ සොහාන් ද ලිවේරා ද Nugegoda කණ්ඩායමේ ඩිල්ශාන් අබේසිංහ ද තම පළමු පෙළ එක්දින තරගවල සුවිශේෂී කඩඉම් වාර්තා කිරීමට සමත් වූවා.

Moors කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජනිශ්ක පෙරේරා පන්දු 138කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 97ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ එක්දින තරග 18ක හොඳම ඉනිම බවට ද පත් වුනා.

දිනයේ හොඳම පන්දු යැවීමේ ගෞරවය ලබා ගන්නේ Nugegoda කණ්ඩායමේ දකුණතින් මඳ වේග පන්දු යැවූ ඩිල්ශාන් අබේසිංහ. ඔහු Moors කණ්ඩායමට එරෙහි ව ලකුණු 39කට කඩුලු 5ක් දවාගත් අතර එය ඔහුගේ පළමු පෙළ එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වුනා.

මේ අතර අද පැවැති Nugegoda සහ Moors කණ්ඩායම් අතර තරගයේ දී Moors කණ්ඩායමේ කඩුලු රැකි ක්‍රීඩක සොහාන් ද ලිවේරා දවා ගැනීම් 6කට සහභාගී වීම ද කැපී පෙණුනා. එය ඔහුගේ පළමු පෙළ එක්දින තරග හා එක් වෙන්නේ තරගයක දී වැඩිම දවා ගැනීම් ප්‍රමාණයකට දායක වූ අවස්ථාව ලෙසයි.

මේ අතර Moors කණ්ඩායමේ පසිඳු සූරියබණ්ඩාර, Nugegoda කණ්ඩායමේ කෙවින් පෙරේරා, Colts කණ්ඩායමේ රවිඳු රසාන්ත, Bloomfield කණ්ඩායමේ ලහිරු මධුශංක, Ragama රවිඳු සෙම්බුකුට්ටි සහ පුලින තරංග, SSC කණ්ඩායමේ දිමුත් කරුණාරත්න සහ Ace Capital කණ්ඩායමේ පවන්ත වීරසිංහ අර්ධ ශතක ඉනිම් ලබා ගැනීමට සමත් වූවා.

මේ අතර අද පැවැති තරගවල දී Ace Capital, CCC සහ Moors තමන් මුහුණ දුන් 2 වැනි තරග ද ජයග්‍රහණය කිරීමට සමත් වූවා.

  • A කාණ්ඩය

Bloomfield C & AC සහ Ragama CC අතර Bloomfield ක්‍රීඩාංගණයේ දී.

 

BloomfieldC & AC – කඩුලු 6ක් දැවී 218 (26.0) නිපුන් කරුණානායක 34, ලහිරු මධුශංක 66, සචිත ජයතිලක නොදැවී 41, ජෙෆ්රි වැන්ඩර්සේ නොදැවී 23, සංතුශ් ගුණතිලක 2/23, නිපුන් මාලිංග 2/32

 

Ragama CC – කඩුලු 9ක් දැවී 204 (26.0) ගවිරු සෙනහස් 24, රවිඳු සෙම්බුකුට්ටි නොදැවී 68, පුලින තරංග 69, ඉසිත විජේසුන්දර 2/38, ට්‍රෙවීන් මැතිව්ස් 3/27

 

Bloomfield කණ්ඩායමට ලකුණු 14ක ජයක්.

Negombo CC සහ Tamil Union C & AC අතර කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී.

 

Tamil Union C & AC – සියලුම දෙනා දැවී 184 (37.0) සඳුන් වීරක්කොඩි 39, මොහොමඩ් ශමාස් 36, සිතාර හපුහින්න 36, අයන සිරිවර්ධන 21, චනුර ප්‍රනාන්දු 2/35, ඩිල්ශාන් මුනවීර 2/37, පසිඳු උස්හෙට්ටිගේ 2/30

 

Negombo CC – සියලුම දෙනා දැවී 139 (33.2) නිශාන් පීරිස් 19, ශෙෂාන් ප්‍රනාන්දු 34, තීසාන් විතුසාන් 3/22, තරිඳු රත්නායක 3/33, මිරංග වික්‍රමගේ 2/32

 

Tamil Union කණ්ඩායමට ලකුණු 45ක ජයක්.

