ශෙෂාන් මංගල ශතකය රැස් කරයි

Major Club 50 Over Tournament 2024

3
Major Club 50 Over Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග අද (05) නිමා වූ අතර ඒ අනුව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට SSC, Moors SC, CCC සහ Ace Capital යන කණ්ඩායම් සමත් වුනා.

මේ අතර අද පැවැති තරගවල දී කැපී පෙණෙන පිතිකරු බවට පත් වීමට Negombo ක්‍රිකට් සමාජයේ පන්දු ශෙෂාන් ප්‍රනාන්දු පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තා. එය ඔහුගේ 25ක් වන පළමු පෙළ එක්දින තරගවල මංගල ශතකයයි.

ඊට අමතර ව SSC කණඩායමේ සදීෂ රාජපක්ෂ, Tamil Union කණ්ඩායමේ ලහිරු සමරකෝන්, Ragama කණ්ඩායමේ සමින්ද ප්‍රනාන්දු, Chilaw Marians කණ්ඩායමේ චමෝද් සඳරු, BRC කණ්ඩායමේ මර්වින් අභිනාශ්, Nugegoda කණ්ඩායමේ පුලිඳු පෙරේරා සහ කවින් පෙරේරා

 Badureliya කණ්ඩායමේ චානක කොමසාරු ලකුණු 21කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වෙමින් දිනයේ හොඳම පන්දු යවන්නා බවට පත් වෙද්දී Ragama කණ්ඩායමේ කල්හාර සේනාරත්න ද ලකුණු 28කට කඩුලු 5ක් දවා ගත්තා. එය ඔහුගේ තරග 29ක හොඳම පන්දු යැවීමයි.

අද පැවැති තරගවල කෙටි ලකුණු පුවරු

  • A කාණ්ඩය

SSC සහ Negombo CC අතර තරගය  SSC ක්‍රීඩාංගණයේ දී.

Negombo CC – කඩුලු 7ක් දැවී 264 (50.0) කේශාන් වන්නිආරච්චි 27, සදෙව් සමරසිංහ 29, ශෙශාන් ප්‍රනාන්දු 104, හිමාෂ ලියනගේ 32, අක්මාල් ෆස්ලි 3/49, නුවනිඳු ප්‍රනාන්දු 3/49

SSC – කඩුලු 8ක් දැවී 268 (50.0) සදීෂ රාජපක්ෂ 75, ක්‍රිශාන් සංජුල 34, නුවනිඳු ප්‍රනාන්දු 28, දසුන් ශානක 27, රනුද සෝමරත්න 19, දිනරු කළුපහන නොදැවී 43, කවිඳු නදිශාන් 20, ඩිල්ශාන් මුණවීර 3/41, නිශාන් පීරිස් 3/41

SSC කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

Tamil Union C & AC සහ Ragama CC අතර තරගය P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

Tamil Union C & AC – සියලුම දෙනා දැවී 204 (37.0) සඳුන් වීරක්කොඩි 34, සනුක ගලගොඩ 27, අයන සිරිවර්ධන 19, ලහිරු සමරකෝන් 54, කල්හාර සේනාරත්න 5/28, ශෂික දුල්ශාන් 3/56

Ragama CC – කඩුලු 4ක් දැවී 205 (39.3) ගවිරු සෙන්හස් 32, සමින්ද ප්‍රනාන්දු 85, සංතුශ් ගුණතිලක 42, චමත් ගෝමස් නොදැවී 18, අයන සිරිවර්ධන 2/38

Ragama කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

Chilaw Marians CC සහ Panadura SC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.

Chilaw Marians CC – කඩුලු 7ක් දැවී 157 (42.5) සුමින්ද ලක්ෂාන් 34, චමෝද් සඳරු නොදැවී 59, ඩිල්ශාන් සංජීව 23, සහන් මිහිරාන් 2/22, විශ්ව ලහිරු 3/19

වර්ෂාව හේතුවෙන් තරගය නතර කෙරුණ අතර ඒ අනුව තරගයේ විසඳුමක් නෑ.

  • B කාණ්ඩය

Nugegoda SWC සහ BRC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.

BRC – කඩුලු 9ක් දැවී 204 (50.0) දුලාජ් අශේන් 32, මර්වින් අභිනාශ් නොදැවී 96, මහේන්දිරන් කවිලන් 27, ඩිල්ශාන් අබේසිංහ 2/30, තිලකරත්න සම්පත් 2/33, මනුජ චන්තුක 2/43, සුපුන් කාවින්ද 2/24

Nugegoda SWC – සියලුම දෙනා දැවී 181 (41.5) පුලිඳු පෙරේරා 72, කවින් පෙරේරා 53, චමින්ද බණ්ඩාර 2/46, දුලාජ් අශේන් 2/30, මර්වින් අබිනාශ් 2/32, චමීර දිසානායක 2/42

BRC කණ්ඩායමට ලකුණු 23ක ජයක්.

Moors SC සහ  Kurunegala YCC අතර තරගය කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී.

Kurunegala YCC – සියලුම දෙනා දැවී 120 (48.5) ඩිල්හාර පොල්ගම්පොළ 25, අමේෂ් තෙන්නකෝන් 31, ශිරාන් ප්‍රනාන්දු 2/18, ප්‍රවීන් ජයවික්‍රම 3/30, රොහාන් සංජය 3/18

Moors SC – කඩුලු 5ක් දැවී 123 (28.3) දිනුක ඩිල්ශාන් 26, පසිඳු සූරියබණ්ඩාර 31, රොහාන් සංජය නොදැවී 25, කසුන් ඒකනායක 2/18, අරවින්ද ප්‍රේමරත්න 2/37

Moors කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

Colts CC සහ Badureliya SC අතර Colts ක්‍රීඩාංගණයේ දී.

Colts CC – සියලුම දෙනා දැවී 60 (24.5) රවිඳු රසාන්ත 20, අලංකාර අසංක 3/12, චානක කොමසාරු 5/21

Badureliya SC – කඩුලු 4ක් දැවී 60 (12.2) ලියෝ ෆ්‍රැන්සිස්කෝ නොදැවී 23, මුදිත ලක්ෂාන් 3/18

Badureliya කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<