විශ්ව සහ වැන්ඩර්සේ දක්ෂතා දක්වයි

SLC Major Club 3 Day Tournament

29
Major Club 3 Day Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරග අද (02) අවසන් වෙද්දී දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයන් බවට පත් වීමට විශ්ව චතුරංග සහ ජෙෆ්රි වැන්ඩර්සේ සමත් වුනා.

Chilaw Marians කණ්ඩායම නියෝජනය කරන විශ්ව චතුරංග Colts කණ්ඩායමට එරෙහි ව ශතකයක් ලබා ගත් අතර එය අද දවසේ වාර්තා වූ එක ම ශතකය බවට ද පත් වුනා. ඔහු පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 118ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ සිව් වැනි ශතකයයි.

පන්දු යැවීමේ දී Bloomfield කණ්ඩායමේ ජෙෆ්රි වැන්ඩර්සේ Badureliya කණ්ඩායමට එරෙහි ව ලකුණු 66ක කඩුලු 6ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

මේ අතර Ragama කණ්ඩායමේ ජනිත් ලියනගේ, Badureliya  කණ්ඩායමේ ගිහාන් කෝරලගේ, Ace Capital කණ්ඩායමේ වනුජ සහන් සහ Ace Capital කණ්ඩායමේ ඉරෝෂ් සමරසූරිය අද අර්ධ ශතක ඉනිම් වාර්තා කරද්දී  Ragama කණ්ඩායමේ කල්හාර සේනාරත්න සහ Negombo කණ්ඩායමේ දනුශ්ක සඳරුවන් කඩුලු 5ක් බැගින් දවා ගත්තා.

අද නිමා වූ තරග අතුරින් Bloomfield කණ්ඩායම Badureliya කණ්ඩායමට එරෙහි ව ඉනිමක සහ ලකුණු 47ක ජයග්‍රහණයක් වාර්තා කළ අතර ඒ සමඟින් ඔවුන් එම කාණ්ඩයේ පළමු වැනියා වෙමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු වැනියන් වන NCC කණ්ඩායම හා සමඟ පැවැත්වෙන එම තරගය මේ මස 5 වැනිදා සිට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සිව් දින තරගයක් ලෙසින් ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගවල කෙටි ලකුණු පුවරුව

Ace Capital CC සහ Panadura SC අතර තරගය කොළඹ පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී.

  • Panadura – පළමු ඉනිම සියලුම දෙනා දැවී 249 (64.2) ඔෂද ප්‍රනාන්දු 42, ඉරෝෂ් සමරසූරිය 37, රමින්ද විජේසූරිය 77, රුමේෂ් බුද්ධික 31, කේශර නුවන්ත 26, වනුජ සහන් 2/91, රොෂාන් ජයතිස්ස 2/62, මෙලන් හංසක 5/41
  • Ace Capital – පළමු ඉනිම සියලුම දෙනා දැවී 268 (79.5) පවන්ත වීරසිංහ 34, තනුක දාබරේ 33, හිරාන් ජයසුන්දර 23, රවිඳු රත්නායක 46, වනුජ සහන් නොදැවී 70, රොෂාන් ජයතිස්ස 26, කේශර නුවන්ත 5/77, නිමේෂ් විමුක්ති 4/49
  • Panadura – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 111 (29.0) ඔෂද ප්‍රනාන්දු 27, ඉරෝෂ් සමරසූරිය නොදැවී 57, ලහිරු දවටගේ 24, වනුජ සහන් 2/47

තරගයේ විසඳුමක් නෑ.

Colts CC සහ Chilaw Marians CC අතර තරගය කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී.

  • Chilaw Marians – පළමු ඉනිම සියලුම දෙනා දැවී 210 (72.5) විශ්ව චතුරංග 34, කසුන් විදුර 49, රවීන් යසස් 43, රජින්ද පුංචිහේවා 24, ඩිල්ශාන් මදුශංක 3/50, අකිල දනංජය 4/75, දුනිත් වෙල්ලාලගේ 2/30
  • Colts – පළමු ඉනිම සියලුම දෙනා දැවී 274 (66.4) සනෝජ් දර්ශික 30, ඇන්ජලෝ මැතිව්ස් 31, ධනංජය ලක්ෂාන් නොදැවී 32, මුදිත ලක්ෂාන් 45, කවිශ්ක අංජුල නොදැවී 39, තික්ෂිල ද සිල්වා 2/34, සුමින්ද ලක්ශාන් 3/79, දුශාන් විමුක්ති 3/47, චමෝද් සඳරු 2/45
  • Chilaw Marians – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 229 (47.0) විශ්ව චතුරංග 118, චමෝද් සඳරු නොදැවී 28, අකිල දනංජය 3/71, ඇන්ජලෝ මැතිව්ස් 3/60

තරගයේ විසඳුමක් නෑ.

Bloomfield C & AC සහ Badureliya SC අතර තරගය කොළඹ, Bloomfield ක්‍රීඩාංගණයේ දී.

  • Badureliya – පළමු ඉනිම සියලුම දෙනා දැවී 87 (19.5) චානක රුවන්සිරි 21, ලහිරු මදුශංක 4/38, ඉසිත විජේසුන්දර 3/08, රවිඳු ප්‍රනාන්දු 3/31
  • Bloomfield – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 365 (62.0) රොන් චන්ද්‍රගුප්ත 119, අසිත වන්නිනායක 63, රවිඳු ප්‍රනාන්දු නොදැවී 114, නිපුන් කරුණානායක නොදැවී 51
  • Badureliya – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 231 (44.4) කවිඳු අමන්ත 42, ගිහාන් කෝරලගේ නොදැවී 69, ගීත් කුමාර 49, දුනිත් ජයතුංග 24, රවිඳු ප්‍රනාන්දු 3/76, ජෙෆ්රි වැන්ඩර්සේ 6/66

Bloomfield කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 47ක ජයක්.

Ragama CC සහ Negombo CC අතර තරගය මග්ගොන, Surrey Village ක්‍රීඩාංගණයේ දී.

  • Negombo – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 246 (54.0) කවීන් ප්‍රනාන්දු 54, පසිඳු ලක්ශංක 41, හිමාෂ ලියනගේ 53, ඇන්ජලෝ ජයසිංහ 27, ප්‍රමෝද් මදුවන්ත නොදැවී 29, උපුල් ඉන්ද්‍රසිරි නොදැවී 18, කල්හාර සේනාරත්න 5/86, හරීන් රත්නමුදලි 2/36
  • Ragama – කඩුලු 6ක් දැවී 174 (54.0) සමින්ද ප්‍රනාන්දු 35, ගවිර සෙන්හස් 49, ජනිත් ලියනගේ 50, දනුශ්ක සඳරුවන් 5/32

තරගයේ විසඳුමක් නෑ.

SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<