SSC සහ Ace Capital CC අතර දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

 

SSC – සියලුම දෙනා දැවී 157 (42.3) දිමුත් කරුණාරත්න 79, රනුද සෝමරත්න 19, රවිඳු රත්නායක 2/16, සම්මු අශාන් 2/31, තනුක දාබරේ 3/31

 

Ace CapitalCC – කඩුලු 5ක් දැවී 162 (38.4) පවන්ත වීරසිංහ 79, සම්මු අශාන් 39, ප්‍රමෝද් මධුශාන් 2/24

 

Ace Capital කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

  • B කාණ්ඩය

Badureliya SC සහ Kandy Customs CC අතර මග්ගොන Surrey Village ක්‍රීඩාංගණයේ දී.

 

Badureliya SC – සියලුම දෙනා දැවී 141 (43.1) සසංක නිර්මාල් 45, දුනිත් ජයතුංග 25, රනේෂ් සිල්වා 31, උස්මාන් ඉශක් 4/16, අකිල ඩිල්ශාන් 2/21, කෞමාල් නානායක්කාර 2/17

 

Kandy Customs CC – කඩුලු 8ක් දැවී 142 (40.5) තෙවිඳු දික්වැල්ල 21, නඳුන් ඩිල්ශාන් 32, සහන් කෝසල 19, කළණ විජේසිරි 21, නාලක තේනුවර 25, අලංකාර අසංක 2/39, සදීප් කවිශ්ක 3/24, සසංක නිර්මාල් 2/16

 

Kandy Customs කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

Nugegoda S & WC සහ Moors SC අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.

 

Moors SC – කඩුලු 9ක් දැවී 229 (49.0) ජනිශ්ක පෙරේරා 97, පසිඳු සූරියබණ්ඩාර 75, රමේෂ් මෙන්ඩිස් 19, තිලකරත්න සම්පත් 3/34, ඩිල්ශාන් අබේසිංහ 5/39

 

Nugegoda S & WC – කඩුලු 8ක් දැවී 178 (49.0) තිලකරත්න සම්පත් 29, කෙවින් පෙරේරා නොදැවී 58, මිලාන් රත්නායක 3/26, රමේෂ් මෙන්ඩිස් 2/21

 

Moors කණ්ඩායමට ලකුණු 51ක ජයක්.

Police SC සහ CCC අතර P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

 

CCC – සියලුම දෙනා දැවී 196 (33.5) නිශාන් මධුශ්ක 19, ලසිත් කෲස්පුල්ලේ 19, සොනාල් දිනූෂ 36, අශාන් ප්‍රියංජන් 47, චාරුක ප්‍රමෝද් 3/23, දමිත් කප්පාගොඩ 3/24, දිලුම් සුදීර 2/32

 

Police SC – සියලුම දෙනා දැවී 130 (30.0) ධනුජ ඉඳුවර 43, රශ්මික හිරුශාන් 23, චමිඳු විජේසිංහ 2/15, චතුරංග ද සිල්වා 4/26, දුවිඳු රණතුංග 2/20

 

CCC කණ්ඩායමට ලකුණු 66ක ජයක්.

Kurunegala Youth CC සහ Colts CC අතර කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.

 

Kurunegala Youth CC – කඩුලු 8ක් දැවී 178 (50.0) හසිත් පෙරේරා 21, කමේෂ් නිර්මාල් 25, රශ්මික මධුශංක 42, තරින්ද විජේසිංහ 20, අකිල ධනංජය 2/28

 

Colts CC – කඩුලු 6ක් දැවී 179 (29.5) යශෝද ලංකා 31, දිනේෂ් චන්දිමාල් 45, රවිඳු රසාන්ත 57, තරින්ද විජේසිංහ 2/13

 

Colts කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<