ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයෙන් අද (23) පැවැති තරගවල දී ලසිත් කෲස්පුල්ලේ සහ කවික ඩිල්ශාන් තම පළමු පෙළ තරගවල ඉහළ ම දක්ෂතා දැක්වීමට සමත් වුනා.
ඒ අතුරින් CCC කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ BRC කණ්ඩායමට එරෙහි ව පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 10ක් සමඟින් ලකුණු 163ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග 61ක හොඳම ඉනිමයි. මෙය ඔහු මෙවර තරගාවලියේ වාර්තා කරන ලද 3 වැනි ශතකයයි.
අද දවසේ හොඳම පන්දු යැවීම මෙන් ම තම පළමු පෙළ තරග 33ක හොඳම පන්දු යැවීම ද වාර්තා කිරීමට Kurunegala Youth කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන කවික ඩිල්ශාන් සමත් වුනා. ඔහු මෙම දක්ෂතාව දැක් වූයේ NCC කණ්ඩායමට එරෙහි ව ලකුණු 103කට කඩුලු 6ක් දවා ගනිමිනුයි.
දිනයේ කැපී පෙණෙන දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතරට CCC කණ්ඩායමේ පවන් රත්නායක, NCC කණ්ඩායමේ කමිල් මිෂාර, කවින් බණ්ඩාර සහ අශේන් ඩැනියෙල් අර්ධ ශතක ඉනිම් වාර්තා කරමින් එක් වුනා.
මේ අතර පන්දු යැවීමේ දී BRC කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර CCC කණ්ඩායමට එරෙහි ව ලකුණු 83කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
අද පැවැති තරග ද්විත්වය ම විසඳුමකින් තොරව අවසන් වූ අතර ඒ අනුව Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ පළමු වටයේ තරග අදින් අවසන් වෙනවා. එහි දී ප්‍රසාද ලකුණු 114.985ක් ලබා ගනිමින් පළමු ස්ථානයට පත් NCC කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.
එහි 2 වැනි ස්ථානය ප්‍රසාද ලකුණු 101.83ක් ලබා ගත් Moors කණ්ඩායම ද සහ 3 වැනි ස්ථානය ප්‍රසාද ලකුණු 91.855ක් ලබා ගත් CCC කණ්ඩායම ද හිමි කර ගත්තා.
තරගාවලියේ අවසන් ස්ථාන ද්විත්වය හිමිකර ගත් SSC (ප්‍රසාද ලකුණු 41.72) සහ Kandy Customs (ප්‍රසාද ලකුණු 28.675) කණ්ඩායම්වලට එළැඹෙන වසරේ Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ ස්ථාන අහිමි වූවා.
- Moors සහ Tamil ජයග්‍රහණ වාර්තා කරයි
- අංජල සහ කමිල් හොඳම ඉනිම් වාර්තා කරයි
- දසුන් ශානකට දඩ!
- නවසීලන්ත සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් ක
- සංගාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා Masters සංචිතය නම් කරය
තරගවල කෙටි ලකුණු පුවරුව
Kurunegala Youth CC සහ NCC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.
- NCC – පළමු ඉනිම සියලුම සියලුම දෙනා දැවී 504 (121.5) නිරෝෂන් දික්වැල්ල 22, කමිල් මිෂාර 151, අහන් වික්‍රමසිංහ, සහන් ආරච්චිගේ 167, කවින් බණ්ඩාර 73, චාමික කරුණාරත්න නොදැවී 20, රන්දීර රණසිංහ 2/50, කවික ඩිල්ශාන් 4/108
- Kurunegala Youth – පළමු ඉනිම සියලුම දෙනා දැවී 182 (37.4) ධනුශ්ක ධර්මසිරි 44, ගයාන් මනීශාන් 33, රශ්මික මධුශංක 36, ලහිරු කුමාර 3/21, අසේල් සිගේරා 5/47
- NCC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 285 (72.0) කමිල් මිෂාර 53, කවින් බණ්ඩාර 83, අශේන් ඩැනියෙල් 50, ලහිරු කුමාර 31, ලහිරු ජයරත්න 3/56, කවික ඩිල්ශාන් 6/103
- Kurunegala Youth – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 64 (11.0) දිල්හාර පොල්ගම්පළ නොදැවී 36
තරගයේ විසඳුමක් නෑ.
CCC සහ BRC අතර තරගය කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී.
- CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 478 (98.2) ලසිත් කෲස්පුල්ලේ 51, ධනංජය ද සිල්වා 83, අංජල බණ්ඩාර 190, පවන් සංදේශ් 62, ඉනුක කරන්නාගොඩ 55, කේශාන් විජේරත්න 4/103, මාලින්ද පුෂ්පකුමාර 2/160, චාමික හීනටිගල 3/62
- BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 249 (79.5) චාමික හීනටිගල 62, සචිර වැලිවත්ත 65, දිනිරු අබේවික්‍රමසිංහ 36, අරුල් ප්‍රගාසම් 24, විශ්ව ප්‍රනාන්දු 3/55, චමිඳු විජේසිංහ 2/39, ඉනුක කරන්නාගොඩ 3/56
- CCC – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 356 (66.0) ලසිත් කෲස්පුල්ලේ 163, පවන් රත්නායක 70, චමිඳු විජේසිංහ 35, ධනංජය ලක්ෂාන් 27, මාලින්ද පුෂ්පකුමාර 5/83, චමික හීනටිගල 2/122
තරගය විසඳුමක් නෑ.
SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<